මනාප 91 ක් පමණක් ලැබුණත් තමාගේ උත්සහය සාර්ථක බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මෙවර මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට ස්වාධීනව තරඟ කළ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සීවාජලිංගම් මහතා පැවසුවේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දෙනු ලැබුවේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් නොවන අතර ජාතික හා ජාත්‍යන්තර වශයෙනුත් තම මතය ඉදිරිපත් කීරිමට අවස්ථාව ලැබුණු බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ සෙල්ලම් දකුණේ බැරි බව මතක තියා ගන්න. කතාව හරි. (ම)
කිතුල් ගහට නැග්ග මිනිහත් අහුවුණාම එහෙම කිව්වලු... (නි)
අනේ මෙහෙම මෝඩ කතා. පරදින්න බලාගෙන තරඟ කළාලු! හතර ගාතය ඉතුරු වුන එකත් ඇති. (බ)
එහෙනම් මොකටද තරඟ කළේ? (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල්! (නි)
පරදින්න බලාගෙන තරඟ කළ කෙනෙක් දැක්කමයි (නි)
දිනන්න බලාගෙන නෙවෙයි තරඟකළේ කියලා අපිත් දන්නවා (නි)
ඇපත් නැතිවෙලා. ඒත් කටේ සැර. (නි)
එතකොට පරදින්න බලාගෙනද තරඟ කළේ? (නි)
උතුරු දකුණු භේදය දැන්වත් අමතක කරමු. (නි)
උතුරේ සෙල්ලම් දකුණේ බැරි බව මතක තියා ගන්න (ම)
තරඟකළේ කාගේ උවමනාවටද කියලා අපි නම් දන්නවා. (නි)
ඔබතුමන්ලා සාමකාමී ප්‍රවාහයකයට එනවා නම් උතුරේ විතරක් නෙමෙයි දකුණේ මිනිස්සුත් මනාප දෙයි. (නි)