වාර්ෂික දිනුම් ඇදීමකින් ත්‍රී රෝද රථයක් දිනුම් ඇදී ඇතැයි පවසමින් තමාට ලියුමක් ලැබුණු බවත් එහි සඳහන් පරිදි ලියාපදිංචි හා රක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසු ත්‍යාගය ලබාගත හැකි බවත් දැනුම්දුන් බව කියමින් කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ අයකු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ජෙනරල් මෝටර්ස් පුද්ගලික සමාගම සහිතව, ලියාපදිංචි අංක හා ඊමේල් ලිපිනයක්ද පෞද්ගලික ලිපිනයක්ද එහි සඳහන්ව ඇතැයි පොලිසිය කියයි. ලිපියේ සඳහන් 011 524 80 57/ 071 625 81 24 හා 077 055 94 69 යන අංකවලට ඇමතුම් ලබාගැනීමට උත්සාහ කළද එම අංක ක්‍රියාවිරහිතව පවතින බවත් පොලිසිය පවසයි. ගාලු පාර, කොළඹ 03 නමැති ලිපිනයක්ද එහි සඳහන්ව ඇති බවත් කියති.
මෙවන් වංචා රැසක් පසුගිය සමයේ සිදුවූ බවත් මෙවැනි රැවටිලිකාරයන්ට හසු නොවන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අදාළ ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දිනුමක් ඇදිලා : තෑගි ගන්න සල්ලි බඳින්න‘
ජයා Sunday, 31 May 2015 11:27 AM
ප්‍රවේසම් වන්න, ඒවගේ ලියුමක් ලැබුනහම හිතන්න , "කිසිම කෙනෙක් කිසිම දෙයක් නිකන් දෙන්නේ නෑ. යමක් නිකන් දෙනවා කීවොත් නිතරම ඒ ගැන සැක හිතන්න. " (බ)
නිවන්තක Sunday, 31 May 2015 01:50 PM
මෙහෙමත් මිනිස්සු! (නි)