IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දෙබරවැව ජාතික පාසලේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සයික්ලෝ ක්‍රොස් තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වති

හත් වැනි වරටත් පැවැති ‘කාල්ටන් සුපර් ස්පෝර්ට්ස්’ තරගාවලියේ පළමු ඉසව්ව ලෙසින් පැවති ‘සයික්ලෝ ක්‍රොස්’ පාපැදි තරග මාලාවේ, තරග ඉසව් 11 න් 5 කම ජයග‍්‍රහණ අත්කර ගනිමින් එහි වැඩි ගෞරවය දිනා ගැනීමට දෙබරවැව ජාතික පාසලේ පාපැදි කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

විවෘත පාපැදි ඉසව්වේ පිරිමි අංශයේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ගයාන් ජානක විජේසිංහ සමත්විය. ඔහු සමඟ කරට කර තරග වැදුණ සී. ආර්. ස්වර්ණමාල් ඔහුට ඉතා සුළු දුරක් පසුපසින් පැමිණ දෙවැනියා ලෙස තරගය නිමා කළේය.

පළමු වට කිහිපය නිමා වන තුරුම ප‍්‍රථම ස්ථානයේ රැදී සිටීමට ස්වර්ණමාල් සමත්වුවත් තරගයේ අවසන් වට කිහිපය තුළදී කි‍්‍රයාත්මක වූ ගයාන් අවසන් තත්පර කිහිපයේදී ස්වර්ණමාල්ව පසුකර යමින් ජය ලබාගත්තේය.

ඊ. අර්. දුල්ක්ෂි, විවෘත පාපැදි ඉසව්වේ කාන්තා අංශයේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තාය. ඇයට යම් තරමක තරගයක් ලබාදුන් එල්. ජී. පවිත‍්‍රා සන්දීපනී දෙවැනි ස්ථනයට පත්වූවාය.

දිවයිනේ සිටින ප‍්‍රවීණ පාපැදි ධාවකයින් වෙනුවෙන් පැවති වයස අවුරුදු 40 න් ඉහළ පාපැදි තරගය පහසුවෙන් ජයගැනීමට කැළණියේ පී. යසරත්න පෙරේරා සමත්වූයේ තවමත් ඔහු පාපැදි කී‍්‍රඩාවට තරුණ බව කියාපාමිනි.

ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය විසින් තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම පාපැදි තරග මාලාව තිස්සමහාරාමයේ කාල්ටන් ධාවන පථයේදී පැවැත්විණ.

තරග ප‍්‍රතිඵල

විවෘත පිරිමි තරගය
1. ගයාන් ජානක විජේසිංහ
2. ඞී. පී. සී. ආර්. ස්වර්ණමාල්
3. මනෝජ් උදයකුමාර
4. රුවන් ජයමාන්න
5. වයි. ඒ. නුවන් දුලාන්ත
6. දිනුක තරංග
7. අමල් සුසන්ත
8. එස්. තුශාන් එරන්ත
9. එස්. ටී. අජිත් නිශාන්ත
10. උශාන් රංග මුනතුංග

විවෘත කාන්තා තරගය
1. ඩබ්. පී. ඊ. අර්. දුල්ක්ෂි
2. එල්. ජී. පවිත‍්‍රා සන්දීපනී
3. ඩබ්. නිමේශා දිල්රුක්ෂි
4. දිනේශා මධුවන්ති
5. එස්. ඉනෝකා කුමාරි සිල්වා

ප‍්‍රවීණ පිරිමි (වයස අවුරුදු 40 ට වැඩි)
1. පී. යසරත්න පෙරේරා (කැළණිය)
2. කේ. ඩබ්. එස්. පී‍්‍රමාල් (ගාල්ල)
3. වී. වික‍්‍රමආරච්චි (කොළඹ)

වයස අවුරුදු 19 න් පහළ පිරිමි
1. නිරන්ත ප‍්‍රනාන්දු (මාරවිල)
2. එච්. එල්. සචින් දුලංජන (ගාල්ල)
3. එච්. ආර්. ජී. ටී. කුසුම්සිරි (කුරුණෑගල)

වයස අවුරුදු 19 න් පහළ කාන්තා
1. ඩබ්. පී. ඉශානි චතුරිකා (දෙඹරවැව ජාතික පාසල)
2. ඒ. පී. අජන්තා ගංගානි (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)
3. ඩබ්. පී. උශානි චතුරිකා (දෙඹරවැව ජාතික පාසල)

වයස අවුරුදු 16 න් පහළ පිරිමි
1. කේ. ජී. ඒ. පුබුදු රත්සර (දෙඹරවැව ජාතික පාසල)
2. එච්. එම්. සදීප ජයරංග (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)
3. එච්. කේ. කැලූම් චාමර (ඔසුවින්න කණිෂ්ඨ විදුහල)

වයස අවුරුදු 16 න් පහළ කාන්තා
1. ඩබ්. බී. සුගන්ති මල්ෂා (දෙඹරවැව ජාතික පාසල)
2. ජේ. කේ. කල්පනී කෞශල්‍යා (වීරහැල විදුහල)
3. ජේ. ඒ. නදීකා දිල්රුක්ෂි (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)

වයස අවුරුදු 13 න් පහළ පිරිමි
1. ඒ. ජී. ශක්ති ආදිත්‍ය (දෙඹරවැව ජාතික පාසල)
2. එම්. රිප්නාස් සුදීන් (තිස්සමහාරාම මහ විදුහල)
3. කේ. පී. ජේ. සුලක්ෂණ ශ‍්‍රී ඒශාන් (හම්බන්තොට ජාතික පාසල)

වයස අවුරුදු 13 න් පහළ කාන්තා
1. කේ. එච්. නෙත්මි මෙවර්ණා (දෙඹරවැව ජාතික පාසල)
2. එල්. පී. හිරුණි නිමේකා (දෙඹරවැව ජනාධිපති විදුහල)
3. එන්. හංසිකා සංදීපනි (මහසෙන්පුර මහ විදුහල)

වයස අවුරුදු 10 න් පහළ පිරිමි
1. කේ. ජී. අධීප උදන්ත (දෙඹරවැව ජනාධිපති විදුහල)
2. ජේ. ඒ. පූර්ණ කවිඳු (දෙඹරවැව ජනාධිපති විදුහල)
3. එස්. චරිඳු ලක්මාල් (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)

වයස අවුරුදු 10 න් පහළ කාන්තා
1. ඩබ්. පී. අශානි රුෂිලා (ගැමුණුපුර කණිශ්ඨ විදුහල)
2. බී. එල්. නිකිණි වයන්ගා (කාවන්තිස්ස මහ විදුහල)
3. ජේ. ජී. බිනුකා  ඕවින්දි (දෙඹරවැව ජනාධිපති විදුහල)

ඡයාරූප - ශානුක අරවින්ද

ඡයාරූප - ශානුක අරවින්ද

විවෘත පිරිමි තරගයේ අවස්ථාවක්

ඡයාරූප - ශානුක අරවින්ද

විවෘත කාන්තා තරගයේ ජයග‍්‍රාහකයින්

ඡයාරූප - ශානුක අරවින්ද

විවෘත පිරිමි තරගයේ ජයග‍්‍රාහකයින්



අදහස් (0)

දෙබරවැව ජාතික පාසලේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සයික්ලෝ ක්‍රොස් තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 753 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site