පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා උදේ 11.15ට කොළඹ නවලෝක රෝහලින් සිය නිවසට යන බව හිරු රූපවාහිනය හා ගුවන්විදුලිය කියයි. ඔහු අද ඇප ලියවිලිවලට රෝහලේ දී අත්සන් තැබීය. ඔහු වසරකට වැඩි කාලයක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබීය. මාසයකට පමණ කලින් එම රෝහලේ සිට නවලෝක රෝහලට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ශ්‍රී ලංකා! මට හිතෙන දේ කියන්න අමාරුයි (නි)
ඇපදීලා දවස් ගණනකින් පසු ගෙදර. නඩුවත් තව ටික දවසකින් අහක ගියොත් එදාට අනිත් හැම දෙයක්ම හොද අතට හැරේවි. (නි)
ජය වේවා ! චින්තනයට ජය වේවා ! (නි)
අපි කාටද කියන්නේ මේ දුක
අපි දුමින්දට, දුමින්ද අපිට. ජයවේවා! (නි)
ලංකාව කියන්නේ හොඳ රටක්. ඒ වුණාට.....?? (නි)
අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා. ඊලග පාර ජන්දෙදී මෙයාව පත්කරගමු (නි)
තනියෙන් එහෙම ගෙදර යවන්න එපා. ගෙදරත් අමතක ඇති සමහරවිට. (නි)
ඇයි මේ සේරම මාධ්‍ය වලිනුයි, ජනතාවගෙනුයි හංගගෙන රහසිගතව කරන්නේ? හැමදාම හැංගිලාම ඉන්නද? (නදී)
දැන් ලංකාවට දොස්තරලා ඕනෑත් නැහැ. මොකද උසාවියට ගිහිල්ලා ඇප ගත්තු ගමන් ඕනෑ ලෙඩක් හොද වෙනවා. මේක තමයි ආසියාවේ ආශ්චර්ය. ධර්ම රාජ්‍යයේ ආනුබාවය. (නි)
දුමින්ද??? මට නිකන් මතක නැහැ වගේ මෙයා (නි)
සුබ අනාගතයක් ශ්‍රී ලංකා!
දුමින්ද මහත්තයෝ, අහවලාව මුණගැහිලා ඕක ගොඩින් ඉවරයක් කරගන්න බලන්න. මේ වෙනකොට එයාටත් මෙලෝ දෙයක් මතක නැතුව ඇති . (නි)
වරදක් කර ඇතොත් විපාක හම්බ වෙනවා නියතයි (නි)
දැන් හොදයිද (දී)
මට නම් නිකන් පිස්සු වගේ (නි)
මෙයාව ආයෙත් සැරයක් පාර්ලිමේන්තුවට යවමුකෝ.... (නි)
අදිකරණය නොමග යැව්වා කියලා වරදකුත් තියෙනවා දුප්පතුන්ට.(නදී)
ඇප දුන්නහම ලෙඩ සනීප වෙනවද.?(නදී)
වරදක් කර ඇතොත් විපාක හම්බවෙනවා නියතනම් මේ සිද්ධියේදී පරලොව ගිය කෙනාටත් ඒ තියරිය අදාලයි. (නදී)
ඇප දුන්න විතරයි, මෙන්න අර අසාධ්‍ය ලෙඩේ හොද වෙලා. පුදුම ආශ්චර්යයක්.! (නි)
හිරු රුපවාහිනියේ නම වෙනස් කරන්න යනවා කියන්නෙඅ ඇත්තද? (නි)
කොහොමද මම අල්ලපු ගෙදර කෙසෙල් මලක් හොරෙන් කපුවානම් (දී)
එයා ගෙදර ගියහම ඉතුරුවෙන රෝහල් බිල ලංකා විදුලි බල මණ්ඩලයට දෙන්න, විදුලි බිලට සහනයක් වෙන්න. (නි)
අනේ ඔක්කොම අමතක හින්දා දැන් පාර්ලිමේන්තුවත් අමතක ඇති (නි)
උසාවියට එන්න බැහැ අසනීප නිසා. නමුත් ගෙදර යන්න පුළුවන්. එයාගේ ගෙදර විෂබිජ නැද්ද එතකොට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ඇප දුන්න ගමන් කොහොමද ලෙඩ සුව වුණේ? අපිට පිස්සු මේවා අහනකොටත් (නි)
අහෝ! දෙවුදත් නොදුටි මොක්පුර කිව්වලු.(නදී)
ඊලඟ නඩු වාරේදී සාක්කි නැහැ කියලා නිදහස් කරාවිද දන්නෙත් නැහැ. මේක තමයි ළමයිනේ "ආශ්චර්යය". (නි)
මේක බක් මහා අකුණු ගහන කාලෙ... (නි)
ඉස්සරලා හිටිය නඩුකාර හාමුදුරුවොත් වෙන කොහාටද මාරු කරලලු. (නදී)
එතකොට අර විෂබීජද මොනවදෝ යනවා කිවුවේ. මට නිකන් මතක නැහැ වගේ (නි)
