සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රභාත් අල්විස් මහතාට අද දැනුම් දුන්නේය
පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා හිඹුටාන හන්දියට ගිය බව මතක නමුත් ඉන් එහා මතකය ඇත්තේ ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයැයි දුමින්ද සිල්වා රහස් පොලිසියට දන්වා ඇත.
කොළොන්නාවේ වෙඩි තැබීම ගැන හෝ වෙනත් කිසිවක් තමාට මතක නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.
ඔහුට සැත්කම කළ ශල්‍ය වෛද්‍යවරුද රූප සටහන් ආශ්‍රයෙන් ප්‍රකාශයක් කළ බවත් තවත් සැත්කමක් ඔහුට කල යුතු බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය
මේ අතර භාරතගේ දියණිය හිරුණිකා උසාවියට අපහාස කළැයි මතුකළ ප්‍රශ්නය පිළිබඳව තින්දුව තවම සූදානම් නැතිබව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඹුටාන හන්දියට ගියා මතකනම් වෙඩි වදිනකල් සිදුවුන හැමදේම මතක තියෙන්න ඕනෙනෙ.. අපට නම් විශ්වාස කරන්නත් බැහැ.. කොහොමද ඒ ටික විතරක් අමතක වෙන්නෙ කියලා..(නු)
මතක් උනත් කියයි යැ (දී)
දුමින්ද ලංකා වට එන්නේ නැත්තේ ... අත්අඩංගුවට ගනී කියල බයට නෙමේ..(නු)
පව්... ඇඩෙනවා තනි ඇහැට..(නු)
හොදම විකට නලුවාට හිමි සම්මානය ලැබේවි...!!(නු)
දැං කොහොමද ලංකාවට ඇවිල්ලා ඇමතිකං කරන්නෙ.. මෙහෙම අමතක වෙනවානම්.. දැමම එන්නත් බැරිවෙයි ලංකාවට...(නු)
සමහර මන්ත්‍රීලට නම් ඡන්දෙන් පස්සේ මේවගේ දේවල් වෙනවා...!!(නු)
මරයි නේ ..... මටනම් පිස්සු වගේ අනේ... දේශප්‍රේමී අපි ඕව විස්වාස කරනවා අනේ.... (ස)
ගජිනී හතරවන කොටස..ලගදීම..(නු)
මේක තමයි ආසියාවේ සැබෑ ආශ්චර්යය... (නි)
හක් හක් හක්.. එක ඇහැකට හිනායද්දි අනිත් ඇහැට ඇඬෙනව මේ වගේ දේවල් වෙද්දි..!!(නු)
එතකොට අගමැතිතුමා බලන්න ඇවිත් හොදට කතා කරල ප්‍රතිකාර කරලා ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා කිව්වා කියලා අගමැතිතුමානෙ කිව්වෙ..? රටේ දෙපුරවැසියා බොරු කියනවාද නැත්නම් සී.අයි.ඩී එක කියන්නෙ බොරුද?(නු)
මට හිතාගන්න බැරි අගමැතිතුමාද වැරදි සී.අයි.ඩී. එකද නැත්නම් මේවා බලන අහන අපිද?(නු)
දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නේ මේකටයි.. මෙයා දැං මැරි මැරී උපදිනවා.. මුළු අනාගතයම ඉවරයිනෙ.. මේක හොද ආදර්ශයක් අපේ අයටත්.. වැරදි හදාගෙන ඉදිරියට යන්න...(නු)
ඊළග ඡන්දෙදි අපි මතක් කරලා දෙන්නම්...(නු)
මුලත් මතකයි.. අගත් මතකයි.. ඇයි මැද අමතක උනේ.. මොලේට බුලට් එක වැදිල තියෙන්නෙ හරි මැදට වෙන්න ඇති..?(නු)
අපි හදමු ගජිනි ෆිල්ම් එක ලංකාවේ (දී)
ලංකාව ලැජ්ජාවට පත්කරන්න එපා...(නු)
මේක උසාවිය පිළිගත්තොත් ඒක තවත් විහිළුවක් වේවි.!(නු)
කොහොමත් දේශපාලඥයන්ට තමන් කරන දේවල් මතක හිටින්නෙ නැහැ.. නීතියෙන් නිදහස් උනත් මනසින් නිදහසක් ලැබෙන එකක් නැහැ.. (නු)
මතකයට බලපාන ඉන්ද්‍රියේ ප්‍රශ්නයන්ද දන්නේ නෑ...(ස)
ඔපරේෂන්එකෙන් ඒ මතක කෑල්ල අරන් දාලද දන්නෙ නැහැ...(නු)
ඇත්තටම මතක නැද්ද?(නු)
මේකනම් වැරදීමක්.. සී.අයි.ඩී. එක මුණගැහුණෙ නැතිද දන්නෙ නෑ.. ඒගොල්ල වෙන කොහෙ හරි ගිහිං ඇවිල්ල බොරැද කොහෙද කියනවා.. මෙහෙම අමතක වෙනවාද?(නු)
සීඅයිඩී. එකේ අය සිංගපූරුවෙ වෙන කොහෙ හරි ගිහන්ද කොහෙද? උසාවියට බොරු කියනවා.. මේක උනදා සිට කොච්චරනම් බොරු කිව්වද?(නු)
අනේ පව් අනේ.. හිඹුටානට ගියා මතකයි.. ජයවර්ධනපුර රෝහලටත් ගියා මතකයි.. අතර මැද උනු අපරාධය පොඩ්ඩක්වත් මතක නැහැ.. පව් නේද මෙයා.?(නු)
ආයෙත් මේ කතා පටන්ගත්තද? මොකුත් මතක නැහැල්ලු...ඔහුට මතක නැද්ද ? එහෙම නම් ඒ රෝහලේම අපේ අගමැතිතුමාගේ සුවදුක් බලන්න ගිය එක මතක තියනවලුද ? (නි)
ඕක ගැන වැඩිය හිතන්න එපා. චිප් එකෙන් ඒ කොටස මකලා දමලා. වාසනාව තමයි අප්පා. අනේ මටත් පුලුවන් නම් මගේ ජීවිතේත් අමිහිරි තැන් ටික මකාගෙන එන්න. හැබැයි හෘද සාක්ෂියට බොරුනම් කරන්න බැහැ මහත්තයෝ. හැබැයි නීතිඥ මහත්තයෝ, ඔය හම්බකරන සල්ලිවලින් දරුවන්ට නම් උගන්වන්න එපා මහත්තයෝ. (නි)
බෝනික්කෝ පෙට්ටියක් යවමුද නළවා නළවා ඉන්න.පවු.පොඩි එකා. (නි)
අනෙක් අපරාධකාරයින්ට වගේ පොලිසියට ගෙන්නලා ටිකක් සැළකුවා නම් කොහොමද? (නි)
අහින්සකයෙක් ඔය කතාව කියල තිබුනනම් ඔලුවට පොලු පාරක් දිලඇති ගිය ආත්මෙ එවත් මතක් වෙන්න...
