( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ව මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු තමන් එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනාව වැඩිදුර විභාගය අනිද්දා (10) කල් තැබිණි.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන නලින් පෙරේරා සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.
අභියාචන විත්තිකාර අනුර තුෂාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ මහාධිකරණයේ පැවති නඩු තීන්දු නියමාකාරයෙන් ලබා දුන් එකක් නොවන බවයි.
එබැවින් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අහෝසි කරන්නැයි ද අනූජ ප්‍රේමරත්න මහතා කීය.
ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය අභියාචනයෙන් කියා තිබිණි.
ඒ හේතුවෙන් එම දඬුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දුප්පත් මිනිස්සුන්ටත් මෙහෙම ඉල්ලන්න බැරිද?
නීතියට පටහැනි මිනීමෑරීමයි. මිනි මරුවන්ට දඬුවම් දීම නොවේ.
වහාම මරණ දණ්ඩනය මොහුට ක්‍රියාත්මක විය යුතුයි.