IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


දුමින්ද රිමාන්ඩ්

කොළඹ නවලෝක රෝහලට ගිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා   ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා ඔහු සිටි කාමරයට යද්දී ඔහුගේ නීතීඥ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ද, රහස් පොලිස් නිලධරයෝ ද එහි ගියහ.

වර්ණකුලසූරිය මහතා රෝහල් පෝටිපෝවේදී මාධ්‍යවේදීන් 60ක් 70ක් අමතමින් දුමින්ද සිල්වාගේ  හිසේ ඡායාරූප පෙන්වමින් පැවසුවේ ඔහුට කළ සැත්කමේ ස්වභාවය අනුව රෝහලෙන් එළියට පැමිණීම ඔහුගේ සෞඛ්‍යයට හිතකර නොවන බවයි.


දුමින්දට රෝහලෙන් එළියට යන්න අමාරුයි

තුවාලවලට විෂබීජ ඇතුළු විය හැකියි

2013 මාර්තු මස 05 13:39:50 | පාරුක් තාජුඞීන්

 

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ ඡන්ද රැළියක් අසළදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දැන්වීය.

ඔහු එම කරුණු ඉදිරිපත් කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේය.

චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද පොලිස් අධිකාරී උසාවියට සැළ කර සිටියේය.

ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනූජ ප්‍රේමරත්න මහතා ඔහුගේ සැත්කම පිළිබඳ සවිස්තරව කරුණු දක්වමින් රෝහලෙන් ගියහොත් තුවාලවලට විෂබීජ ඇතුළුවී ඔහුගේ මරණය පවා සිදුවීමේ ඉඩකඩ ඇති බව කීවේය.

මියගිය ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියේය. ඔහුට උසාවි පැමිණීමට නොහැකිනම් මහේස්ත්‍රාත්වරයා ඔහු සිටින තැනට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ද නීතීඥවරයා ඉල්ලා සිටියේය.

නඩුවේ සෙසු සැකකරුවෝ ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.


දුමින්ද බලන්න උසාවියෙන් රෝහලට

2013 මාර්තු මස 05 13:30:39 | . , පාරුක් තාජුඩීන්

 

රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ නවලෝක රෝහලට යෑමට නියමිතය.

ඔහු බරපතල සැත්කමකට භාජනය කර ඇති හෙයින් රෝහලෙන් පිටවී යෑම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත්, ඊට හේතුව විෂභීජ ඇතුළුවීමට ඉඩ ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනුජ ප්‍රේමරත්න මහතා උසාවියට දැන්වීය.


 

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී

පොලිස් රැකවරන මැද රෝහලේ

2013 මාර්තු මස 05 13:00:09 | .

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මින් මද වේලාවකට කළින් දැන්වීය.

 

දුමින්ද සිල්වා කොළඹ රෝහලක

රහස් පොලීසිය කටඋත්තර ගන්න සැරසෙයි

2013 මාර්තු මස 05 10:59:00 | දීපා අධිකාරී , තරිඳු ජයවර්ධන

සිංගප්පූරුවෙන් පැමිණි ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලීසිය කියයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගැනීමට සැරසෙයි.

 

දුමින්ද සිල්වා එයි

රෝද පුටුවෙන් යයි

2013 මාර්තු මස 05 08:07:08 | දීපා අධිකාරී

 2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ  සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

ඔහු  රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට  පැමිණ ඇති බවත්, ඔහු  එම වාහන වලට ගොඩවී ඇත්තේ  රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ  ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.

ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.

ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.

ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.

දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.

මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.

 භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි

 දුමින්ද ශ්‍රීජයවර්ධනපුර රෝහලට

 දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති

 දුමින්ද සිල්වා සුව අතට

 භාරත ඝාතනයේ වීඩියෝව නීතිපතිට

 ‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

 දුමින්ද තවමත් සිංගප්පූරුවේ

 දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි

 භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප

 ”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

 දුමින්ද මාර්තු 17 උසාවියට



අදහස් (0)

දුමින්ද රිමාන්ඩ්

රුමී Tuesday, 05 March 2013 03:28 PM

තුවාල වලට විශබීජ යනවා නම් ඔලුවට ඉසකුඩිච්චියක් දාගන්නයි තියෙන්නේ. (නි)

:       0       0

තිස්ස Tuesday, 05 March 2013 03:25 PM

දැන් සාධාරණය ඉටු කරන්න (දී)

:       0       0

රූපා Tuesday, 05 March 2013 03:39 PM

නීතිය කාටත් එකයි (දී)

:       0       0

පාලිත Tuesday, 05 March 2013 03:38 PM

ගන්න.... ගන්න.... අත්අඩංගුවට ගන්න (දී)

:       0       0

කමල් විතාරණ Tuesday, 05 March 2013 03:42 PM

ගිලනුන්ට උපස්ථානය යහපත් දෙයක්, පොඩි මිනිසාටත් මෙසේම සළකාවි යැයි සිතමු. (නි)

:       0       0

හිල්මි Tuesday, 05 March 2013 04:52 PM

කොච්චර ලොක්කෙක් උනත් වැරදි වලට දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 11:22 AM

දඩුවම් නොලැබුනොත් අනේඩුවේ පරාජයත් ලගයි.(නදී)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 11:22 AM

දඩුවම් ලැබෙන්නම ඕනෑ. නැත්නම් අපි සියල්ලෝම පරාදයි. (නි)

:       0       0

හේරත් Tuesday, 05 March 2013 06:12 PM

නිතිය අකුරට (දී)

:       0       0

චාමර Wednesday, 06 March 2013 12:59 PM

අළුත්ම ච්ත්‍රපටය පස්වෙනි මන්ඩලයට.(නදී)

:       0       0

පද්මි Wednesday, 06 March 2013 01:43 PM

රිමාන්ඩ් බාරයේ සිටින සිරකරුවෙක් වශයෙන් මොහුගේ රෝහල් බිල ගෙවන්නේ ජනතාවද?(නදී)

:       0       0

ගාමිණී Tuesday, 05 March 2013 07:58 PM

සුදුසු දඩුවමක් ඉක්මණින් ලබාදිය යුතුයි. (නි)

:       0       0

නාලක Tuesday, 05 March 2013 08:37 PM

ලංකාදීපය මාධ්‍ය වගකීම අකුරටම කරනවා (දී)

:       0       0

චමරි Wednesday, 06 March 2013 09:07 AM

වැරදි කලානම් දඩුවම් විදින්න ඕනේ (දී)

:       0       0

රුමී Tuesday, 05 March 2013 03:23 PM

අනේ මෙයාව එහෙම අර පුංචි දරුවාව දාපු ස්කෑනර් එකට නම් දාන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ඉන්දුනීසියාවට
2024 මැයි මස 16 204 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.


විජයදාසට එරෙහි වාරණ විසිවෙයි
2024 මැයි මස 16 485 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි වැ


පී.සී ලා දෙන්නෙකුට පහරදුන් වැඩ තහනම් වු පී.සී අත්අඩංගුවට
2024 මැයි මස 16 152 0

යතුරුපැදි සංචාරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඇල්විටිගල ප්‍රදේශයේදී වටකර පහර දුන් බව කියන වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්ත


‘පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ ‘
2024 මැයි මස 16 318 0

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය


අනධ්‍යයන සේවක දීමනාවේ තීරණය මේ සතියේ
2024 මැයි මස 16 263 0

අනධ්‍යයන සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පැවසීය.


ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින්
2024 මැයි මස 16 1060 0

නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරෙකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇති වු අසනීපයකින් රියදුරු අසුනේදී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 725 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2253 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1933 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site