වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රමහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදී රෝහල්ගතව සිටියදී ඔහුගේ තත්ත්වය සටහන් කළ ඇඳ ඉහපත හෝ එහි සහතික පිටපතක් හෝ ලබන 28 වැනි දා ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ එස්.ඒ. ගමගේට නියෝග කෙළේය. එදිනට උසාවි එන්නැයි රහස් පොලිසියට ද දැන්වීය. මහේස්ත්‍රාත් එලෙස නියෝග කෙළේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුළසුරිය මහතා මෝසමක් ගොනු කරමින් ඇඳ ඉහපත කැඳවන්නැයි කළ ඉල්ලීමක් අනුවය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නාය්‍යයක්
මිනී මරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?
ඕවත් වැඩද?
අපේ රටට මොකද මේ වෙන්නේ????
අදහස් එවපු හැමෝටම අමතක වෙලා මේක අශ්චාර්යයට යන ගමන කියල.