IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


දුමින්ද සිල්වා එයි

 2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ  සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

ඔහු  රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට  පැමිණ ඇති බවත්, ඔහු  එම වාහන වලට ගොඩවී ඇත්තේ  රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ  ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.

ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.

ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.

ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.

දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.

මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.

 භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි

 දුමින්ද ශ්‍රීජයවර්ධනපුර රෝහලට

 දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති

 දුමින්ද සිල්වා සුව අතට

 භාරත ඝාතනයේ වීඩියෝව නීතිපතිට

 ‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

 දුමින්ද තවමත් සිංගප්පූරුවේ

 දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි

 භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප

 ”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

 දුමින්ද මාර්තු 17 උසාවියට

 



අදහස් (0)

දුමින්ද සිල්වා එයි

කේ. හේමසර තෙර Tuesday, 05 March 2013 10:43 AM

රටේ නීතිය කාටත් සම විය යුතුයි. මේ මහත්තයට ඒ නීතිය අදාල නැද්ද? (නදී)

:       0       0

රන්දි Tuesday, 05 March 2013 10:39 AM

මමත් බලාගෙන ඉන්නේ පැය 48 ක් මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 10:40 AM

දැනගන්න අහන්නේ. සැකකරුවන්ට වෙන් කරපු විශේෂ ගුවන් යානා තියෙනවද? (නදී)

:       0       0

අරුණ Tuesday, 05 March 2013 10:47 AM

රටට ගිය කලක්.(නදී)

:       0       0

සරත් Tuesday, 05 March 2013 10:48 AM

ඉපදුනේ ලංකාවේ කියලා මතක තියෙන එකම ලොකු දෙයක්. සමහරුන්ට ඒකනේ මුලින්ම අමතක.මෙයාට අමතක මැදින් පොඩ්ඩයි.(නදී)

:       0       0

ජයසිංහ Tuesday, 05 March 2013 10:49 AM

ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ.(නදී)

:       0       0

රන්දි Tuesday, 05 March 2013 10:45 AM

අපේ රටේ නීතිය ගැන පිටරටවල විද්වතුන්ටත් පුදුමයි. ලොක්කන්ට එක නීතියකුයි, සාමාන්‍ය ජනතාවට එක නීතියකුයි තියෙන්නේ. ඇයි රටේ ජනතාව ඕවට ඉඩ දෙන්නේ.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 05 March 2013 10:48 AM

එක්ක යන්න ආවේ ප්‍රාඩෝ හතරයිද? හෙලිකොප්ටර් ආවේ නැද්ද?(නදී)

:       0       0

රත්නායක Tuesday, 05 March 2013 10:49 AM

කව්ද දුම්න්ද සිල්වා කියන්නේ? අපිට නම් මතක නැහැ.(නදී)

:       0       0

දිසානායක Friday, 08 March 2013 12:20 PM

අපි දන්නව ඊළගට වෙන දේත්. ජයවේවා! (නි)

:       0       0

කමල් Tuesday, 05 March 2013 11:13 AM

කරපු බිස්නස් ගැන මතකද?(නදී)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 11:12 AM

දැන් සරියා නීතියනේ ඒ නිසා ටිකක් පරිස්සමින්.(නදී)

:       0       0

රත්නසිරි Tuesday, 05 March 2013 11:19 AM

දන්නැති නිසයි අහන්නේ මතක නැති වෙන, මෙඩිකල් කන්ඩෙම් අයට රජයේ රැකියා, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දරන්න පුළුවන්ද?(නදී)

:       0       0

සිල්වා Saturday, 09 March 2013 07:47 PM

අළුත් මොළයක් මාරු කරලද දැන්? (නි)

:       0       0

කිරා Sunday, 10 March 2013 10:47 AM

අත්අඩංගුවට ගන්න (දී)

:       0       0

රකිත් Tuesday, 05 March 2013 11:28 AM

පොලිසීයේ මහත්තයෙක් පැත්ත පළාතේවත් ඉන්නේ නැතුව ඇති.(නදී)

:       0       0

නුවන් Sunday, 10 March 2013 10:47 AM

මොකද්ද එදා උනේ කියලා අහල බලන්න (දී)

:       0       0

අංජන Sunday, 10 March 2013 10:42 AM

ඔහු දැන් සැක කරුවෙක්. අත්අඩංගුවට ගන්න (දී)

:       0       0

උදාර Tuesday, 05 March 2013 04:21 PM

ආපහු යයි කියලා පුවතක් පලවෙයිද දන්නේ නැහැ හෙට අනිද්දට (දී)

:       0       0

අකිල Sunday, 10 March 2013 10:47 AM

මම කියන්න ඕනෙද ඊළගට කරන්න ඕන දේ (දී)

:       0       0

කමල් Tuesday, 05 March 2013 11:36 AM

ඉක්මනටම මන්ත්‍රීකම අහෝසි කරලා දාන්න. මෙයාට කිසිම දෙයක් මතක නැහැ.(නදී)

:       0       0

පද්මි Tuesday, 05 March 2013 11:46 AM

උදේ පාන්දර ලේ කෝප වෙනවා.(නදී)

:       0       0

කැළුම්-කටාර් Tuesday, 05 March 2013 11:52 AM

අළුත් මොලයක් මාරු කරලද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඒකනායක Tuesday, 05 March 2013 11:50 AM

කිසි දෙයක් මතක නැත්නම් කට උත්තර ගන්නේ කොහොමද? අහිංසකයින්ට කරදර කරන්න එපා. මෙය ආසියාවේ ආස්චර්යයි.(නදී)

:       0       0

නාරද Tuesday, 05 March 2013 11:56 AM

තවම පැම්පර්ස් අන්දනවා.(නදී)

:       0       0

නිහාල් Tuesday, 05 March 2013 12:02 PM

මෙයා ආපු එක නෙමෙයි ප්‍රශ්නේ. මහජනතාවගේ බදුවලින් ගෙවන පඩි, ලැබෙන වරප්‍රසාද ඒ විදියටම ලැබෙන්න සලස්වන්න. අපි වෙනුවෙන් තමයි ඔහු වෙඩ්කෑවේ. (නදී)

:       0       0

උපුල් Tuesday, 05 March 2013 12:09 PM

දුන්දේ කාලා වෙන දේ බලාගෙන ඉමු.(නදී)

:       0       0

සුභාෂිනී Tuesday, 05 March 2013 12:11 PM

දැන් ආයෙත් හොද හොද සෙල්ලම් බලන්න පුලුවන්. (නදී)

:       0       0

සාරංග Tuesday, 12 March 2013 03:40 PM

හොරෙන්ම ඇවිල්ලනේ (දී)

:       0       0

ජයසුමන Tuesday, 05 March 2013 12:25 PM

දැන් මෙයාට මොන ඇමතිකම දෙයිද දන්නේ නැ .මෙච්චර කල් සිංගප්පුරුවේ හෝටලේ හිටියට ගෙදරින් ගෙනිච්ච සල්ලි හොඳ ගානක් ඉවර වෙලා ඇතිනේ.(නදී)

:       0       0

රිස්වාන්-සව්දි අරාබිය. Tuesday, 05 March 2013 12:37 PM

නඩු තීන්දුව දැනටමත් හැමෝම දන්නවා ඇත.(නදී)

:       0       0

නිරෝෂන් Tuesday, 05 March 2013 12:40 PM

එතකොට අර හිසෙහි කොටසක් නැහැ කියලා එයාගේ නීතිඥ මහත්තයා කිව්වා නේද? දැන් කොහොමද දන්නේ නැහැ.(නදී)

:       0       0

අනිල් Tuesday, 05 March 2013 12:46 PM

කාලෙකට පස්සේ නැවත කතා කරන්න මාතෘකාවක් (දී)

:       0       0

හර්ෂ Tuesday, 05 March 2013 05:28 PM

මම ඉතින් කියන්න ඕනේ නැහැනේ කරන්න ඕන දේ (දී)

:       0       0

කීර්ති Tuesday, 05 March 2013 12:55 PM

අපේ මිනිහෙක්නේ. ඔන්න ඕක අයින් කරලා දාන්න.(නදී)

:       0       0

ලාල් Tuesday, 05 March 2013 01:00 PM

ගොඩාක් කාලෙකට පස්සේ (දී)

:       0       0

කිර්ති Tuesday, 05 March 2013 01:02 PM

ඉක්මන් සුවය ලැබේව (දී)

:       0       0

කිර්ති Tuesday, 05 March 2013 12:59 PM

මටනම් මොකුත් මතක නැහැ (දී)

:       0       0

කිර්ති Tuesday, 05 March 2013 01:05 PM

වැඩක් නැහැ මොකුත් මතක නැහැනේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 March 2013 01:03 PM