හිඹුටානට එන්න කලිං ඒවාවත් මතකද?(නු)
මොකුත්ම මතක නැද්ද???(නු)
අනේ මෙහෙමත් ලංකාවක්? මෙහෙම උපදෙස් දෙන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා. (නි)
දුමින්ද සිල්වාට සිංගපූරුවෙ බැංකු ගිණුමක් තියෙනවාද?(නු)
අපි බොරුවට ලේ පුච්චා ගන්න අවශ්‍ය නැහැ.අපි වෙන දෙයක් ගැන කතා කරමු. (නි)
තමන් හම්බ කරපු සල්ලි ගැනත් මතක නැද්ද දන්නේ නැහැ.එහෙම වුණොත් නම් ෂෝක් නේද? (නි)
එතකොට කොහොමද අගමැතිතුමාව බලන්න ආවේ? දැන්ද මතකය නැති වුණේ? (නි)
මට මතකත් නෑ..... (ස)
නියමයි නියමයි. ඔන්න ආශ්චර්යය කරා පිය නගන්න තවත් පිය ගැට පෙළක්..... (නි)
හොඳ වෙලාවට අමතක වුණේ..... (ස)
මේවගේ දේවල්වලින් අධිකරණයට අපහාසයක් වෙන්නෙ නැද්ද?(නු)
මෙමරි චිප් එකට හානි සිදුවෙලා වගේ...අළුත් සිම් එකක් දාන්න වෙයි ............ (නි)
මේවාට වග කියන්න ඕන ආණ්ඩුවෙ ඉන්න දේශපාලනඥයන්ම තමයි...!!(නු)
බබා කියන නම ඇහුවම බබාලවත් රැවටිය හැකියි (දී)
පව් අනේ.. බබා.. (නු)
භාරතත් දුමින්දත් අතර ප්‍රශ්නයක් වුනා තමයි.නමුත් දුමින්දට හැංගි හැංගි ඉන්න දෙයක් නැහැ.මා දන්නා තරමට දුමින්ද වෙඩි තැබූ බවක් කොතනක වත් සඳහන් වෙලා නැහැ.වෙඩි තියල තියෙන්නෙ දුමින්දගේ ආරක්ෂකයන්.ඒ නිසා හොඳම දේ තමයි දුමින්ද ලංකාවට එන එක. ඇවිත් ප්‍රශ්නයට මුහුණ දෙන එක. (නි)
කොහොමත් වැරැද්දක් කළාට පස්සේ මෙහෙම අමතක වෙන ගතියක් හැමෝටම වගේ තියෙනවා. (නි)
අනේ පව්...... (ස)
අතීතය මතක නැති කෙනෙක් කොහොමද ඉදිරියට මන්ත්‍රීකෙනෙක් ලෙස වැඩ කරන්නෙ..?(නු)
නිවුටන් ගේ මල්ලි (දී)
ඇත්තටම ගියේ සීඅයිඩි එකෙන්ද?(නු)
අනේ අනේ, හරිම ෂෝක්නේ. සේරම අමතක වෙලා එහෙනම්.....??? (නි)
පව් අනේ එයා..!!(නු)
මෙයා අසරණයන්ට ගොඩක් උදව් කරලා තියෙනවා..! ඉක්මන් සුව..!!(නු)
මම විභාගෙන් සමත්. මට උසාවියෙ හරි රහස් පොලිසියේ හරි රස්සාවක් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. (නි)
ඇයි ඕගොල්ලො මෙයත් එක්ක ඔච්චර වෛරෙන් ඉන්නෙ? එයා ඕගොල්ලන්ට කරපු වැරැද්ද මොකද්ද? එයා කොලඹ අසරණයොන්ට කොච්චර උදව් කළාද කියලා ඔයාලා දැන්නෙවත් නෑ.(නු)
අනේ දැන්ද අමතක වෙලා තියෙන්නේ? (නි)
දෙයියො ම බල ගන්න ඕනේ (දී)
මේක ගැන මොකුත් කියන්නේ නෑ (අ)
දෙයියො තමයි ඕව දන්නෙ "අයි ඩෝන්ට් නො වයි" (දී)
