සංසාරේ ආල සිනා ශෘංගාරේ යා කෙරුණා පිනියායේ සැරි සරනා වරුගානේ කොඳුරමිනා සිත අස්සේ ඈ රැඳුනා සිත මාගේ පිනි ඉසිනා නෙතු යායේ ඉඟි බසිනා රතු දෙතොලක පැහැසර රැඳුණා වතු සුදු මල හද තුළ පිපුනා. ඔබෙ සුවඳ දිදී මදනල වෑහිලා පායා...... මේ ගීතය ගයන ඔහු කවුද කියා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඔහු දේශපාලන කරළියේ ජනප‍්‍රිය චරිතයක් ලෙස ඔබ හොඳින් දන්නා හඳුනන දයාසිරි ජයසේකරය. අද ඔහු ගැන වැඩිදෙනා කතා බහ වන්නේ ‘‘සංසාරේ” නමැති මේ මියුසික් වීඩියෝව නිසාය. වත්මනෙහි විකාශය වන මියුසික් වීඩියෝ අතරින් ඉහළ ජනප‍්‍රියත්වයක් ලැබෙමින් පවතින මියුසික් වීඩියෝවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. හදපත්ලෙන්ම දැනෙන ආදරය ගීතයෙන් ප‍්‍රකාශ කරන අපූරු ආමන්ත‍්‍රණයක් ලෙස ඔහු ගයන මෙම ගීතය නම් කළ හැකිය. සාමාන්‍යයෙන් ජනතාව අතර දේශපාලනඥයින් ප‍්‍රකටව ඇත්තේ බයිලා කියන පිරිසක් හැටියටය. එවැනි ආමන්ත‍්‍රණයක් තිබියදී සැබෑලෙස ගීතයක් ගයමින් සොඳුරුතම ආමන්ත‍්‍රණයක යෙදෙන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සමඟ දේශපාලනයෙන් තොර ගීතවත් පිළිසඳරක යෙදෙමු. ඇයි ඔබට මියුසික් වීඩියෝවක් කරන්න හිතුණේ? එක් එක් අවස්ථාවලදී ගීත කීපයක් ගායනා කරලා තිබුණා. වසර කීපයක් තිස්සේ කළ ඒ ගීත එසේ තිබියදී තමයි මෙගා ස්ටාර් වැඩ සටහනට දායක වුණේ. මෙගා ස්ටාර් අවසන් වූ පසු මියුසික් වීඩියෝවක් කරමු කියන මේ අදහස සචිත් පීරිස් තමයි කිව්වෙ. ඒ විදියට නිර්මාණය වූ මෙය දිනෙන් දින ජනප‍්‍රිය වෙමින් තිබීම ඇත්තටම සතුටට කරුණක්. මෙය කළේ තවත් විදියකට ජනප‍්‍රියත්වය රඳවා ගැනීමේ උපායක් ලෙසද? නැහැ, කොහෙත්ම නැහැ. තවත් විදියකට ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් මට නැහැ. දේශපාලනඥයකු ලෙස මුළු රටේම ජනතාව අතර කිසියම් ජනප‍්‍රියත්වයක් ලබලා ඇති. මෙය ඊට කොහෙත්ම සම්බන්ධ නැහැ. ජනතාව නිතර මා හමුවන අවස්ථාවලදී මෙවැනි දෙයක් කරන්නය කියන ඉල්ලීම බොහෝවිට කළා. මගේ හිත මිතුරන්ද එලෙස නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කවදද සී.ඞී.එකක් කරන්නෙ? කියන එක තමයි නිතර ඇහුවෙ. ඒ සියල්ලට අනුව කළ නිර්මාණ එළි දැක්වීමක් ලෙස මෙය නම් කරන්න පුළුවනි. නමුත් වත්මනෙහි ගීත කලාව ගැන සමාජයේ බොහෝ දෙනා අතර, එතරම් පිළිගැනීමක් සහ හැඟීමක් නැහැ. එවැනි සමාජයක ඔබ මේ තෝරාගත් රචනය ගැන සෑහීමකට පත් වෙනවද? ඔය කියන දේට එක්තරා විදියකට මාත් එකඟයි. සමාජයේ සමහර කොටස් අතර ගීත කලාව ගැන එතරම් උනන්දුවක් නැති බව ඇත්ත. නමුත් විවිධ රචකයින්ට වගේම ශිල්පීන්ගේ හඬට සාපේක්‍ෂව ගීතය විවිධාකාර වෙනවා. මෙම ගීතයේ සංකලනය පද රචනයට සාපේක්‍ෂව නියමාකාරයෙන් මුසුවූ බව මගේ හැඟීමයි. පද රචනය කළ ෂෙහාන් ගලහිටියාව, රූප රචනය මෙන්ම තනුව කළ සචිත් පීරිස්ගේ සංගීතය මෙන්ම නිෂ්පාදන කටයුතු ආදී සියල්ලගේ නිර්මාණ දායකත්වය ඊට බලපෑවා. මෙය තනිකර මගේ නිර්මාණයක් නොවෙයි. මේ සියලූ දෙනාගේ නිර්මාණයක්. මෙය සරල අත්දැකීමක්. පෙම්වතා එය යළි ආවර්ජනය කිරීම තමයි ගීතයෙන් ප‍්‍රකාශ වන්නෙ. මේ විදියට සරලව රස විඳිය හැකි ගීත වගේම මහා ගැඹුරු අරුතක් දනවන ගීත ආදී විවිධ ගීත මෙම කලාවට අයත්. ඒ සියල්ල ගීත කලාවට අවශ්‍ය බව මගේ හැඟීමයි. පුද්ගලිකව ඔබ ගීතය යන මාතෘකාව ගැන හිතන්නෙ කොහොමද? රචනයට මුසුවූ තනුවට සාපේක්‍ෂව නිර්මාණය වූ ගීතය අපේ ජන සමාජයට විටෙක පණිවුඩයක් ගෙන දෙනවා. කෙනෙකුගේ කිසියම් අත්දැකීමක් තවත් පිරිසකට දනවන්න පුළුවනි. මේ විදියට බොහෝ දේ ප‍්‍රකාශ කළ හැකි සංවේදී මාධ්‍යයක්. සංවේදී සන්නිවේදන භාෂාවක්. මෙය ඔබේ පුද්ගලික අත්දැකීමක්ද? නැහැ නමුත් කාට හෝ අත්දැකීමක් බවට පෙරළුණ තේමාවක් වෙන්න පුළුවනි. විරහා ගීත කලාවේ විවිධ ස්වරූප තිබෙනවා. ඒ අතර මෙම ගීතය ආදරයේ සුන්දර ආවර්ජනයක් කියලයි මට හිතෙන්නෙ. එය සෑම කොටසකටම විඳ ගත හැකි බව මගේ හැඟීමයි. අපි අතීතයට ගියොත්, මතකද ඔබ මුලින්ම ගීතයක් ගැයූ දවස? එතකොට මගේ වයස අවුරුදු හතක් විතර ඇති. මම කිත්සිරි අය්යා සහ අක්ක ශ‍්‍රියානි ධම්මිකා එකතුවෙලා මඟුල් ගෙවල්වල ජයමංගල ගාථා කියන්න ගියා. අපේ නෑදෑ මංගල උත්සව සහ තවත් ඒවාට අපව තෝරා ගත්තා. පසු කාලයක ආනන්ද රන්බණ්ඩාර මහතාගේ සංගීත පන්තියට බැඳී කටයුතු කළා. පසු කාලයක මම අය්යා එකතුවෙලා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියා. ඒ දවස්වල රූකාන්ත සහ පණ්ඩිත් අමරදේව මෙන්ම සුනිල් එදිරිසිංහයන්ගේ ගීත මම ගායනා කළා. රූකාන්තගෙ ‘‘ඉඳුනිල් ගඟුලැල්’’ ආත්මාගේ ලියතඹරා වැනි ගීත ඒ දිනවල මගේ ප‍්‍රියතාවයේ ඉහළින් තිබූ ගීත වුණා. ඊට පසුව කොළඹ සරසවියේ නීති පීඨයේ සිටියදී ‘‘පූර්විකා’’ නමින් මම ප‍්‍රසංගයක් කළා. මගේ ගීත වගේම වෙනත් අයගෙ ප‍්‍රකට ගීත ඊට ඇතුළත් වුණා. දේශපාලනයට නෑවිත්, වෘත්තීය ගායන ශිල්පියකු ලෙස කටයුතු කළානම්, අද ඔබ මොන වගේ තැනක සිටීවි කියලද හිතන්නෙ? ජනප‍්‍රිය වෙන්න ඉඩ තිබුණා. ඒත් ගායකයකු ලෙස යන්න දුරක් මට නැහැ. දේශපාලනඥයකු ලෙස ජනතාව අතරට ගිය මේ ගමන ගැන සෑහීමකට පත්වෙනවා. දේශපාලනයෙන් මැරෙනකල්ම ජනතාවට සේවය කිරීම අරමුණයි. කාලයකදී ඔබ නිරූපන ශිල්පියකු ලෙසත් කටයුතු කර තිබෙනවා නේද? ඇත්තටම ඒ කාලයේදී නළුවකුවීමේ ආසාව තිබුණා. බඹර කලාපය චිත‍්‍රපටයේ රඟපෑවා. ඊට අමතරව සත්සර රංගන වැඩ සටහනේ ගීතමය ජවනිකාවලට රඟපෑමෙන් එක්වුණා. කාලයක් නිරූපන ශිල්පියකු ලෙසත් කටයුතු කළා. මේ මියුසික් වීඩියෝව ඔබගේ දේශපාලන ප‍්‍රතිරූපයට ගැලපෙනවා කියලා හිතනවාද? එය ඊට හානියක් නැද්ද? දිගින්-දිගටම ගීත ගැයීමේ අදහසක් මට නැහැ. එය වෘත්තියක් කර නොගන්නා නිසා මට එය ප‍්‍රශ්නයක් වන එකක් නැහැ. නීතිඥවෘත්තිය සහ දේශපාලනය මගේ ගමනාන්තයයි.
