
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සභාවට ගෙනැවිත් ඇති බැනර් ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද (21) ඉල්ලීමක් කළේය.
විපක්ෂය මෙලෙස පාර්ලිමේන්තුවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීම ගැන වහා සොයා බැලිය යුතු යැයිද ගුණවර්ධන මහතා කීය. මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන ලද බැනර් ගැනත් විමර්ශන පැවැත්විය යුතු බව කියා සිටියේය.
මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර බහින් බස් වීමක් ඇති වීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd