(නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කර, කඩුවෙල අධිකරණයට අලාභහානී සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් කර ඇත 

මෙම සැකකරුවන් විසින් අධිකරණය ඉදිරිපිට  උද්ඝෝෂණයක් පවත්වමින් අධිකරණයට අපහාස කර එකී දේපළ වලට අලාභ හානි කරණු ලැබූ බවට කඩුවෙල පොලිසිය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කළේය.

සිද්ධියට අදාළ වැඩිදුර විභාගය ලබන 23 වැනිදාට කල් තැබිණි .