ඒකාබද්දෙ කස්ටිය රටේ ලොකු මහත්තය එක්ක තිබුණ රුස්වීම ගැන හුඟ දෙනෙක් හුඟාක් උනන්දු වුණා. සැරට හිටපු දෙපැත්තම එක පාරටම ඇල් වතුරත් නිවාගෙන බොන්න හිතුවෙ ඇයි කියලයි හුඟ දෙනෙක් බැලුවෙ...
ඒත් මේ හමුවට ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ට මහ පෙන්වපු ඒකාබද්ධ විපක්ෂයෙ පොරක් ඉන්නවය කියල තිරය පිටිපස්සෙ හීනියට කතාවක් පැතිරැණා. නිල්වලා ගඟ කිට්ටුවෙන් දේශපාලනේට බැහැපු මුන්නැහේ පසුගිය දවස්වල ඉතාම රහසිගතව ලොකු මහත්තය වාර තුනක්ම හම්බුවෙලා මේ යෝජනාව ඉදිරිපත් කරල රුස්වීම සංවිධානය කළ බවයි රජගෙදර පැත්තෙ ආරංචි මාර්ග කියන්නෙ...
උන්නැහේ මොනවද මේ කරන්නෙ... යන්න හදන්න කොහේද කියලා දැන් ඒකාබද්දෙ කස්ටිය අතරෙ කතාවක් ඇතිවෙලා... ඒකාබද්දෙ කස්ටිය කියන්නෙ උන්නැහෙ මේ ගහන්නෙ දෙපැත්තෙන්ම ලකුණු රුස්කරන ගේමක් කියලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd