වෙසක් දන්සල්වල කෑම බීම සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වාගෙන යාම සඳහා සියලු දන්සල් පරීක්ෂණයට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා කියයි.
කොළඹ දන්සල් 205 ක් ඇතුළුව රට පුරා දන්සල් 6361 ක් ගැන තොරතුරු ලැබී ඇති බවත් ප්‍රශ්නය මතුවනුයේ බීම දන්සල්වලින් බවත් ඔහු කියයි.
අනුමත නොකළ වර්ණක යොදා සිසිල් පැන් මුවාවෙන් දෙන දන්සල් දැඩි සෝදිසියකට ලක්කරන බවත් ඔහු පවසයි.
‘ඇතැම් අය යකඩ කුඩු වර්ණක ලෙස යොදාගන්නා බව කියනවා. එවැනි දේ හරිම අහිතකරයි.‘ බත් දන්සල්වල කෑම පිසින අයට මූලික සෞඛ්‍ය නීති රීති අනුගමනය කිරීම ප්‍රමාණවත් බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd