ඓතිහාසික දීඝවාපී සෑ මළුවේ පුරා විද්‍යා කැණීම්වලදී ලෝකඩ පිළිම අටක් හමුවී තිබේ.
චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඬේ කැණීම් කිරීමේදී පොළොව මට්ටමේ සිට සෙන්ටි මීටර් 35ක් ගැඹුරින් මෙම පිළිම සොයාගෙන ඇත.
කි‍්‍රස්තු වර්ෂ 7-8 සියවසට අයත් යැයි සැලැකිය හැකි මෙම පිළිමවලින් දෙකක් බෝසත් හෝ සතරවරම් දෙවියකුගේ යැයි සිතිය හැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් භාර අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා පැවැසීය.
මෙයට අමතරව ලෝහ පහනක්, කාසි, මුදුවක් සහ එයට ඔබ්බවන ගලක්ද, මැටි ප‍්‍රතිමාවක කෙහෙරැළි ද මැටි ගඩොල් කැටයම් ද හමුවී ඇත.
මෙයට පෙර කරන ලද කැණීම්වලදී ද ගව රූප, සිංහරූප, පබළු හා ශිලාලේඛන හමුවිය.
ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත සිවිල් ආරක්ෂක බලකායේ ශ‍්‍රම දායකත්වයෙන් කැණීම් කැරෙයි.









2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දීඝවාපියෙන් තවත් ඉපැරැණි සාධක
සොයිසා Monday, 11 June 2012 05:56 PM
මම ඔබට ණයගැති වෙමි...