( චමිල් රූපසිංහ)
දිගන, රජවැල්ල නිවසක් තුළ පියෙකු හා ඔහුගේ වයස අවුරුදු පහක් සහ දහතුනක් වන දරු දෙදෙනා අභිරහස් ලෙස පිළිස්සී මියගොස් සිටියදී සොයාගත් බව මැණික්හින්න පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දිගන රජවැල්ල දෙවන ජනපදයේ පදිංචි ඉන්දික පුෂ්පකුමාර ප්‍රේමතිලක (37), නවාංජනා ප්‍රේමතිලක (13) හා ගයාන් ප්‍රේමතිලක (05) නැමැති අය බව හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා ඔහුගේ දරු දෙදෙනා සමඟ ඉකුත් දින (09) රාත්‍රියේ අසළ නිවසකින් ඉඳිආප්ප රැගෙන නිවෙසට ගොස් තිබෙන බවත් අලුත් අවුරුද්ද සදහා දරුවන්ට ඇදුම් ගෙනා බවත් තොරතුරු අනාවරණය වී ඇත.
දරුවන්ගේ මව විදේශ ගතව සිටින අතර පියා අධික ලෙස ණය වී සිටි නිසා ජීවිත හානියක් සිදු කරගත්තේ දැයි සැකයක් පවතින බව ප්රදේශවාසිහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ උදම් ඇනුවට, රටේ ජනතාව ණය බරින් මිරිකිලා පීඩිත වෙලා ඉන්නේ. කොහොමත් ඉදරියට මේ රටේ දිවි නසා ගැනීම් වැඩි වේවි. දිවි නසා ගන්නවා හැර වෙන විකල්පයකුත් නැහැ. මොකද මේ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ.
මෙවැනි දේ අසන්නට ලැබීම ඉතාමත් ඛේදනීයයි. කෙසේ වෙතත් අද රටේ බොහෝ දෙන ණය වී ඇත්තේ, තමන්ගේ අදායමට සරිලන අන්දමින් ජීවත් නොවන බැවිනි. ඊට හේතුව විය හැක්කේ මුදල් පාලනය පිළිබඳව නිසි උගත්කමක් නොලැබීම සහ අර්ථයක් නොමැතිව කරන්නන් වාලේ වියදම් කිරීමයි. එවැනි දේට රජයට හෝ සමාජයේ අන් අයට දොස් කීමෙන් පලක් නැහැ.
මෙය ඝාතනයක් වෙන්න බැරිද? දිවි නසා ගැනීමක් කියා උපකල්පනයකට එන්න උතසාහ නොකර දරුවන්ගේ මරණ වලට සාධාරණය ඉටු කරන්න. එය පොලිසියේ වගකීමයි.
දිගන රජවැල්ල.. පසුගිය දිනවල රටපුරා ලොවපුරා ප්‍රචලිත වූ ප්‍රදේශයක් ජාතිවාදී ගැටුම් නිසාවෙන්.. එහි අතුරුඵලයක්ද විය හැකියි.. යමෙකු දිවිනසාගන්නේ නම් ඒ සඳහා සැලකිය යුතු කාලයක් දැඩි මානසික පීඩනයකින් සිටිය යුතුයි.. එමෙන්ම ඒ සඳහා කල්තියා සැලසුමක්ද තිබිය යුතුයි.. අලුත් අවුරුද්ද සමරන්න අලුතින් ඇඳුම් පැළඳුම් පවා ගෙන තිබූ පුද්ගලයෙක් දරු දෙදෙනාටද ගිනිතබා තමන්ද ගිනි තබා ගනීවි කියා මා නම් කිසිලෙසකින් විශ්වාස නොකරමි.. කෙසේ වෙතත් ඉදිරියේදී සත්‍ය සිදුවීම හෙලිදරව් කරගනු ඇත..