2017-02-15-ent-57

සුපිරි තරු මාවතේ පැමිණි ගායකයන්ගෙන් අද ඉතුර ඇත්තේ ඉතාමත් ස්වල්ප දෙනයි. ඒ අතුරින් විවිධ වූ වෙනස්කම් සිදුකරමින් සංගීත ගමන තුළ බොහෝ දුරක් පැමිණි ගායකයෙකු ලෙ2017-02-15-ent-55ස මංජුල පුෂ්පකුමාර හැඳින්විය හැකිය. පසුගියදා එළිදැක්වූ ඔහුගේ නවතම ගීතයක් වන "තාත්තා" ගීතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. මේ ඒ පිළිබඳව සහ ඔහුගේ සංගීත දිවිය පිළිබඳව "තරුණයා" සමග යෙදුණු කතා බහයි.

 

ඔබේ ගීතයත් සමග අලුත් වෙනසක් වුන බව ඔබ කියනවා. ඒ ගැන අපි කතා කරමු.

වෙනසක් කියන්නේ මෙහෙමයි. දැන් තියෙන්නේ ඔක්කොම අඬන සින්දු. මමත් කලින් අඬන සිංදු කළානෙ. දැන් ඒ ඇඬිල්ල හරිම සවුත්තු විදියටම ඇවිල්ලා. ඉතිං මේ අවස්ථාවේ වෙනසක් කරන්න ඕනෙ කියලා හිතලා තමයි "තාත්තා" සිංදුව කළේ. ඉතිං ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් අය කියන්නේ කාලෙකින් ඇහුන හොඳ අර්ථවත් ගීතයක් කියලා. මියුසික් වීඩියෝ එක ගැන තමයි ගොඩක්ම කතා වෙන්නේ. මෙතෙක් තාත්තා ගැන කළ කිසිම මියුසික් වීඩියෝවක් මේතරම් හොඳට හදවතට දැනෙන වීඩියෝවක් ලෙස මේ වීඩියෝව මෙන් සාර්ථක වෙලා නැහැ. මම හිතන්නේ ලංකාවේ හැමෝම වගේ කතාවෙනවා ඒ මියුසික් වීඩියෝව ගැන සහ ගීතය ගැන.

 

විරහ ගීත රැල්ලත් සමග සිටි ඔබ ඇයි මේ ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ?

ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. නැවතත් ඒවා කරන්න වෙනවා. මම කියන්නේ ඒ දෙයින් අපට මදකට හරි මිදෙන්න පුළුවන්නම් හොඳයි. අපි කතා කරන්නෙම, මාර්කට් කරන්නෙම විහරව. විහරව කියන එක මීට අවුරුදු 20ට 30කට කලිනුත් මාර්කට් කළා. මෙයට හේතුව, වෘත්තීය ගායකයින්ට අමතරව ආසාවට ගීත ගායනා කරන අය බිහිවීම. එය රැල්ලට යාමක් වෙනවා. නිෂ්පාදන ආයතන, සිංදු ලියන අය ඕනෙ තරම් ඉන්නවා. ඒ දේවල් එක්ක අපට මාධ්‍ය ආයතනයකට ගීතයක් දෙන්න වුනත් සෑහෙන්න අමාරුයි.

කෙල්ල පස්සෙන් යන සිංදුනෙ ගොඩක්ම තිබුනෙ. දැන් තියෙනවා "මට උඹ වැඩක් නෑ, ඕනෙ දෙයක් වෙද්දෙං, ඕන්නං පලයං" අන්න ඒ වගේ ගීත. ඒකත් හොඳයි. මොකද අඬලා අඬලා ඉවරයක් තියෙන්නත් ඕනෙනෙ. මමත් ඒ වගේ සිංදු කිව්වා. හිතලා හිතලා කල්පනා කරලා තමයි මේ නිර්මාණයට දායක වුනේ. මොකද අම්මා වෙනුවෙන් සිංදු ගොඩක් හැදෙනවා. තාත්තලා වෙනුවෙන් සිංදු හැදෙනවා ගොඩක් අඩුයි.

 

ගොඩක් අය කියන දෙයක් තමයි අපෙන් ඉල්ලන දේ තමයි අපි දෙන්නේ කියලා. ඔබ කියන විදියට මේ රැල්ල හදන්නෙ රසිකයින්ද? ගායකයින්ද?

නෑ. පැහැදිලිවම රසිකයො ඉල්ලන්නේ නෑ. මොකද රසිකයො ඉල්ලන්නේ නෑනෙ මට මේක ඕනෙ මේක ඕනෙ කියලා.

කාලයක් හිපොප් තිබුනනෙ. ඒක සම්පූර්ණයෙන්ම යට ගිහිල්ලා වෙනමම එකක් හැදුනා. ඒ දේ උඩට ගේන්නෙ කවුරුහරි එක්තරා පිරිසක්. ඒ කරන කෙනාවත් දන්නේ නෑ එයා මේ කරන දෙයින් මේ වගේ රැල්ලක් ඇතිවෙයි කියලා. එක්කෙනෙක් මේක කරපුවාම අනිවාර්යෙන් මේක දිගටම යනවා. දැන් මගෙ වීඩියෝ එක වුනත් එහෙමයි. මීට කලින් ලංකාවේ ගොඩක් දෙනෙක් වීඩියෝස් කළා. ඒ දේවල් කොපි කරලා අනිත් අය කරනවා. අන්න ඒ වගේ රැල්ලක් යන්නේ. අපි දෙනදේ තමයි රසිකයෝ අහන්නේ. අහල තමයි ඒ අය හොඳද නරකද කියන එක තීරණය කරන්නේ. රසිකයො ඉල්ලන දේ දෙන්නෙ කියලා කවුරු හරි කියනවා නම් ඒක මහ විහිළුවක්. රසිකයො ප්‍රං‘සග වේදිකාවෙදිනම් ඉල්ලනවා. මම හිතන්නෙ දෙමව්පියො, රට ජාතිය ආගම ගැන කියවෙන සිංදු හරිම ලස්සනයි. ඒ අතින් මේ ගීතයෙ හැම දෙයක්ම බොහොම හොඳට ගැලපුනා.