ඔබට මතක නැති වුණාද අද වාගේ මතකයි මට පැටියෝ..... (ස)
මේ ඉන්නෙ ඒ රහස්පොලිසියෙ මහත්වරුද?(නු)
අවසනාවක මහත කාට කියන්නද මේ දුක (දී)
මේවට තමයි කියන්නේ දේශපාලනය කියලා..(නු)
මේ වගේ චිත්‍රපටියක් මම බැලුවා. ම් ම් ම්.... නම මතක නැහැ. අර අමීර් ඛාන් ඉන්නේ.......... මතක් වෙන්නේම නැහැනේ. (නි)
මේ වගේ ගොඩගිය අය ගොඩක් ඉන්නවා..!!(නු)
කාට කාටත් දැං වෙන අතක් බලාගන්න වෙයි.. මෙයා වටේ හිටපු අයට එහෙම.. මොකද එදවසවල කරපු කිසිම දෙයක් දැන් මෙයට මතක නැහැනේ .(නු)
එයා ගොඩක් දෙනකුට උදවු කරලා තියෙනවා. හුගක් අයට දැන් ඒවා මතක නැහැ. (නි)
අනේ දැන් මන්නාරමේ උසාවියට ගහපු කට්ටියටත් මුකුත්ම මතක නැද්ද දන්නේ නැහැ. (නි)
මාර බොරුව (දී)
අමානි, මෙතන කාටවත් දුමින්ද ගැන තරහක් නැහැ. අපි කියන්නේ මියගිය භාරත ලක්ෂ්මන් මහත්තයාට සාධාරණයක් ඉටු කරන්න කියලා විතරයි. (නි)
අනේ අර ආච්චිල ටික ඉඹන්න කෙනෙකුත් නැහැ දැං..(නු)
ඇත්තටම මේගොල්ල මේ හිතන්නෙ ලංකාවෙ මිනිස්සු තනකොලවත් කනවා කියලාද?(නු)
ලංකාවේ දක්ෂ පොලිස් නිලදාරීන් ඉන්නවා. ඒත් දේශපාලකයෝ නිසා අද පොලීසියට මිනිස්සු මඩ ගහනවා. (ස)
මට බැරිවෙයිද දන්නෙ නැහැ කට උත්තරයක් ගන්න මෙයාගෙන්..?(නු)
අනේ! මාවත් අමතකද? (නි)
දුමින්දව පැත්තකට දාමු. බලන්නකෝ මේ හිරුණිකාගේ ලස්සන. හරියට කරීනා කපූර් වගේ. (නි)
අනේ අම්මපා, රහස් පොලිසියටත් මේ මොකක් වෙලාද? (නි)
ඒක විතරක් මතක නෑ. (ත)
අනේ කාලේ වනේ වාසේ..!!(නු)
දුමින්ද බබා. මාව මතකද බලන්න (දී)
ඔය වගෙ උත්තර පිළිගන්න තරම් පිරිසක්ද ලංකාවෙන් ගියේ.... (නි)
එතකොට අර අගමැතිතුමාව මුණ ගැහුණා කියලා පුවත්පත් වල පළ වුණු වාර්තාව බොරු එකක්ද? (නි)
ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ට පාලකයෙක් (දී)
අනේ මෙහෙමත් මිනිස්සු..... චී....... ලැජ්ජයි අපිට නම්. (නි)
කියලා වැඩක් නැහැ.. මේවගේ කතා ඇහෙනවානෙ ලංකාවෙ...(නු)
කරපු වැඩ ඔක්කොම අමතක ඇති (දී)
ඇයි එයාට අතීතය අමතක වුණේ....... (ස)
මේ අමානි, අපිට කළත් කාට කළත් වැරැද්ද වැරැද්දම තමයි. (නි)
සල්ලි මොන පාට වුණත් ඇත්තටම එයා මිනිස්සුන්ට උදවු කළා තමයි. (නි)
පසුගිය මාසේ අගමැතිතුමා රෝහලේ ඉන්නකොට දුමින්ද එයාව බලන්න ආවා කියලා කිවුවා නේද? ඉතිං මතකයක් නැත්නම් එහෙම දෙයක් වුණේ කොහොමද? (නි)
කොහොමද කට්ටිය උසාවියට එන උජාරුව? (නි)
ජනාධිපතිතුමනි දුමින්දට මොනවත් මතක නැත්නම් කරුණාකර පාර්ලිමේන්තු මන්ත්‍රී කමින් ඉවත් කරන්න. (ත)
මම ගොඩක් ආස කෙනෙක් , ඉක්මනට සනීප වෙන්න ඕන..... (ස)
මොනවද මේ වෙන්නේ? අපි ඉන්නේ මෙහෙම රටක කියලා හිතනකොටත් ලැජ්ජයි. (නි)
මෙමරි චිප් එකක් දැම්මනම් හරි....(ස)
මේවගේ චිත්‍රපටයක් මම බලලා තියෙනවා...!!(නු)
හැම දේම අමතක වෙයි වගේ...!!(නු)
ආනේ දුමින්ද සිල්වා සැත්කමකට කියලා රටයැව්වා මතකයි. ඊට පස්සේ වුන නාඩගම් මොනාද කියලා මට මතක නෑනේ (අයියෝ සල්ලි) (දී)
හිඹුටාන හංදියට එනකම් අතිතය මතකයි. ජයවර්ධන පුර රෝහලේ සිට අද වෙනකම් සෙරමත් මතකයි. මෙ කතාව උසාවියට ඉදිරිපත් කරන්න තරම් පොලිසියෙ නිලදාරින්ගේ හැකියාව අපට හොදට පෙනවා. මෙ කථාව පිලිගන්න තරම් උසාවිය බුද්ධිමත් වෙවිද? මෙහෙම ගියොත් උසාවියේ වැඩ කරන්න පහ පංතිය සමත් වීම ඉහල සුදුසු කමක් වෙවි (නු)
දුමින්ද ට වගේම රහස් පොලිසිය ටත් වෙච්ච දේවල් මතක නැහැ වගේ. .... අනේ පව්.....(නු)
දුමින්ද සිල්වා කියන්නෙ ඉතාම හොද මනුස්සයෙක් එයාට ඉක්මන් සුවය ලැබේවා..!!(නු)
ලංකාවේ ගොඩක් දේවල් දේශපාලනයට යට වෙලා..... (ස)
අමානි දුමින්දව හොදට දන්නවා නගේ පේන්නේ. (නි)
එදා ෆොන්සේකා මහත්තයත් බෝම්බෙට අහුවෙලා මාරාන්තික තුවාල ලැබූව වෙලාවෙ සුව වෙලා ඇවිල්ලා එල්ටීටීඊ එකයි ප්‍රභාකරන්වයි මතක නෑ කිව්වනම් කොහොමද? රහස්පොලිසිය මේවා ගිහිං කියන්න කොන්ඩෙ බැදපු චීන්නුන්ට..(නු)
හිඹුටු කඩන්නද හන්දියට ගියේ....... (ස)
මමම හිතන්නේ අපේ රටට පොලීසිය වැඩක් නෑ කියලයි. දේශපාලනයට ඕන විදියට තමයි පොලිසිය වැඩ. දුමින්න අහිංසක මිනිසුන්ට උදව් කරන්න ඇති. ඒත් කියන තරම් දෙයක් කරලා නෑ. මැරුණු කෙනා කවුරු වුණත් කරපු කෙනානෙ දුමින්ද. (ත)
ගජිණි කියන ෆිල්ම් එකෙත් තිබුණා මේ වගේ කොටසක්..... (ස)
මෙයා දන්නෙ නෑ අනේ.. සීඅයිඩී එකත් ගියානෙ ඕක අහගෙන එන්න...(නු)
මේකට ප්‍රතිචාරයක් දාන්න මට මතක නෑනේ මොකුත්ම. (නි)
යම් ප්‍රශ්නයකදී අධිකරණය නොමග යවනවාට දෙන දඩුවම මොකක්ද? (ස)
