IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දෙපා රන් රේගුවේදී බිමට

රුපියල් හැත්තෑ අට ලක්ෂ එකොලොස් දහස් හත්සීයක් වටිනා රන් කුට්ටි තුනක් දෙකකුලේ  බැදගෙන සාජා සිට මෙරටට පැමිණි  ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අද අළුයම රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි තුනෙහි බර ග්‍රෑම් 1562 කි.

සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි  මැණික් ව්‍යාපාරිකයෙකි.  ඔහු නිතර නිතර සාජා  හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.

ඔහු  ඊයේ අළයම 5.30 ට පමණ මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ෙජ් 408 දරණ ගුවන් යානයෙන් සාජා සිට මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

පසුව ඔහු රේගුවට භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන්ට ගුවන්තොටුපොළෙන් පිටවීමට ඇති මාර්ගය ඔස්සේ පැමිනෙද්දී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඔහු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් කුට්ටි ඔහුගේ කකුල් වල බැද තිබී සොයාගෙන තිබේ.

මේ පිළිබද විමර්ශණ කටයුතු රේගු අධිකාරි සමන් බාලසුරිය, ශාන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විපුල ප්‍රනාන්දු, ලාල් වීරකෝන් සහ සහකාර රේගු අධිකාරී අනුර හේවාවිතාරණ යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

දෙපා රන් රේගුවේදී බිමට

බුද්ධික Friday, 05 June 2015 07:22 AM

කොච්චර කිවුවත් ඇල්ලුවත් මිනිස්සු මේවා නවත්වන්නේ නැහැ (නි)

:       0       0

නන්දලාල් Friday, 05 June 2015 07:22 AM

රත්තරන් බඳින්නේ කකුල් වලද? අපේ හාමිනේ නම් රත්තරන් බඳින්නේ බෙල්ලේ.රට ඉඳලා එයා පහුගිය දවස් වල ශ්‍රී ලංකාවට ආවේ මාල බෙල්ලේ බැඳගෙන.කිසිම කරදරයක් නැතුව අපි ගෙදර අවා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 05 June 2015 10:53 PM

නන්දලාල් මහත්තයාගේ උර චක්‍ර මාලයත් හාමිනේ ආපහු ගෙනාවද? (විහිලුවටයි ඇහුවේ) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site