
(යොහාන් භාසුර)
කල්ඉකුත් වූ කිරිපිටි කිලෝ 825 ක තොගයක් විකිණිමට සුදානම් කර තිබියදී පිටකොටුවේ තොග අලෙවිසැලකින් සොයාගත් බවත් විවිධ ප්‍රදේශවල අයිස්ක්‍රීම් සහ රසකැවිලි නිෂ්පාදකයන්ට මෙම කල්ඉකුත් වූ කිරිපිටි අළෙවි කරන්නේ යැයි හෙළි වූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය පිටකොටුවේ තොග අලෙවිසැල්වල කළ විශේෂ පරික්ෂාවකදී මෙම කිරිපිටි තොගය සොයාගත් බවත් කල් ඉකුත්වූ භාණ්ඩ විකිණිමට ප්‍රදර්ශනය කර තැබිමෙන් පාරිභෝගිකයන් නොමග යැවීමේ චෝදනාවට තොග වෙලෙදසැල් හිමියාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් එම අධිකාරිය කීය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහූ මෙම වැටලීම ක්‍රියාත්මක කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd