නවලෝක රෝහලෙන් පිටත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අරලියගහ මන්දිරයට ගිය බව හිරු ගුවන් විදුලිය කියයි.
මහින්ද රාජපක්ෂ ජනපති ආශිර්වාද ලබා ගැනීමට ගිය බව ද එහි දැක්වේ.
දුමින්ද සිල්වා රැගත් රිය නවම් මාවත ඔස්සේ ගොස් එතැනින් ගාලු මුවදොරට හරවා අරලිය ගහ මැදුර පැත්තට ධාවනය වනු දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් එතුමා පාර්ලිමේන්තුවට යන්න උපරිම සුදුසුකම් සපුරා තියෙනවා (නි)
ඊලග ඡන්දෙදිත් අපි දුමින්දලාටම දෙමු (නි)
ප්‍රජත්රනවාදය අගයමු. අපේ ජනාදිපතිතුමා කාටත් සාධාරණය ඉටුකරනවා..(නු)
ඔබ වරදක් කර ඇත්නම් නීතියෙන් ලැබිය යුතු දඬුවමට වඩා දෛවය විසින් ලැබිය යුතු දඬුවම ලැබේවි. (නි)
මේකට අදහස් දාන්න නම් ටිකක් බය හිතනවනේ? (ස)
දැන් මොකද අපි කියන්න ඕනේ (දී)
මට ඇස් අදහා ගන්න බැරි උනා (දී)
අයියෝ ලංකාවේ ජනතාව (දී)
අතපත්තු, මොනවද මේ කියන කතා? (නි)
මේව දකිද්දි හිතට පුදුම දුක්කක් දැනෙන්නෙ මේ රටේ උපන්න එක ගැන.!(ස)
දන්සල් දොරෙහි නැත යදියෝ… සල්පිල්වලය පුරවැසියෝ... පන්සිල් රකිති මැරවරයෝ… මේ කේතුමතී නුවරයි…(නු)
එත කොට ජනාදිපැතිව මතක තියනවා? (ස)
ආශිර්වාද ගන්න නෙමෙයි බේරා ගත්තට ස්තූති කරන්න.(ස)
මම නම් හීනෙකින්වත් හිතුවේ නැති දේවල් තමයි සිද්ධ වුණේ. (නි)
රට බල්ලට ගියා කියලා තමයි කියන්න වෙන්නේ.(නදී)
මට කියන්න දෙයක් නැහැ (දී)
මෙගා නාට්‍යයක් වගේ (දී)
එතනට භාරතගේ නෝනාත් එතනම ඇති උපදේශකවරියක්නේ..!(නු)
මතක නැහැ කියලා කියුවා නේද කිසිම දෙයක් (දී)
නැතුව කොහොමද ? (නි)
හැබැයි වරදක් කර ඇත්නම් මෙතනින් යන්න ලැබෙන්නෙ නම් නැහැ. http://www.youtube.com/watch?v=3j_Hk5plUbQ (නි)
විහිලු කියන්නේ මේවට තමයි (දී)
නුවණැත්තෝ දන්නවා ගඟේ වතුර පාර කොයි පැත්තටද හැරවිය යුත්තේ කියා. අර ළමයාගේ ගඟේ වතුර එක තැන පල් වෙනවා. (නි)
දැන්නම් අපිට පේනවා ජනාධිපති තුමත් ආශීර්වාද කරන්නේ පාතාලේ එවුන්ට කියලා.(නදී)
කෝ දැන් මේ විදුලි බිල වැඩිවෙච්ච පෙළපාලි? කෝ අපේ මිනිස්සු? (නි)
නාට්‍යයේ අවසන් කොටස් කිහිපය මේ (දී)
මොකද්ද ඒ වුනේ එක පාරටම (දී)
ආ.. දැන් කට්ටියම සාධුකාරයක් දීලා මෙතුමාගේ අපල දුරුවෙන්න වෙසක් එකට දන්සල් දෙන්න. හරී ඔක්කොම හිතපු විදියටම වුණා. මෙදා අවුරුද්ද සුභම සුභයි. (නි)
වරදක් කළා නම් කවද හෝ ඒ කර්මය පටිසන් දෙවි (දී)
මගේ හිත සතුටින් පිනා යනවා මේවා දකිනකොට. අනේ වාසනාවන් මගේ ලක් මව්නී. (නදී)
මොනවා කරන්නද අපේම කරුමේ.(නදී)
ජරා ජීර්ණ වූ දේසපාලන මද ගොහොරුවේ තව සජීවී අවස්ථාවක්.(නදී)
අනේ බොලවූ ඇත්තට අපිට වෙන්න ඇති පිස්සු. හෙහ් හෙහ් හෙහ්... (නි)
ලයිට් බිල අමතකයි! දැන් දුමින්ද දුමින්ද.(නදී)
මාර වැඩක්නේ උනේ (දී)
ජනතාවට හොදට තේරුම් ගතයුත්ත තේරුම් ගන්න අවස්ථාවක් (නි)
ගෙදරකයවත් වද්දගන්න හොද නැති එකේ ජනාධිපතිතුමා ? (නදී)
අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මීනී මැරුමක සැකකාරයකුට ජනාධිපතිතුමා හමුවන්න යන්න පුලුවන්ද? (නි)
මතකය අමතක වෙලා තියෙන්නේ දුමින්දට නෙමෙයි, අපිට. (නි)
කළ දෙයක් ඇත්නම් එය නරකක් වුණත් හොඳක් වුණත් ලැබිය යුතු දේ ලැබෙනවාමයි. යුක්තිය ඉටුවීම තමා සිදුවිය යුතු දේ. (නි)
මට මොකුත් මතක නැහැ (දී)
ස්තුකි තරන්න යන්න ඇති.(නදී)
අනේ කාලේ වනේ වාසේ. (නදී)
අනේ කාලේ වනේ වාසේ.....(දී)
ලියන්න හිතෙන්නෙම නැහැ, කතා කරන්න හිතෙන්නෙම නැහැ, ඇස් නොපෙනෙන , කන් නොඇසෙන මිනිසුන් සේ ජීවත් වෙමු අපි. (නි)
ඔබ වරදක් කර ඇත්නම් නීතියෙන් බේරුනත් දෛවයෙන් ගැලවීමක් නොලැබේවි (නි)
බලාගෙන, එළිමහනේ ගැවසෙද්දී ඔයාට විෂබීජ යයි. (නි)
අපි කන්න බොන්න නැතුව පොල් ගෙඩියක් හොරෙන් ගත්තාම බරපතල වැඩ සහිත අවුරුදු 10කට යවනවා, (දී)
අපේ ජනාධිපතිතුමා කවදාවත් නුසුදුස්සෙකුට ආශීර්වාද කරන්නේ නැහැ (නි)
මෙම යථාර්තය ජනතාව තේරුම් ගන්න තුරු ශ්‍රී ලාංකික ජන ජීවිතය අනතුරේ. (නි)
නියම නාට්‍යය (දී)
දැන් ටික කාලෙකට කලින් කියුවේ විෂ බිජ යන නිසා උසාවි ගෙන්න බැහැ කියලා (දී)
හපොයි අපේ රටට වෙච්ච දෙයක්. (නි)
අපි කියලා මහත්තයෝ මොනවා කියන්නද (දී)
ඔහොමම හිරුනිකා ගේ ගෙදරටත් ගොඩ වැදිලා යන්නකෝ .(නු)
පොඩි දරුවෙක් වුණත් කරදරේකින් බේරුනු ගමන් දුවන්නේ තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා ලඟට. (නි)
ස්තුතියි කියලම ගෙදර යන්න වෙන්න ඇති. (නදී)
අපි කියන දේවල් ලියල හෙට අනිද්දම අපිට ලංකාදීපෙත් නැති වෙයිද මන්දා.(නදී)
සුළු පිරිසක් කරන දේවල් වලින් අපේ පුංචි රටේ නම කැත කරන්න එපා. අබිමානයෙන් කියන්න ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියලා! (නි)
කුණු යන්නේ කුණු ගොඩටමනේ.(නදී)
තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේ, අරගෙන යන්නේ.... (නි)
අපේ ජනාධිපතිතුමාට ඔය වැරදි වැඩ කරන අය පෙන්නන්න බැහැ. (නදී)
අපි කාට නම් මේ දුක කියන්නද (දී)
ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර යන්ට ප්‍රථමයෙන් භාරය ඔප්පු කරන්ට අරලිය ගහ මන්දිරයට ගිය එක හොඳයි.(නදී)
ස්තුති තරන්න යන්න ඕනෑ. නැත්නම් හිතයි මට මුල අමතකයි කියලා.(නදී)
මට අර කලුතර බෝධිය ළග මල් විකුණලා අහුවුණු අම්මලා මතක් වුණා. ඔබ සැමට ජය වේවා! (නි)
ලංකාවට විරුද්ධව ඊලග ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනෙන යෝජනාවට මමත් මගේ මුළු හිතින්ම සහයෝගය දක්වමි... (නි)
ඒත් එතුමාගේ නිතිඥයා කියන විදියට එතුමාට සිහි කල්පනාව නැහැ නේද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කුඩුකාඑයන්ට ගිය රට.(නදී)
මගේ ඇගේ මාලු නටනවා. මම මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
එතකොට විෂබීජ? පරිස්සමින් බලාගෙන (නි)
උතුමාණනි, සමාවන්න.. (ස)
ඇත්ත නැත්ත උසාවිය බලා ගනී (දී)
දුමිඳු මැතිඳුනි....සත්‍ය ජයගෙන ඇත.... ජනතාවට සේවය කිරීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා...ලැබේවා..හැකිතාක් ඉක්මනින් යුග දිවියට පත්ව ඔබ වැනිම පුතකු බිහි කෙරේවා...අප සම සදා ඔබ සමගයි ...(නු)
ඒ වුණත් එයාට ගොඩක් පිහිට වුණ තවත් අය ඉන්නවා. එයාලව මතක් වෙලා නැත්තෙ උන්ඩේ වැදිලා මොලේ විනාශ වුණ කොටසේ වෙන්න ඇති එයාලා ඉන්නේ. (නි)
අනේ මෙහෙම ආශාවක් !!! ලැබෙයිද ඉන් සැනසීමක් !!!!(ස)
ත්‍රයි නිකායික මහා නාහිමිවරුන්ගේ ආශිර්වාදේත් එතුමාට අවශ්‍යයි (නි)
බේරා ගත්තට ස්තුති කරන්න වෙන්න ඇති . අමරේ මම ආවා. එලියට වරෙන් .(නදී)
හිරුණිකා ගියේ නැද්ද දුමින්ද බලන්න? (නි)