භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි උසාවිය නියෝග කැර දෙමාසයක් ගතවී ඇතත් ඔහු අත්අඩංගුවට ගෙන නැත්තේ ඇයිදැයි ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී අජිත් පතිරන මහතා අද විමැසීය. පරීක්ෂණ වාර්තාව පිටපත් 2000ක් පමණ දිග යැයිද ඒ සියල්ලම නීතිපතිට යවා ඇතැයිද උපදෙස් ලැබීමට කල් යතියිද රහස් පොලීසිය කීවේය. අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කළේ නියෝග දීමට උසාවියට බලය ඇතත් නීතිපතිට නියෝග දීමට බලයක් නැති බවයි. සැකකරුවන් 15 දෙනා 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් වරද වරදමයි ඒකට දඬුවම ලැබෙනවමයි.
සාමාන්‍ය ජනතාවට මේවා ගැන කතාකරන්නවත් අයිතියක් නැතිව ඇති.
කල් නොයවා ඔහුව නීතිය හමුවට යොමු කර දඩුවම් කළා නම් හොදයි..
අපි නීතිපති අඳුරන්නේ නැහැනේ..
නීතිය පොඩි මිනිහට පමණද?
කියන්න වචන නෑ..