 

ගීතයක් නිර්මාණය කරන්නේ වෙළෙඳපොළ උදෙසාමද?

ඉස්සර මිනිස්සු ගීතයක් කළේ මුදල් කියන දේ බලාපොරාත්තුවෙන් නෙවෙයි. එතන තියෙන්නේ කලාකරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. එතන තියෙන්නේ කාලය පිළිබඳ ගැටලුවක්. ඒ කාලෙ මිනිස්සු නිදහසේ හොඳට හිතලා මතලා නිර්මාණ කළා. දැන එහෙම නෙවෙයි. දැන් තියෙන තරගකාරී බවත් එක්ක, තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු දැන් ගොඩක් සල්ලි හොයන්න තමයි උත්සාහ කරන්නෙ. රිගින් ටෝන් කියන දේ තියෙනවා. නමුත් සමහර ගීත නිර්මාණය වෙනවා රිගින්ටෝන් කියන දේ ගෑවෙන්නේවත් නැති වෙන්න. මොකද තාත්තා කියන ගීතය නිර්මාණය වුනෙත් සල්ලි හොයන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි. සික්ස්එයිට් බීට් එකෙන් තියෙන සිංදු රිගින්ටෝන්වලට යන්නේ නැහැ. ඔය කියන විරහව පදනම් කරගත්ත ගීත තමයි රිගින්ටෝන් සඳහා ගැලපෙන්නේ. රිගින්ටෝන්වලට තමයි මේ කාලේ ගීත ගොඩක් හැදෙන්නේ. නමුත් සමහර ගීත සහ සමහර කලාකරුවන් සිටිනවා එහෙම කරන්නේ නැති. රිගින් ටෝන් කියනදේ හැමදාම තියාගන්නත් බෑ. කාලයක් යද්දී මිනිස්සුන්ටත් ඕක එපා වෙනවා.

 

මේ යන ගීත රැල්ල වෙනස්වේවි කියල අදහස් ඔබට තියෙනවාද?

මේ රැල්ල කියන දේ අනිවාර්යෙන් වෙනස් වෙනවා. කලින් ලංකාවේ තිබුනෙ හිපොප් වගේ මියුසික් ස්ටයිල්නේ. ඒ දේවල් වෙනස් වුනා මේ රැල්ලත් එක්ක. 70, 80 දශකවල තිබුනේ වෙනම රැල්ලක්. තව අවුරුදු ගානකින් මේ තියෙන රැල්ල වෙනස්වෙලා මොකක් හරි දෙයක් එයි. ආර්ටිස්ලට පුළුවන් කථාකරලා අර්ථවත් වැඩක් කරන්න. ප්‍රේමය, ආදරය පදනම් කරගෙන තමයි නිර්මාණ බිහිවෙන්නේ. නමුත් හැදෙන විදිය සහ ලියවෙන විදියෙ තමයි ගැටළුව තියෙන්නෙ.

 

ඔබේ ඉදරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැනත් කියමු.

"තාත්තා" එහෙමත් නැතිනම් "දෙවියන් දුටිමි" කියන ගීතය පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ රිගින්ටෝන් දාලා මුදල් හොයන පරමාර්තය නෙවෙයි. කවදාවත් මට නොලැබුන ප්‍රතිචාර ඒ ගීතයට සහ වීඩියෝවට ලැබුණා. ගායකයෙන් ලෙසට මගේ ඕනෑම ගීතයක් පිටරට හා ලංකාවේ ඕනෑම ප්‍රසංගයක කියන්න කැමතියි. එවැනි සංගීත ප්‍රසංග ඕනෑම කෙනෙකුට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මගේ සංගීත කණ්ඩායම වන %ආයුබෝවන් ශ්‍රී^ හි වැඩකටයුතුත් කරගෙන ඉදිරියේදී වෙනස් ආකාරයේ ගීත හදන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඔබේ මේ ගීතයට සහ මෙතෙක් ඔබට උදව් උපකාර කළ අතහිතදුන් මතක් කළ යුතු පිරිසක් ඇති.

හසිත ජයසංක කියන්නෙ ලංකාවේ හොඳ එඩිටර් කෙනෙක්. ඔහු ආර්ටිස් කෙනෙකුට කරපු පළමුවැනි මියුසික් වීඩියෝව තමයි මෙය. හසිත මල්ලි, ජයසංක, එරංග, තරංග බණ්ඩාර, සියළුම දෙනා වීඩියෝ එකට උදව් කළා. ඒ ගැන බොහෝ දෙනෙක් කතාබහ වෙනවා. ඒ වගේම වීඩියෝවෙහි සිටින රංගනශිල්පීන් ලොකු සහයෝගයක් ලබාදුන්නා. මේ සිංදුවෙ මෙච්චර ලස්සන වචන, මියුසික් මේ හැමදේම කළේ චතුර වර්ණසේකර ඔහුට විශේෂ ස්තූතියක් පුදකළ යුතුයි. තේජන ගබඩාමුදලිගේ මගේ පිටුපසින් සිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මගේ බිරිඳ, මගේ පවුලේ අය ඇතුළු සියළුම දෙනා මට ගොඩක් උදව් උපකාර කළා.

 

0711452377

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 2017-02-15-ent-56
2017-02-15-ent-54