මම මේ කියන්නේ අපේ රටේ හොදම තීන්දු තීරණ දෙන උසාවියේ ලොක්කන්ට සහ ඒවා ක්‍රියාත්මක කරන පොලෝසියේ අයටයි. ආයෙමත් යනවා එහෙම නෙමෙයි දුමින්ද තුමාට කරදර කරන්න. අනේ පව් අසරණය. රටට මොනතරම් සේවයක් කරපු උතුමෙක්ද අද මේ ඉස්පිරිතාලෙක ඉන්නේ. මටනම් මතක් වෙනකොටත් බඩේ ගින්දරේ බෑ. අනේ සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටෙන් දුමින්ද උතුමාට නම් කරදරයක් වෙන්න එපා. එහෙම උනොත් එහෙම මුළු රටම සදා අදුරේ තමයි. එතුමා නැතිව අපි කොහොමද මේ රට ආසියාවේ ආස්චර්ය බවට පත් කරන්නේ. (නි)
මට හිනාවෙන්නත් මතක නැහැ...(නු)
මොන විහිලු කතාවක්ද ? සාමාන්‍යයෙන් නීතිය කට කතා නොව පිළිගත් විද්‍යාත්මක ක්‍රම මත පදනම් වුවකි. දුමින්ද මතකය අහිමි (slight Demensiya )තත්වයේ පසුවේ නම් ඒ සදහා ඉදිරිපත්වන වෛද්‍ය වාර්තා කෝ? මේ ගැන පැමිණිලි පාර්ශවය ප්‍රශ්න නොකරන්නේ මන්ද ? රහස් පොලිසිය නොව දෙවියන් වහන්සේ වුවද නීතියේදී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කලයුතුයි නේද ? (නි)
හිරුණිකා මොකද මේ කට්ටිය එක්ක එකතුවුණේ ආයෙත්...!(නු)
කවවත්ම මතක නැද්ද ...(දී)
රහස් පොලිසියේ මහත්තුරුද බොලේ මේ! (නි)
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා..... (නි)
භාරත මහත්තයාගේ ඇදුමේ පාට මතකද එතකොට? (නි)
දැක්කෙත්නම් මතක්වෙයිද දන්නෙ නැහැ නේ..(නු)
ආස්සරය කර යාළුවන්ව මතකද දන්නේ නෑ... (ස)
අමතක වෙනවනම් අතීතයම අමතක වෙන්න ඕනේ..වැඩේ කියන්නෙ හිඹුටාන හන්දියට ගිය එකයි ආයේ හොස්පිටල් එකේ හිටපු ටිකයි විතරයිනෙ මතක. ඒ අතර මැද උන කිසිම දෙයක් මතක නැහැ. මේක නම් මාර විහිලුවක්...... (නි)
මම කොහෙද මේ ඉන්නේ.... (ස)
දැන් රටේ ඉන්න හැම මිනීමරුවාම ඔහොම කියයිද දන්නේ නැහැ. (නි)
ඇත්තනේ.සිංහල ජාතියට වැඩිකල් මතක හිටින්නේ නැහැනේ. (අනේ මගේ කට) (නි)
පවුලේ කට්ටියව මතකද දන්නේ නෑ. (ත)
නියමයි... ජවනිකාව..!!(නු)
සරත් ෆොන්සේකා මහත්තයට තුන් පාරක් බෝම්බ වැදිලා මාරාන්තික උනත් හැමදෙයක්ම මටකයි , ජනාදිපති චන්ද්‍රිකාටත් බෝම්බ වැදිලා ඔක්කොම මතකයි , මෙයාට , කිසි දෙයක් මතක නෑලු ....මේවා ඇහෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලුවන් ගැන කලකිරෙනවා . ඒ වගේම රහස් පොලිසියේ හැසිරීමත් ගැන කලකිරෙනවා .,, (දී)
ඔවු අනේ. දුමින්ද කියන්නේ කවුද කියලා වත් මටත් මතක නෑ. (නි)
