රුපියල් හැත්තෑ අට ලක්ෂ එකොලොස් දහස් හත්සීයක් වටිනා රන් කුට්ටි තුනක් දෙකකුලේ බැදගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි තුනෙහි බර ග්‍රෑම් 1562 කි.
සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකි. ඔහු නිතර නිතර සාජා හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
ඔහු ඊයේ අළයම 5.30 ට පමණ මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ෙජ් 408 දරණ ගුවන් යානයෙන් සාජා සිට මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
පසුව ඔහු රේගුවට භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන්ට ගුවන්තොටුපොළෙන් පිටවීමට ඇති මාර්ගය ඔස්සේ පැමිනෙද්දී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඔහු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් කුට්ටි ඔහුගේ කකුල් වල බැද තිබී සොයාගෙන තිබේ.
මේ පිළිබද විමර්ශණ කටයුතු රේගු අධිකාරි සමන් බාලසුරිය, ශාන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විපුල ප්‍රනාන්දු, ලාල් වීරකෝන් සහ සහකාර රේගු අධිකාරී අනුර හේවාවිතාරණ යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කිවුවත් ඇල්ලුවත් මිනිස්සු මේවා නවත්වන්නේ නැහැ (නි)
රත්තරන් බඳින්නේ කකුල් වලද? අපේ හාමිනේ නම් රත්තරන් බඳින්නේ බෙල්ලේ.රට ඉඳලා එයා පහුගිය දවස් වල ශ්‍රී ලංකාවට ආවේ මාල බෙල්ලේ බැඳගෙන.කිසිම කරදරයක් නැතුව අපි ගෙදර අවා. (නි)
නන්දලාල් මහත්තයාගේ උර චක්‍ර මාලයත් හාමිනේ ආපහු ගෙනාවද? (විහිලුවටයි ඇහුවේ) (නි)