දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීය. පිිරිහි ගිය දේශපාලන සංස්කෘතිය දුරැර, අල්ලස, දූෂණය හා දුප්පත්කම පිටු දැක සදාචාර සම්පන් සමාජයක් ගොඩනැගීමට ඩී.එස්.සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක දර්ශනය පදනම් වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතිය ඇමැතූ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. තමාට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට ස්තුති කරන බවත් රටේ සියලු ජනතාවගේ අනාගතය බාර ගන්නා බවත් දින සියයේ වැඩ පිළිවෙළ යටතේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික පරිවර්තනයක් සඳහා නිසි පියවර ගන්නා බවත් යළි ජනපතිවරණයකට තමා ඉදිරිපත් නොවන බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය. නීතිය ප්‍රජාතන්ත්‍රවාදය යළි සුරක්ෂිත කර හෙට උපදින දරුවන්ගේ වගකීම ද බාර ගන්නා බව කී සිරිසේන මහතා ඡන්ද සමයේදී තමාට හා තම ආධාරකරුවනට නොයෙකුත් තාඩන පීඩන හිරි හැර ගැහැට හා තර්ජන එල්ල කළ සැමදෙනා වෙත නහේවේරේන වේරාණි යන උතුම් ධර්ම පදය අනුව ක්‍රියාකරන බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද බහුතර ජනකොටසේ බහුතරය දිනාගෙන, සුළුතර ජනකොටසේ සුළුතරය දිනාගෙන මැතිවරණයෙන් පරාජය වුනා. දල වශයෙන්, සිංහල ඡන්ද වලින් මෛත්‍රී ලක්ෂ 3.3කින් පරාදයි. මෛත්‍රී බහුතර ජන කොටසේ සුළුතරය දිනාගෙන, සුළුතර ජනකොටසේ බහුතරය දිනාගෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. සුළු ජාතික ඡන්ද වලින් ආපු වැඩි ඡන්ද ලක්ෂ ලක්ෂ 7.8 න් තමයි මෛත්‍රී මහින්දට වඩා ලක්ෂ 4.4ක් ඡන්ද ගත්තේ. (නදී)
ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයට හිස නමා ආචාර කරමි.(නදි)
ශාන මමත් ඔබ සමග එකගයි.... අපි බලා ඉදිමු සියලු ජාතින් සමගියෙන් ජීවත් වන සිංහල බෞද්ධ රටක් බිහිකරන තුරු..
රටට හොඳක් වෙයි (නි)
අපි බලන් ඉන්නේ බලමු ඔය කියන දින 100. දැනටම දින 2ක් ඉවර උනා. තව දින 98 යි. (නදී)
මේ වගේ ජනාධිපතිවරයෙක් තමයි අපේ බෞද්ධ රටක පාලනය ගෙනයන්න ඕනෑ.ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔබ පතන ලක්බිම ඔබට ගොඩ නඟන්නට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා! ඔබට ජයෙන් ජය වේව! දීර්ඝායුෂ (අ)
මේ වගේ ජනාධිපතිවරයෙක් තමයි අපේ බෞද්ධ රටක පාලනය ගෙනයන්න ඕනෑ. නහී වේරේන වේරානි... මේ උතුම් ධම්මපදය මෙතුමා දිවුරුම් දුන් දවසෙම මහජනතාව ඉදිරියේම ප්‍රකාශ කිරීම මොනතරම් උතුම්ද? ඒක තමා නියම බෞද්ධකම කියන්නේ. ජනාධිපතිතුමනි, ඔබතුමාට දීර්ඝායුෂ! (නි)
මොකද්ද දින සීයේ පොරොන්දුව .කෝ තාම වැඩ නෑනේ (දිල්)
දෙමව්පියන් වැදගත් ශීලාචාර ගුණයහපත් උදවියද නැද්ද යන්න දේශපාලකයන්ගේ හැසිරීමෙන් බලාගන්න පුළුවන්. (නි)
අපි ඔබ සමඟයි (නි)
ගරු නව ජනාධිපතිතුමනි, මගේ හෘදයාංගම සුබපැතුම්! (නි)
ජනතාවට සත්‍ය පහදා දී නිවැරදි මාර්ගයට යොමුකළ ඔබතුමාට දීර්ඝායුෂ! (නි)
ජයවේවා! (නි)
ශාන, අම්මපා ඔහේගේ කටේ මසුරන් දමන්න වටිනවා (නි)
නව ජනාධිපතිතුමනි, දේශහිතෛෂී උතුරු නැගෙනහිර සැමදෙනා එක්ව ඔබතුමාට මෙම වගකීම පවරා ඇත (නි)
ඔබතුමා නියම පාලකයෙක්. බොහෝ අයට මේ තනතුරට පත් වූ විගස අමතක වුණ කලින් දුන් පොරොන්දු ඔබතුමාම අපිට මතක් කර දුන්නා. ඔබට අපගේ ප්‍රණාමය! (දිල්)
ලියොන් දන්නා තරම තමයි ඔය (නි)
නව ජනාධිපතිතුමනි,මෙත් සිතින්ම ඹබතුමාට සුබ පතමි! (නි)
පොළොවේ පයගහලා ඉන්න නායකත්වයක් පෙන්නුම් කරනවා (නි)
නැවත යුද්ධයක් ඇති නොවී කියන දේ ඒ වියටම වුණොත් හොදයි (දිල්)
බලමු මේ කියන දේවල් මේ විදියටම සිදු වේවිද කියලා (දිල්)
ජයවේවා! (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔබ පතන ලක්බිම ඔබට ගොඩ නඟන්නට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා! ඔබට ජයෙන් ජය වේව! (නි)
නිහතමානී ඔබතුමාට, ලක් භුමියේ නව පිටුවක් පෙරළීමට , අපේ අහිංසක දරුවන්ට සුරක්ෂිත, අපිට ගෞරවනීය දේශයක් නැවත බිහිකිරීමට, සිංහල - දමිල - මුස්ලිම් - බර්ගර් එක්කිරීමට, නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවා! ජයවේවා !! (නි)
නව ජනාධිපතිතුමනි, දේශහිතෛෂී සැමදෙනා එක්ව ඔබතුමාට මෙම වගකීම පවරා ඇත. අපේ පෙර සිටි ලක්දෙටු පුතුන්ට ඉටුකීරීමට නොහැකි වූ මත් උවදුර ආදී දුෂණයන් මැඩලීමට වහාම පියවර ගනිමින් ආගම් බේද, වර්ගබේද නොමැති සමාජයක් බිහි කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා කියා පතමි (නි)
අපි බලා ඉන්නවා (නි)
ජාතිවාදය අවුස්සන සමහර අයටත් මෙයින් ඉගෙන ගන්න දේවල් තියෙනවා.(දිල්)
ජයෙන් ජය අපේ ජනාධිපතිතුමාට (නදී)
චිරං ජයතු අතිගරු ජනපතිතුමනි! (නි)
දැහැමිව රට පාලනය කරන්න ඔබට බලය ශක්තිය ලැබේව කියා මම පාර්ථනා කරනවා (අ)