IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දත් තුනක් ගලවගන්න ගිහින් ඇන්දම නැතිව ගෙදර එයි

ක්‍රිස්ටොපර් ක්‍රිස් (21) ඇමෙරිකාවේ  මන්ද මානසික තරුණයෙකි.  කලක පටන් ඔහුට අධික දත් කැක්කුමක් තිබිණි. පසුගියදා ඔහු ඉන්දියානාපොලිස් නුවර   පෞද්ගලික දත් රෝහලකට යනුයේ තම රිදුම් දෙන දත් තුනක් ගලවා ගැනීමටය.

 ක්‍රිස්ටොපර්ගේ මව දුරකතනයෙන් වෛද්‍යවරයාට තම පුතුගේ අවශ්‍යතාව දන්වා තිබිණි.

ක්‍රිස්ටොපර්ගේ වාරය එළඹුණු පසු ඔහු දත් ගලවා ගැනිම සදහා ඇතුළු විය. පැයකට පසු කටින් ලේ පෙරෙමින් හැඩූ  කදුලින් එළියට එන ක්‍රිස්ටොපර් ගැන කියනුයේ ඔහුට පසු වාරය ලබාගෙන සිටි ශේනා කොර්තේස්ය.

‘මම ගොඩක් බය වුණා. මේ තරුණයාගේ කටේ එක දතක් වත් තිබුනේ නැහැ.  මමත් දත් ගෑලවීම පසෙක දාලා ගෙදර ගියා.‘

 ක්‍රිස්ටොපර්ගෙ කටෙ දත් සියල්ලම ගැලවූ වෛද්‍ය මධ්‍යස්ථානය ගැන    තවතවත් තොරතුරු අනාවරණය කරන්න ෆොක්ස් නිවුස් ආයතනය ඉදිරිපත් වුණා. මෙම ආයතනට ඇවිත් දත් ගලවාගත් කිහිප දෙනෙකුටම මෙවැනිම අනතුරු සිදුවෙලා තිබෙන බව ෆොක්ස් නිවුස් ආයතනය කියයි.  රිදුම් දෙන උඩු  ඈන්දේ  දතක් ගලවා ගැනිමට ගිය රෝස් හිල්ට සිදුවී ඇත්තේද යටි ඇන්දේ දත් තුනක් නැතිව ගෙදර ඒමටය.



අදහස් (0)

දත් තුනක් ගලවගන්න ගිහින් ඇන්දම නැතිව ගෙදර එයි

හේවාවිතාරණ Wednesday, 17 April 2013 01:41 AM

ලංකාවෙත් ඕක වෙනවා පොලිස් මහත්මයකුට ගලකින් දමලා ගැහුවා නම් (නි)

:       0       0

දිනේෂ් Sunday, 14 April 2013 03:09 PM

දැක්කම හිනහත් යනවා . කොහොම වුණත් වැරදි වැඩක් කරලා තියෙන්නේ. පව් අසරණයා. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 April 2013 01:47 AM

ක්‍රිස්ටෝපර් නෙමේ මානසික රෝගියා දොස්තර (නි)

:       0       0

මාටින් Monday, 15 April 2013 11:46 AM

මම හිතන්නේ ඔය හොද දතුත් වෙන අයගේ කටවල් වල සවි කරලා සල්ලි කරනවා ඇති නේද ? (නි)

:       0       0

හේරත් Sunday, 14 April 2013 06:02 PM

අපි දැන් දන්ත මුක්ත දත් බෙහෙත් පාවිච්චියට ගනිමු. (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 15 April 2013 11:54 AM

මට පුළුවන් ඕනෑනම් එක දතක් දාලා දෙන්න (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 14 April 2013 06:03 PM

ලෙඩා වගේම, අනිත් දොස්තරලගේත් අවාසනාව... (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:09 PM

දැන් ඉතින් ‍මේ මනුෂ්‍යයා දත්නැතුව බත් කන්නේ කෙසේද? (නි)

:       0       0

උ.අ.ඒ.රවි Saturday, 13 April 2013 11:32 PM

පව් අසරණ කොල්ලා.දැන් කන්නේ කොහොමද? (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 14 April 2013 12:13 AM

තරුණයාට බාගෙට පිස්සු, දත් දොස්තරට හොඳටම පිස්සු. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 15 April 2013 01:29 PM

ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොහෙත් ඉන්නවා අදක්ෂ දොස්තරවරු. වෙනසකට තිබෙන්නේ බටහිර රටවල ඒ පිලිබධව නීති මගින් කටුතු කරන්න පුළුවන් වීම. නමුත් ලංකාවේ එහෙම කරන්න ගියොත් දොස්ටර මාෆියාව වැඩ වර්ජනය කර දවසකට ලෙඩ්ඩු 10 වත් මරා දමාවී. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 08:10 PM

‍කොස්වත්ත එහෙම කියන්න ඒපා ඔයා කොස් කාල කාල ඔයාගේ දත් නරක් කරගත්තාට කොප්පර හන්දිෙය් දත් දොස්තර පලිද? මමත් ඒ දොස්තර ලගට ගිහින් තියෙනවා. ඔයා පෙන්නුව දත් තමයි ඒ දොස්තර ගලවලා තියෙන්නේ එහෙනම්.(නදී)

:       0       0

මුනසිංහ Sunday, 14 April 2013 05:35 AM

මානව හිමිකම් උල්ලංගනය වීමක් නොවෙයිද?(නදී)

:       0       0

දුමින්ද Sunday, 14 April 2013 06:31 AM

මෙහෙත් ඉන්නවා සල්ලිදීල පුද්ගලික මධ්‍යස්තනයකට ගියත් ඔහොම වැඩකරන අය.(නදී)

:       0       0

දමිමි Sunday, 14 April 2013 08:27 AM

මාතරත් හිටියා අතපය කපන දොස්තර කෙනෙක්.(නදී)

:       0       0

නෙතුමි Sunday, 14 April 2013 11:24 PM

අද කාලේ මිනිස්සුන්ට බාගෙට පිස්සු. දත් වල වටිනාකමක් නොදන්නා මේ වගේ මිනිස්සු ?? (නි)

:       0       0

ධනංජය Tuesday, 16 April 2013 07:30 AM

මොනවා කරන්නද? අද කවුරුත් දත් ගලවනවනේ. (නි)

:       0       0

රොෂාන් Sunday, 14 April 2013 10:24 AM

කටිටියම සල්ලි එකතුකරලා බොරු දත් කුට්ටමක් අරන් දෙමු.(නදී)

:       0       0

ගාල්ලේ කෙනෙක් Sunday, 14 April 2013 11:00 AM

ගාල්ලේ පෞද්ගලික රෝහලක ඉන්නවා දොස්තර කෙනෙක්. මනුස්සකම එලියට. සල්ලි ඇතුලට. ඒ වුනාට පොඩ්ඩ වරදින්න බැහැ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්න ලැහැස්තියි. මම ලබපු අත්දැකීමක් ලිව්වේ. (නි)

:       0       0

කොස්වත්ත Sunday, 14 April 2013 12:26 PM

කලකට පෙර මිගොමුවෙත්(කොප්පර හන්දිය ) හිටියා දත් දොස්තර කෙනෙක්. අපරාදේ මිනිහා මගේ හොද දත් 2ක් ගලෝලා දැම්මා. මුන් දොස්තර නෙමෙයි සත්තු.(නදී)

:       0       0

විහග Sunday, 14 April 2013 01:49 PM

ඇමෙරිකාවේ විතරක් නෙමේයි . අපේ රටෙත් මේ වගේ තැන් ඕනාතරම් ඇති. ටිකක් හොයල බලන්න වෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 747 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 567 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site