මට තියෙන කෙන්තියනම් ඉවසා ගන්න බැහැ (දී)
ලංකාව දේශපාලකයන්ට නම් පුන්‍ය භූමියක්. අපිට සුසාන භූමියක්. (නි)
අයියෝ සල්ලි
දුමින්දගෙන් විතරක් ප්‍රශ්න අහලා හරියන්නෙ නැහැනේ. අපිටත් තියෙනවා ප්‍රශ්න. (නි)
යම් විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍යයක් කෙටි පණිවිඩයකින් දන්වා සිටියේ "හාස්කම්කින් සුවය ලැබූ පාර්ලිමෙන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා හෙට පෙරවරු 11.15ට නවලෝක රොහලෙන් පිටත්ව යයි" කියලා. (නි)
පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුනනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන්සදින් දුරුවෙයි ලොව ගණ අදුරු නෙක තරු රැසින් එලෙසක නොම වේය දුරු (නි)
අපේ අර දුවට මොකද වුණේ? කිසිම සද්දයක් නැහැනේ. (නි)
මිනි මැරුමක සැක කාරයෙක් විදිහට එක දවසක් වත් රිමාන්ඩ් නොකර ඇප ලබා ගත්තේ මොන නීති රෙගුලාසියට අනුවද මෙය දැන ගන්නයි අහන්නේ. (දී)
මේක ආශ්චර්යමත් දේශයක් බව අමතක කරන්න එපා. සිදුවිය නොහැක්කක්ම සිදුවිය හැක. (නි)
අපේ කට්ටියට හොද පාඩම්... (නි)
මේවා අහනකොට මටත් වෙඩි වැදුනා වගේ. මුකුත් මතක නැහැ. (නි)
අපි නම් කලින්ම දැනගෙන හිටියා සෙනසුරාදා වෙනකොට සනීපවෙලා ගෙදර යන්න පුළුවන් වෙන බව. (නි)
කාට වුණත් බැහැ ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න. හැම ක්‍රියාවකටම විපාකයක් තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කළේ කලකම් ගොනා පසුපස යන කරත්තයක් වගේ ජීවිත කාලෙම පස්සෙන් එනවා කියලා. ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන දවසට ඒක මේ ලෝකේ කිසිම කෙනෙකුට නවත්වන්න බැහැ. මුලු ලෝකෙටම උතුම් වූ බුදුන් වහන්සේටත් පිරිනිවන් පාන මොහොතේ ජලය ටිකක් හොයා ගන්න බැරි වුණා, පෙර කරපු අකුසල කර්මයක් නිසා. (නි)
මේ කාලෙ පස් පව් නොකර ජීවත් වෙනවා කියන්නෙ බොහොම වීර්යය ඇති පුද්ගලයෙක් කියන එකයි. මොකද නරක වැඩ කරලා ජීවත් වෙන අයට මාරයා තව තවත් උදව් කරනවා. නමුත් මේක පවතින්නෙ එක්තරා කාලයක් පමණයි. හැබැයි කරන ලද අකුසල් පලදෙන්නෙ කල්ප ගණන්. එතකොට තමන්ගෙ ආත්මයට පවා ශාප කරමින් ඒ ජීවින් දුක් විදිනවා. ඒ තමා සංසාරෙ කියලා කියන්නෙ. හැමොටම ඒක පොදු ධර්මතාවයක්. (නි)
අප රට ආශ්චර්යට ගෙනයාමට ඔබතුමාට අපගේ සුභ පැතුම්! අපේ රට ලොව උතුම්ම රට වෙනවා සහතිකයි. (නි)
අනේ මන්දා! දැන්නම් ශ්‍රී ලංකාව ගැන මතක් වෙනකොටත් නෙත අගට කදුලක් ඉබේම එනවා. (නි)
මම හිතන්නේ ඇප දුන්නට පස්සේ අසනීපෙ සාමාන්‍ය අතට හැරෙන්න ඇති. (නි)
උසාවිය නොමග යවනවාවද්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මට නම් හිතා ගන්නත් බැරි උනා (දී)
ඇයි, තව වෙන කෙනෙකුත් නිදහස් වෙන්න ඉස්සරවෙලා හරියට හුස්ම ගන්න අමාරුකම පෙන්නලා නිතරම ඉස්පිරිතාලෙ ගියානෙ. එයත් එලියට ආවට පස්සේ එහෙම දෙයක් තිබුණු බවක් පේන්නවත් තිබුණෙ නැහැ (නි)