
(අංජුල මහික වීරරත්න)
රට වසා තිබුණ ද මැද කොළඹ ප්‍රදේශයේ වීදි ජනතාවගෙන් පිරී පවතින ආකාරය දැකගත හැකිය.
බඩු ගැනීමට පැමිණි ජනතාව මෙන්ම වෙළෙදුන් ද රටෙි වෛරස් රෝගයක් ඇතැයි අමතක වී සේ මුව ආවරණ පවා හරියාකාරව පළඳින්නේ නැතිව සැරිසරන ආකාරය සුලබ දසුනකි.
ජනතාව මෙසේ හැසිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඩෙල්ටා වයිරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ප්‍රදේශයක් බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවා තිබෙන පසුබිමකය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොරෝනා කරේ තියාගෙන ඉන්නේ, ලෝකේ අනිත් රටවල් කොරෝනා අමතක කරලා වැඩ.
ගොඩක් පැතිවල මෙහෙම තමා. හාඩ්වෙයා කඩ, ටයර් කඩ, සිල්ලර කඩ ඔක්කොම ඇරල. පොලීසියෙ මහත්තයෙක් දකින්නත් අමාරුයි. කවුරු කාව රවටනවද මන්ද.
ආණ්ඩුවත් ඇඳිරිනීතිය ක්‍රියා කරන්නේ තොපිට එපා නං අපිට මොකද න්‍යායෙන් . වෙනදා ඇඳිරි නීතිය දාපුවාම මාර්ග බාදක දානවා , නීතිය උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගන්නවා, පෙලිස් නිලධාරීන් මාර්ග සංචරනයේ යෙදෙනවා, මේ සැරේ ඒවා මොකුත් නෑනෙ. මේ ඇඳිරිය ඉල්ලුවට දුන්නා මිසක් නීතියක් නෙවෙයි.
මෙහෙම වෙන්න කටයුතු සිද්ධකරන්නේ රජයම කියල වැටහෙන්නේ නැද්ද. සීනි කිලෝවක් ගන්න සතොස ළග පෝලිම්වල කොපමන දෙනෙක් කොපමන වේලාවක් දුරස්ථභාවයෙන් තොරව සිටිනවාද ගමේ කඩෙනුත් අවැසිදේ ගන්න තියෙනවානම් සමගි පෙරමුණු රජයකාලේ (1970-1977) වගේ පෝලිමි ඇතිවෙන්නේ නැහැ සතොසින් බඩුගන්න අවස්ථාව සැලසුවාම කිලෝ මීටර් දහය විස්ස දුර සිටත් මිනිසුන් පැමිණ පෝලිම්වල සිටිනවා.
ඊට පස්සේ ආණ්ඩුවට බනින්න. 5000 මදි , සලකන්නේ මෙහෙමද කියලා ඔය බෙරිහන් දෙන දේශපාලකයන්ට බැරිද තමන්ගේ ප්‍රදේශවල ඉන්න ජනතාව පාලනය කරන්න. එයාලත් ඔය පිංතූර වල පේන අය වගෙම තමා හැසිරුණේ .
සම්පූර්ණ රාජ්‍යය පාලනයම විහිළුවක් වී ඇති සමයක නිරෝධායන ඇදිරිනීතියත් තවත් එක්තරා විහිළුවකි.
මේක ජාතිවාදී අරමුණින් ඉදිරිපත් වූ ලිපියක්. අද වනවිට තැබෑරුම් හැර අනිකුත් සියල්ලම නොනිලව ඇරලයි තියෙන්නේ. මේක රටම දන්නා ප්‍රසිද්ධ රහසක්
විනයක් නැති ජනතාවක් ඉන්න රටක මීට වඩා මොනවද බලාපොරොත්තු විය හැකි
ඹය ශ්‍රී ලාංකිකයෝ මේ කපේට හදන්න බෑ
ඇයි මෙදා කොළඹ විතරද පේන්නේ...? මේ එන්නකෝ පිළියන්දල, මහරගම පැත්තට...
මෙයාලට මැද කොලඹ විතරයි යන්න පුළුවන්. මෙහෙම ජාතිවාදය අවුස්සන්න කීයක් හම්බ වුණාද දන්නේ නැහැ...