ලබාදුන් ජනවරමට අනුකූලව දේශපාලනයේ දිගටම නිරත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මැද ලැබූ මෙම ප්‍රතිඵලය නිහතමානීව පිළිගන්නා බවත් මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් සියලු ආදරණීය ඡන්ද දායකයින්ට හා පාක්ෂිකයින්ට තමාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන බවත් රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් කියා සිටියි.
පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මෙතෙක් රට ජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනපති වෙලා ඉඳලා නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් වෙන එක මොනතරම් ලැජ්ජාවක්ද? (නි)
ඔබ සැමදා අපගේ හදවතේ රැඳේවී අතිගරු ජනාධිපතිතුමනි (නි)
මහින්ද, ඔබ අපේ සදාදරණීය නායකයා. සිංහලයා අනගාරික ධර්මපාලතුමාවත් අමතක කළා. ඔබට සදාකල් ආදරය කළ ජනතාව වෙනුවෙන් දේශපාලනයේ ඉන්න ඔබව මිනිසුන්ට අවශ්‍ය වන දවස ළඟදීම උදාවෙනවා නියතයි (නි)
ජය වේවා! (නි)
ඔබතුමා සමඟ අපි නිතරම ඉන්නවා .ඔබයි මේ රටට නිදහස දුන් සැබෑ නායකයා. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
අනේ මන්දා මහත්තයෝ මේවා. ඒත් ඉතින් ඒක ඔබගේ කැමැත්තනේ (නි)
මහින්ද කරගත් ලොකුම වැරැද්ද යහපත් දේශපාලඥයෙකු තුළ තිබියයුතු ලැජ්ජා-භය නැතිකර ගැනීම. එය සැබෑ දේශපාලනයෙන් අපගමනයවීමක්. ඔබට හෝ ඔබ අවට සිට ඔබට වන්දිභට්ටකම් කළ කිසිවෙකුටවත් බැරිවුණා මේ අවාසනාවන්ත තත්වයෙන් ඔබව මුදවා ගන්න. ඔබ දේශපාලනයක් කළා යයි සිතනවා නම් ඒක ලොකු මුලාවක්. ඔබ ආපසු ඇවිත් කරන්න යන්නේ දේශපාලනයක් නොව යක් නැටුමක් නොහොත් තොවිලයක්. අන්තිමට බැලුවහම කරපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)
ඔබතුමා යන්න එපා කවදාවත්.ළඟදීම ලංකාවේ මිනිස්සු තෙරුම් ගනිවී.තෙරුවන් සරණයි ඔබතුමාට.(ම)
මහින්ද දැන් හිල්වුණ බැලුමක් වගෙයි. කරගත් වින්නැහිය තරම! හදිසි වුණේ නැත්තම් අදත් ජනාධිපති. රත්තරන් බිත්තර ටික ඔක්කොම එකපාරට ගන්න ගියා. (නි).
අපි හිතුවේ දැන්වත් තීරණයක් ගනී කියලා... (නි)