සිය වත්කම් බැරකම් හෙළි නොකළ බවට චෝදනා ලැබ සිටින භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් පෙබරවාරි 28 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (13) නියෝග කළාය.
ඔහුගේ රෝගී තත්ත්වය පරික්ෂා කිරිමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ දැනුම් දීම මත විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති බව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
නඩුව ලබන 28 වැනි දා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේට යවන්න පෙර වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කළානම් සියලු රෝගී තත්වයන් හදුනාගන්න පුළුවනි , එවිට බන්ධනාගාර රෝහලේ තදබදය අඩු වේවි (බ)
හිරේට යවන්න පෙර වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කළානම් සියලු රෝගී තත්වයන් හදුනාගන්න පුළුවනි , එවිට බන්ධනාගාර රෝහලේ තදබදය අඩු වේවි (බ)
ඉතා හොඳ වැඩක්. බොරුවක්ද නැද්ද සොයාගතහැකියි. (ර)
දැනට දීල තිබෙන දඩුවම ක්‍රියාත්මක කලානම් ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා නේද ? (ම)