(ආරියරත්න රණබාහු)
විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසට සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට ඉඩ නොදුන්නැයි කියමින් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම බාධා කළ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා පියවර ගත්තේය.
ස්ථාවර නියෝග 74 (1) යටතේ ඔහු පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කළ අතර යළි පාර්ලිමේන්තුව කල් තැබීමටද කටයුතු කළේය.
නමුත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභා ගැබෙන් එළියට නොගිය අතර පාර්ලිමේන්තුව තව සුළු මොහොතකින් යළි රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයී මෙයාට විතරක් අමුතු සැලකිල්ලක්? අද රටේ විනය පිරිහීම පාර්ලිමේන්තුවේ සිට පාසල් ශිෂ්‍යයින් දක්වා දකින්නට පුළුවන්
මේ විදිහට තමා ඉස්සර රට කලේ තාමත් ඒ අය ඉන්නවා නිතිය කැලේ !
ඉස්සර කාලේදී මෙහෙම කතානායකගේ අණ නොතකන "රස්තියාදුකාරයන්" බලෙන් උස්සගෙන සභා ගැබෙන් එලියට දැමූ අවස්ථා පාර්ලිමේන්තු ඉතිහාසයේ තිබුණා. දැන් මොකොද එහෙම කරලා, පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගැනීමට කතානායකතුමා පියවර නොගන්නේ ?