කහටගස්දිගිලිය මළ ගෙදරක එළිවෙනතුරු බූරුවා ගැසූ පුද්ගලයකු රුපියල් පනස් දහසක් දිනා ගත්තාට පසුවදා ලොතරැයියකින් රුපියල් විසි ලක්ෂයක් ද දිනුවේය.
බූරුපිටියෙන් දිනූ රුපියල් පනස් දහසෙන් ත්‍රීරෝද රථයක් කුළියට ගත් ඔහු ලොතරයි දිණුම ලබා ගැනීම සඳහා කොළඹ පැමිණි බව ගමේ අය කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලයක් තියෙන මනුස්සයෙක් නම් බූරු ගහන්න යන්නේ නැ.(ස)
නයෙක් අල්ලපු අහිකුන්ටකයෙකුට ගෙහිමියා සන්තෝෂයට අරක්කු බෝතලයක් දුන්නලු . අන්තිමේදී මොකද වුනේ?(නදී)
ස්වීප් කියන්නෙත් සූදුවක්. රජය ලොකු මිනිස්සුන්ට කැසිනෝ අරිද්දි පොඩි මිනිස්සු බූරු ගහනවා. කහටගස්දිගිලියේ බැරිනම් අනුරාධපුරේ වත් කැසිනෝ හලක් අරින්න. (නදී)
ලොතරයි සල්ලි අරන් එලියට බහින් කොට බුරුව ගැසීමේ වරදට පොලිසියෙන් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ.(නදී) ද
බූරු ගැසීමේ නීතිය. සල්ලි අතේ ඇති විට කවදාවත් බූරු නොගසන්න. පොඩි මුදලක් අතේ ඇතිව ගොස් දිනන්නේ නම් දිගටම ගසන්න.(නදී)
මළගෙවල්වල අපිත් ඔය වැඩේ පටන් ගන්නවා! පසුවදාට ස්වීප් ගන්නවා! රබර් නම් අපිටත් ඇදෙයි.(නදී)
අනේ මෙහෙමත් අය.(නදී)
මහන්සියෙන් තොරව උපයන සල්ලිවලට ආයු කාලය අඩුයි.. (ස)
බූරුවා ගහන එක සහ ලොටරි අදින දෙකම සූදුවක් ..ආණ්ඩුව එකකට අවසර දීල.(නදී)
හනේ කාලේ-වනේ වාසේ කිව්වලු.(නදී)
ඇත්තටම පින් වන්තයෙක්. පෙර කල පින තමයි මේ පල දුන්නේ (දී)
බූරුවා ගහන්න හොඳ නැහැ. (නි)
අපිට වෙන්නේ නැහැනේ මෙවන් දේ (දී)
මෙහෙමත් පින්වන්තු ඉන්නවාද (දී)
ඔය දිනපු ලක්ෂ 20 ත් මෙයා බුරු ගහලා නාස්ති කරයි... ඔය වගේ මිනිස්සුන්ට තමා ඒකත් ලැබෙන්නේ...(ස)
කරුණාකර බූරු ගෑසීමට ඈති ස්ථානවල ලිපිනයන් මේ සමග පල කරන්න. (ස)
රට රස්සාව දාලා ලංකාවට ගිහිල්ලා හෙට ඉඳලා මාත් බූරුවා ගහන්න යන්න ඕනෑ. කරුණාකර මළගෙවල් වල ලිපින දෙකතුනක් දැනුම් දෙන්න. (නි)
මමත් හෙට ඉදල බුරුව ගන්න පටන් ගන්න ඕනේ...(ස)
හැබැයි මේ විදියට බුරු ගැහුවොත් ඔය සල්ලි නැතිවෙයි. (නි)
දැන් මේ විදියට අපේ මිනිස්සු බූරුවෝ ගහන්නත් යාවි. දිනුවොත් කෙළින්ම ත්‍රීවීල් එකක් අරන් කොළඹ ගිහිල්ලා ලොතරැයි ටිකක් ගන්නත් බලායි..(ස)
හිටින්, බූරු පොලට දුවලා එන්න. (ස)
මාර පිනක් නේ (දී)
බුදුරජාණන් වහන්සේ සුරාව ගැන විතරක් නොවෙයි සූදුව ගැනත් වදාල සේක, අපේ රටේ බහුතර බෞද්ධයා ජීවත් වෙන්නේ බුදු දහමට පටහැනිව. (ස)
ඉගෙනගන්න පිටරට එවන එක තරම් අපරාධයක් තවත් නැහැ. දරුවන් විනාශම වී යනවා. (නි)
දෙන දෙවියෝ ගෙට ගෙනවිත් ම දෙනවා.........(ස)
හිත හොදනම් වරදින්නේ කොහොමද සුද්දා (ස)
පෙර පව් වගේම පෙර පිනුත් පලදෙනව. දැන්වත් පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න.(ස)
ෂෙරිෆ් ඔයා බන කියන්නේ නැතුව කරුණාකරලා ඇත්ත නම දාන්න. ලැජ්ජයි (ස)
ආණ්ඩුවේ සල්ලි හොයන ජාවාරම ස්වීප්.(නදී)
බුරු ගහනකම් පොලිසිය නිදිද?(නදී)
අලුත් අවුරුදු තෑග්ගක් (දී)
අනිත් අයගේ වැරදි හොය හොය යන ලාංකිකයින් තමන් හරිද වැරදිද කියලා හොයලා බලපු බවක් ඉතිහාසයෙම නැහැ. අනුන්ට දොස් කියන අයට තමන්ග් වැරදි කිසි දින පේන්නේ නැහැ.(නදී)
මේ මනුස්සයත් සල්ලි නිසා නැතිවෙන්න වගේ හදන්නේ (නි)
සුනිල් විනාස වෙන එකා ලංකාවේ හිටියත් විනාස වෙනවා. පිට රට හිටියත් විනාස වෙනවා. ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා මෙහෙම වෙන්නේ දරුවන් වගේම දෙමව්පියනුත් කරන ලද පින පව අනුවයි.(නදී)
ඔය ලොතරැයි දිනුමෙන් ලැබුනු මුදලුත් බුරුවා ගැසීමටම යොදවනවා නම් මේ පුද්ගලයාගේ විනාශය පටන්ගත්තා වෙනවා. එහෙම නොවෙන්න කල්පනාවෙන් වැඩකලොත් හොදයි. (නි)