අනිත් අපරාධකාරයන්ටත් නියම මග පෙන්වීමක්. ඕනම අපරාධයක් කරලා ඒක මතක නෑ කිව්වොත් හොදට තියෙයි. මේක යන්න ඒන දෙයියෝ සාක්කි කොටසට. (ත)
අයියට මාව මතකද? (නි)
ඒකනේ අපේ රටට ලංකාව කියන්නේ....(ස)
දුමින්දට කාවවත්ම මතක නැද්ද? පවු අනේ එයා. (නි)
අපිව රවට්ටනවා කියයන්නේ කොටි ගණනින් (දී)
මේක අහල මගේ මතකය නැත්තටම නැතිවුණා (දී)
කවුද දුමින්ද සිල්වා කියන්නේ. මට මතක නැහැනෙ. (නි)
කොහොමත් දේශපාලනය කරන අයට ඔහෝම තමා (අ)
දුප්පතාට එක නීතියක්.බලවතාට තව නීතියක්.ආණ්ඩුවට තවත් නීතියක්. විපක්ෂයට වෙනමම නීතියක්. ඒත් කියන්නේ නම් නීතිය හැම දෙනාටම එකයි කියලා. (නි)
මෙහෙම දේවල් වෙන එකම රට මේක වෙන්න ඇති නේද? (නි)
ඉතිං මතක තිබුණත් වැඩක් වෙයිද? අනේ මන්දා. (නි)
පාර්ලිමේන්තුව තියෙන තැන මතකනම් එච්චරයි.... (ස)
වෛද්‍ය වාර්ථාවක් නැතිව මේක පිළිගන්න පුළුවන්ද? දැන් මානසික රෝගියෙක්නම් මෙයාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. (ත)
මෙයාට තියෙන්නේ ෂෝර්ට් ටයිම් මෙමොරී ලොස්ට් එකක්. ගජිනි දෙමළ ෆිල්ම් එක මතක් වෙනවා. (ත)
කිව්වත් වගේ වාර්තා කෝ??..... කට්ටියට සිංගප්පූරුවේ ගියහම තමන් එහේ ආවේ මොකටද කියල අමතක වෙන්න ඇති.. කලබලේට දුමින්දගේ සැපදුක් විමසා බලා යන්න ඇති. සිංගප්පූරුවේ මොන තරම් ස්ථාන තියෙනවද සංචාරයට. අනේ වාසනාවන්!! (නි)
අනේ අපේ රහස් පොලිසිය............. (නි)
කාවවත්ම මතක නැද්ද? (නි)
හිරුණිකා හරි ලස්සනයිනේ. (නි)
මෙහෙම ගියොත් ලංකාවේ අධිකරණය මිනිසුන් හට විහිළුවක් වීම නැවැත්වීමට නොහැකි දෙයක් වේවි. (නි)
මෙහෙම ගිහිල්ලා කියයිද දන්නේ නැහැ, "අනේ මාව සෝමාලියාවට ගෙනියන්න.මගේ පවුලේ අය ඉන්නේ එහේ" කියලා. ඇයි ඉතිං, මේ වෙන දේවල් දිහා බැලුවහම එහෙම කියන එකේ පුදුමයක් නෑනේ. (නි)
අඩුම ගාණේ එක ගෑණු ළමයෙක් හරි දුමින්ද මහත්තයා ගැන තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්නේ. (නි)
සිහි කල්පනාව නැත්නම් මොකටද තියාගෙන මරල දාන්නන (දී)
පව්....කව්ද මෙමරිය ඩිලීට් කරේ ? වෛරස් එකක්වත් ගියාද දන්නෙ නෑ.(ස)
රහස් පොලිසියට මාගේ උත්තමාචාරය........! මෙවැනි ආකාරයට සූක්ෂම ලෙස තොරතුරු හෙලි කර ගැනිමට සමත් වෙනත් රහස් පොලිසියක් ලෝකයේ කිනම් රටකවත් තිබේද? (වි)
