ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට දිනේෂ්කාන්තන් තංගරාජ් සහ ඉන්දිය ක‍්‍රීඩක තන්වීර් ආසික් ඊයේ (22) සුදුසුකම් ලැබුහ.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී අම්රිතා මුත්තයියා සහ ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ තරග වදිති.
පසුගිය වසරේ ශූරයා වු දිනේෂ්කාන්තන් තංගරාජ් අවසන් පුර්ව තරගයේදී ෂාමල් දිසානායක (7/6, 3/6, 7/6, 6/2) පරාජය කිරීමට සමත්විය. තන්වීර් ආසික් සහ නිසංගන් නඩරාජා අතර පැවැති දෙවැනි තරගයෙන් 6/1, 7/6, 5/7, 6/4 ක් ලෙස තන්වීර් ජය ලැබීය.
කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වඩුගේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ. නෙත්මි හමුවේ පරාජයට පත් වුයේ ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටි සංකරි ත්‍යකරන්ය. එහිදී නෙත්මි 6/4, 6/4 ක් ලෙස තරගය පහසුවෙන් ජය ගත්තාය.
පසුගිය වසරේ ශූරිය වු අම්රිතා මුත්තයියා හමුවේ රොෂින්කා ප‍්‍රනාන්දු (4/6, 6/2, 6/0) පරාජය වුවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd