පානදුර කේතුමතී කාන්තා රෝහලේදී උපත ලද තම දෑත් අහිමි දරුවා ප්‍රතික්ෂේප කළ යුවළක් පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (19) රුපියල් ලක්ෂය බැගින්වූ ඇප මත නිදහස් කළේය.
උපතින්ම දෑත් අහිමි දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කළ එම දෙමාපියන්ට විරුද්ධව රෝහල පොලිසියට කරුණු දැක්වීමෙන් පසු යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියා කළේය.
දරුවා පරිවාස භාරයට පත් කළ අධිකරණය දරුවාගේ වෛද්‍ය වාර්තාවක් මෙන්ම මවගේ මානසික තත්ත්වය පරීක්ෂාකර වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස දැන්වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දෙමාපියන් කියන්නත් ලැජ්ජයි.(ම)
තිළිණ- ඔබ දන්නවද කෘත්‍රිම අතක මිල (ම)
මේ අම්මෙක්ද? තිරිසන් සතෙක්වත් කරන්න හිතන්නේ නැති දෙයක් මේ (නි)
මේ රටට වෙලා තියෙන දේ මෙවැනි සිද්ධි තුළින් පේනවා. රටට අවශ්‍ය ආර්ථිකමය වෙනසක් නොවේ. අවශ්‍ය ආකල්පමය හා මානුෂිය කැරැල්ලක්. (ම)
මේ අම්මාට දොස් කියන්න එපා. දිළිඳු කම නිසා බැරි ඇති. බණ්ඩාර කියන විදියට නම් මේ ළමය උපදින්න කලින් මරන්න වෙනවා. මොන පවුකාර කතාවක්ද?(ම)
සහගහනවා මේ වගේ එවුන්ට...(බ)
කොහොම හරි ඉගෙන ගනින් මගේ රත්තරන් පැටියෝ (බ)
මාර අම්මල දැන් ඉන්නේ? පින්සිද්ධ වෙයි මේ දරුවා ඔයාල හදාගන්න ඔයාලට මතු ආත්ම බවයකදී නිවන් දකින්න මේ පිනම ඇති .මේ දරුවා ඔයලාට වාසනාවන්ත දරුවෙක් වෙනවා එ්කාන්තයි (බ)
දෙදහස් පන්සියයේ වංශය කබල් ගෑවත් ඇත්ත තත්වය ඕකයි. (බ)
මේ අම්ම ට මේ ළමය හදාගන්න තත්වයක් නැතුව ඇති ලමයව ඝාතනය නොකර මෙහෙම කරපු එකත් ලොකු දෙයක් (බ)
මේ දරුවා ලොව වෙනස් කිරීමට භාවිතා වෙනවා ඇති.සර්වබලදරී දෙවියන් වහන්සේ ඔබව අත් නොහරිනු ඇත (ම)
මේ දරුවා ගැන මට දුකයි (නි)
මේ දෙමාපියන් දෙදෙනාට ඒ ළමයා හදාගන්න බැරුව ඇති. ජීවිතේට හානියක් නොකර ප්‍රතික්ෂේප කළ එක හොඳයි (නි)
මේවට තමයි ස්කෑන් පරීක්ෂණ තියෙන්න කුසට ඇවිත් මාස 2-3 කාලේ ඉඳල වරින්වර ස්කෑන් කරන්න ඕනේ මුලදීම දැන ගත්ත නම් වර්ධනය වීමට පෙර අයින් කළ හැකියි එක සිත ශක්තිමත් කරගෙන ගත යුතු දැඩි තීරණයක් ඉපදෙන්න සිටින කෙනාගෙත් දෙමාපියන්ගේත් යහපත වෙනුවෙන් ආබාධීත දරුවෙක් ඉපදී දුක් විදිනවට වඩා ඉපදීමට පෙර කුසින් ඉවත් කිරීම වටිනවා කියලයි මම කියන්නේ (ම)
දෙවියන් වහන්සේ ඔබව අතනාරිනු ඇත. ඔබ ලෝකය තුළ ඉහළින්ම වැජඹේවි (නි)
මට ඔය ළමයාව හදාගන්න දෙන්න. නැත්නම් අවශ්‍ය ආධාර ලබාදෙන්න මා සුදානම් (නි)
සසර (බ)
පානදුර බෞද්ධ පුරවරයේ මෙහෙමත් අම්මලා? කියන්නත් ලැජ්ජයි (නි)
දැන් කළලයට මාස 2ක් පමණ වන විට රජයේ රෝහල් වල ස්කෑන් කර හොදට ඉන්නවාද බලනවා නේද. (අ)
මේගැන තීරණයක් සරලව ගන්න අමාරු වේවි . (අ)
මොකද දෙවියනේ.. මෙහෙම දරුවෝ උපදින්නේ .ඔය ළමයා මුළු ජීවිතයම මානසිකව දුක්විඳිනවා. දරුවට දෙවිපිහිට වේවා. (අ)
ඔය සම්බන්දව කරන ස්කෑන් හරික්ෂණත්. සතිදෙකෙන් කරන්නේ රජයේ රෝහල් වල නැහැ. . දුප්පත් මිනිසුන්ට සල්ලිනෑ. (අ)
කරුණාකර මේ මවුපිය යුවළගේ සමාජ වටපිටාව සොයා බලා හේතුව තේරුම් ගන්න (අ)
රජයෙන් දෙන කෑම මල්ලත් කාලාම වෙන්න ඇති දරුවා දාලා ගියේ. (නි)
මේ අහිංසක දරුවාට මෙසේ වුණේ දෙමාපියන්ගේ ජාන සහ පරිසරය නිසා බව මොවුන්ට තේරුම්කර දෙන්න (නි)
පානදුර පරිවාස කාර්යාලයට මම කතා කලා. 0382232134. මට හැකි දේ මම කරනවා . ඔබට හැකි දේ ඔබ කරන්න. මේ දරුවා වාසනාවන්තයි. දැනටමත් ගොඩ දෙනෙක් මේ දරුවා ගැන විස්තර හොයනවා . සමහරවිට හොද අම්මෙක් තාත්තෙක් ලබන්නත් ඉඩ තියෙනවා (ම)
මෙතන ඇති සමාජීය ගැටලුව දැකීම වැදගත් වේ (ම)
තිරිසන් සතුනුත් මීට වැඩිය සැලකීමක් කරනවා උන්ගේ පැටව් වෙනුවෙන් , ලෝකේ විනිවිද දැකගන ඉතාම උසස් දත් දොස්තර කෙනෙක් වෙන්න වාසනාව දිරිය ලැබේවා ! (ම)
ඉතාමත් දුක්ඛිත තත්වයක්. හේතුව මිනිසත්බව ඉක්මවා දිළිඳුබව,අනාගතයේදී උදාවන තත්වයන්ට මුහුණදීමට නොහැකිවීම/අකමැතිවීම විය හැකිය. මෙසේ වීමට හේතුව සමහරවිට ගර්භනි අවස්ථාවේදී නිසි පෝෂණය නොලැබීමද විය හැකිය. මා දන්නා හැටියට නම් මෙවැනි ප්‍රශ්න වලට හොඳම ක්‍රමය ඕස්ට්‍රේලියානු සමාජ සත්කාර ක්‍රමයයි. (නි)
අම්මලාගේ වැරැද්දක් නැහැ. ඔයවගේ ළමයෙක් හදාගන්න එක අපේ වගේ රටක අමාරු වැඩක්. දියුණු රටවල ආබාධිත අයටත් සමාන පහසුකම් ලබනවා. අපේ රට ඉතින් කවදාවත් දියුණු වෙන්න හදන රටක් නම් නෙමෙයි. දේශපාලුවෝ පස්සේ නටනවනේ. (නි)
මව් කුස හිටියදී ගබ්සා කරන්න හැදුවනම් මෙවැනි අංග විකල දරුවන් බිහිවන බව ප්‍රකට දත්තයකි (ම)
දිළිඳු කමට ඒ කිරිකැටියා පලිද. එහෙනම් ඉතින් දරුවෝ වදන්න කලින් ඒ ගැන හිතන්න ඕනේ. පුදුම කතා තමයි මේවා නම්.(නදී)
දැන් කෘත්‍රිම අත් බද්ධ කරන තාක්ෂණය ලෝකේ තියෙද්දී මෙහෙම කරන මිනිස්සු පිස්සෝ (ම)