හරිම ලේසි වැඩේ මතක නැහැ කියන එක විතරයි තියෙන්නේ (දී)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 05 March 2013 01:18 PM

නීතියෙන් බේරුනත් කවදා හෝ කල කම් පල දේවි. ඒක මෙතුමට පමණක් නොවේ කාටත් සිදුවන ස්භාවික ධර්මතාවයක්. (දී)

:       0       0

සනත් Tuesday, 05 March 2013 01:18 PM

කලින් කියුවේ නැහැ නේද (දී)

:       0       0

සරිෆ් Tuesday, 05 March 2013 01:24 PM

අමතක උනාට කරන්න දෙයක් නැහැ, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

සකු Tuesday, 05 March 2013 01:24 PM

කවුරු උනත් මිනිහෙක්නේ, ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

යොහාන් Tuesday, 05 March 2013 01:29 PM

මගේ සුන්දර මවුබිමට පිළිගන්නවා! (නි)

:       0       0

ආකර්ශා Tuesday, 05 March 2013 08:16 AM

ඇයි අනේ ඔයා ආවේ? (නි)

:       0       0

වරුණ Tuesday, 05 March 2013 08:21 AM

ගුවන්යානයට නගින්න ඇත්තේ කකුල් දෙකෙන් විය යුතුයි. ලංකාවට මෙහෙම ආවට අගමැති තුමා බලන්න ගිහින් තියෙන්නේ ඇවිදගෙන කියලා ආරංචියි. මේ සියල්ල රගපෑම් පමණයි.(නදී)

:       0       0

අංජන Tuesday, 05 March 2013 08:22 AM

ඉන්න තැනක ඉන්නේ නැතුව ඇයි ආපහු ආවේ?(නදී)

:       0       0

මාලක Tuesday, 05 March 2013 01:37 PM

කෝ බලන්න මාව අදුරනවාද (දී)

:       0       0

නීලා Tuesday, 05 March 2013 08:26 AM

මේක ලංකාව කියලා මතකලුද? (නි)

:       0       0

තිස්ස Tuesday, 05 March 2013 01:40 PM

බලන්නත් ආසයි (දී)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 08:53 AM

මේ රටේ අද පවතින නීතියේ හිඩැස් නිසා මිනී මරුවන්, බාල අපරාද කාරයෝ, කාන්තා හිංසන චෝදනා සහ මත්ද්‍රව්‍ය චෝදනා තියෙන අපරාද කාරයින්ට නිදහසේ ඉන්න පුලුවන්. (නදී)

:       0       0

කමල් Tuesday, 05 March 2013 02:00 PM

දැන් මෙයා සැක කරුවෙක් නේද (දී)

:       0       0

උපුල් Tuesday, 05 March 2013 09:06 AM

ආපු ලංකාවට ගැන එයාට මතක ඇති නේද ? (නි)

:       0       0

ඡායා Tuesday, 05 March 2013 09:10 AM

ප්‍රශ්ණ ගොඩක් තමයි.(නදී)

:       0       0

ජයේ Tuesday, 05 March 2013 09:17 AM

ආනේ! ඔයා ආවද? (නි)

:       0       0

ගාමිණී Tuesday, 05 March 2013 09:21 AM

රෝද පුටුවෙන්ම හිරේට යවන්න ඕනා.(නදී)

:       0       0

ග්‍රේරෝ Tuesday, 05 March 2013 09:20 AM

ආසියාවේ ආශ්චර්යනේ. (නි)

:       0       0

හේරත් Tuesday, 05 March 2013 09:32 AM

පවු අහිංසකයා.... (නි)

:       0       0

ලලිත් Tuesday, 05 March 2013 02:18 PM

දූෂණ, භීෂණ කියන කොටස් මොළයෙන් ඉවත්වෙලා නම් හොදයි. (නි)

:       0       0

අමල් Tuesday, 05 March 2013 09:33 AM

දැන් තුවාල සනීපද? (නි)

:       0       0

පාරු Tuesday, 05 March 2013 09:34 AM

ඔන්න අගමැති ආවා.(නදී)

:       0       0

හේරත් Tuesday, 05 March 2013 09:44 AM

වෙන කෙනෙක් ආවා නම් සැකකරුවෙක් වෙලා ගුවන්තොටුපොළේදීම හතරවෙනි තට්ටුවට නේද?(නදී)

