පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු බවත් ඔහුගේ නම් ඉන් ඉවත් නොකරන බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. ඔහු සැකකරුවකු නොවන නිසා සැකකරුවන් 20 දෙනා අතරින් ඔහුගේ නම කපා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි හේමන්ත වනර්ණකුලසුරිය මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඔහුට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනි සිටිය හැකි ද යන්න ගැන ලබන 31 වැනි දා තීන්දු කරන බව ද මහේස්ත්‍රාත් කීය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා දුමින්ද සිල්වාට වෙඩි තැබීම නඩු දෙකක් පවත්වාගෙන යෑමට නීතිපති උපදෙස් ලැබී නැතැයි ද රහස් පොලිසිය උසාවියට දැන්වීය. දුමින්ද සිල්වා හා ගලබඩ හැර සැකකරුවෝ 18 දෙනෙක් ලබන 31 දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබුහ. භාරත ලක්ෂ්මන් ඝාතනයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහේස්ත්‍රාත්ට බාර දුන්නේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද සිල්වා අහිංසකයි ඔහු සැකකරුවෙක් නොවෙයි
අනේ අපොයි දුමින්ද
දුමින්ද සිල්වා ඔහු සැකකරුවෙක්