අනේ අපේ බදු නම් පාවිව්වියට ගන්න එපා මේ කට්ටියට පඩි ගෙවන්න. (නි)
මට මතක් වෙනවා අර "තොම්සන් සහ තොම්සන්" කාටුන් එක. (නි)
කොහොමද වැඩේ (දී)
අපේ රටේ රහස් පොලීසිය ගැන,මහාධිකරණය ගැන,නීතිය ගැන විශ්වාසයක් තියන්න බෑ.මේක නීතියක් නැති රටක්.හැම නීතියක් ම පොඩි මිනිහට විතරයි.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.රහස් පොලීසිය කියලා එකක් තියෙන්නෙ නමට විතරයි. (නි)
මුකුත්ම මතක නෑ..........???? හොදයි හොදයි...... (නි)
පොලිසියට, ලංකාවෙ රහස් පොලිසියට ජය වේවා.!!(නු)
බුලට් එක තවමත් මොළය ආසන්නයේ නතරව තිබෙනවාද දන්නේ නැහැනේ. (නි)
මෙම රට මෙතරම් විනාශයකට පත්ව ඇත්තේ අමානි වැනි අය නිසාවෙනි. (නි)
මේකේ ප්‍රතිචාර දාන අපි ඔක්කොම ඉන්නේ එකම තීන්දුවෙන්. ඒකෙන් රටටම පේනවා මොකද්ද ඇත්ත කියලා. අපි මොන කිව්වත් වගකිවයුත්තෝ මෙයාට ලබන චන්දෙදිත් අපේක්ෂත්වය දෙනවනේ . අපි ඔක්කොම එකතුවෙලා මෙයාගේ කොලේ ඉරලා දාමුද ලබන මැතිවරණයේදී? මොකද මෙයාට අමතක වීමේ ලෙඩේ දරුණුවටම තියනවා වගේනේ. අපරාදෙනේ අපි බදු ගෙවල මේ වගේ ලෙඩ්ඩු පාර්ලිමේන්තුවට යවන්නේ. මේ ලෙඩේ බෝ වෙන ලෙඩක්. මේකට බෙහෙත් නැහැනෙ ............පව් මෙයා මට නම් නිකන් පිස්සු වගේ .......... (නි)
බුලට් එක වැදිලා තියෙන්නේ මෙමරි කාඩ් එකකටද එතකොට? (නි)
කවදද මෙහාට එන්නේ? (නි)
ඕවා හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)
වටේ හිටපු අයට තමයි ගැටලුව.. මතක නැතිව ඇති කවුද පාක්ෂිකයෝ කියලාවත්..දැන්ම වෙන අතක් බලාගන්නවෙයි වගේ නැත්නම් කාගෙ සරණක්ද?(නු)
ලංකාවට උස්සා ගෙන ගෙනැල්ලා දස වද දුන්නා නම් නරකද මම අහන්නේ??? (නි)
කොහොමද ගොතපු බොරුව (දී)
මතකයක් නැත්නම් මෙහෙට නාවට කමක් නැහැ. එහෙටම වෙලා ඉන්න දිගටම. (නි)
රගපෑමක්ද කොහෙද? කපටිකමටද දන්නෙත් නැහැ..(නු)
මටත් මෙයාගේ ලෙඩේ බෝ වෙලාද කොහෙද ??? (ස)
ඉහළ උසාවිය නිවැරදි තීරණයක් දිය යුතුයි. (නි)
කව්රුත් හොදටම දන්නවා ,දුමින්ද සිල්වා මේකට හවුල් කියලා ,එයා මිනි මරුවෙක් ඔහුට ආණ්ඩුවෙන් රැකවරණය දෙන බව පෙනේ , (දී)
අනේ අනේ මේක යක්ෂ කතාවක්නෙ.. මේ මම කවුද අනේ මට මගෙ නම අමතක උනා...!!(නු)
බුලට් එක වැදිලා තයෙන්නේ මෙමරි කාර්ඩ් එකේ එක පැත්තකට. ඒක තමයි හොද දේවල් පමණක් මතක තියෙන්නේ. (ත)