:       0       0

අජිත් Tuesday, 05 March 2013 10:02 AM

සැත්කමේදී එලියට ගත්ත උන්ඩ කොටස් උසාවියට ගේන්න කිව්වා මතක නැති වුනාද මන්දා.(නදී)

:       0       0

නිරාන් Tuesday, 05 March 2013 10:07 AM

අවශ්‍ය විදියට පරිසරය හදලා මෙයා ලංකාවට ගෙන්නුවා. ඔහොම යං. ඔහොම යං.(නදී)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 10:04 AM

හිරුනිකා මෙනවිය බලාගෙන. මෙතුමාගෙන් නම් තර්ජන එන එකක් නැහැ. ඒ වෙනුවෙන් පෙනී සිටින වෙනත් අය මාර්ගයෙන් ඔබට බලපෑම් එල්ල කරන්න පුළුවන්.(නදී)

:       0       0

ආනන්ද Tuesday, 05 March 2013 10:05 AM

මේ කව්ද? මට නම් මතක නැහැනේ.(නදී)

:       0       0

පාලින්ද Tuesday, 05 March 2013 02:41 PM

මතකද ලංකාව කියන්නේ මොකද්ද කියලා (දී)

:       0       0

ඉරේෂ් Tuesday, 05 March 2013 10:13 AM

මට නම් මතක නැහැ මිනිහව. කව්ද ඇත්තටම ඒ.(නදී)

:       0       0

රූම් Tuesday, 05 March 2013 10:14 AM

ප්‍රාඩෝ විතරද ආවේ. ලැම්බෝගිනියක් එහෙම ආවේ නැතිද?(නදී)

:       0       0

ධම්ම Tuesday, 05 March 2013 10:11 AM

එක මිනිහේකුට ප්‍රාඩෝ හතරක් ඇයි?(ප‍්‍රශ්නය අදාල ද මන්දා?) (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 05 March 2013 10:19 AM

මිනීමැරුම් වල සැක කරුවන් වී අයි පී සැලකුම් ඇතුව පිළිගන්නා එකම රට. (නදී)

:       0       0

සනත් Tuesday, 05 March 2013 10:15 AM

පින්තුර නැද්ද අපිට බලන්න (දී)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 10:23 AM

අනේ එහෙම කියන්න එපා. ගුවන්තොටුපොළේ හිටපු සේරම නිදි නිසා දකින්න නැතුව ඇති.(නදී)

:       0       0

රොජර් Tuesday, 05 March 2013 10:27 AM

හිරුණිකාට නම් අහුවෙන්න එපා.(නදී)

:       0       0

බඳුල Tuesday, 05 March 2013 10:23 AM

ගුවන් තොටෙදීම අත්අඩංගුවට ගන්න (දී)

:       0       0

සූකිරි Tuesday, 05 March 2013 10:26 AM

ඊලග ප්‍රවෘත්තිය මෙතුමට ඇප දුන්නා කියලා අහන්ට ලැබෙයි. වෙන කෙනෙක් නම් රෝද පුටුවෙන්ම අත්අඩංගුවේ.(නදී)

:       0       0

අනුර Tuesday, 05 March 2013 10:32 AM

ආයෙත් කව්රු මරි මරාවිද?(නදී)

:       0       0

පාලිත Tuesday, 05 March 2013 10:40 AM

එයාගේ ව්‍යාපාර ගැන මතකද දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

රංගි Tuesday, 05 March 2013 10:36 AM

අපි එහෙම මිනිහෙක් මරලා පිටරට රෝහලක හිටියානම් ලංකාවට එනකොට කටුනායකින් ගෙදරට යන්න පුළුවන්ද? කෙලින්ම සිපිරිගෙට ගිනියන්න වාහන ගුවන්තොටුපොළේ.(නදී)

:       0       0

රන්දි Tuesday, 05 March 2013 10:42 AM

මෙයාට තවදුරටත් අසනීප නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම හොබවන්න පුලුවන්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි
2024 මැයි මස 15 1132 0

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්
2024 මැයි මස 15 400 0

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ


ඇමෙරිකානු ආයතනයක පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹයි
2024 මැයි මස 15 981 0

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද


සා.පෙළ. සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට
2024 මැයි මස 15 1385 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ


‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්
2024 මැයි මස 15 810 2

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ


මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී
2024 මැයි මස 15 1055 1

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 720 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2248 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1927 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site