සංසාරේ ආල සිනා සමග |
දායාසිරි ජයසේකර |
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ඔබේ කමත්තනේ
ගීය මාරු කරන්න, තනුව මාරු කරන්න, ඒ වගේම ඔය පක්ෂයේ නායකයාවත් මාරු කරන්න. ඔබට සුභ පැතුම් (අ)
ඕකෙම හිටියොත් දිගටම ගයන්න වෙන්නේ ශෝක ගීත තමයි (ස)
ඔබ ගයන්න ඔබ ගයන්න සවන් පිනවලා.. මේ පැත්තට ඔබ එන්නකෝ ඇමතියෙක් වෙලා..!(නු)
රගපාන්නත් දක්ෂයි නෙද ඔබතුමා..!(නු)
මම නම් ගොඩක්ම කැමති කෙකෙන් ඔයා.. ඔයාගේ කතා විලාසෙට මම ගොඩක්ම කැමතියි..!(නු)
මෙතුමාට විරුද්ධව දාලා තියෙන අදහස් දිහා බැලුවහම අර ඉනෝකාගේ කතාව ගැන හිතාගන්න පුලුවන්. (නි)
ඇත්තටම දක්ෂයෙක්. පක්ෂ මාරු කරන්න එපා. (නි)
කට පොඩ්ඩක් අඩුවුණා නම් හොදයි. (නි)
ඔබ පක්ෂය මාරු කරන්න එපා.(නදී)
ඔබ සුදුසු දේශපාලනයටයි (නි)
'දිගටම ගී ගැයීමේ අදහසක් මට නැහැ' ඔවු ඔවු නැතුව නැතුව. (නි)
කලාතුරකින් හමුවන චරිතයක් (නි)
දිගටම ඒවා අහන්නත් අපේ අදහසකුත් නැහැ (නි)
සුභපැතුම් ඔබට
දිගටම අහන්න අපේ අදහසක් නැහැ
මිනිස්සු ඔයාට ඡන්දය දුන්නේ දිගටම ගයන්නද? (නි)
අපි වෙනුවෙන් වත්
එහෙම කරන්න එපා
අයියෝ ඒ මොකද ඒ
ආඩම්බර කුරුල්ලා, කොහෙන්දෝ ඇවිල්ලා... (නි)
මගේ සුභ පැතුම්. ඇත්තටම ලස්සන සිංදුව. (නි)
ඔබ ගායනා කළ තවත් එක් ගීතයක් එක්තරා මාධ්‍ය වැඩසටහනක ප්‍රචාරය වුණා. එය ඕඩියෝ හෝ වීඩියෝ තැටියක් ලෙසින් අපේ අතට පත්වේවිද? (නි)
සුභ පැතුම් උතුමාණෙනි.!(නු)
ජිවිතයේ විශේෂ අගයක් එකතු කරගත් මිනිසුන්ට මම කැමතයි.(ස)
අයියෝ සල්ලි ඒ මොකද ඒ
ඔබ ගායකයෙකි. (නි)
සුභ පතනවා අපි
ඔබත් සුන්දරයි. ගෙදරත් සුන්දරයි. පක්ෂයත් සුන්දර කරන්න. එතකොට රටත් සුන්දරවේවි. (නි)
කලාවට සම්බන්ධ වුණා නම් අනාගතයක් තියෙයි. (නි)
මොනවද මේ කියන්නේ? (නි)
ඔබතුමාට සැබෑ දක්ෂතාවයක් හොද ආනාගයක් තියෙනවා.. නමුත් මේ ලංකාවෙ සුදුස්සාට සුදුසු තැන නැහැ..!(නු)
ඔබට අපි ඇත්තටම ආදරෙයි.. මේ රට ගලවාගන්න පුළුවං යූඇන්.පී එකට විතරයි.. අපේ පක්ෂයේ ඉදිරියටම ගේන්න යන්න කැපවෙන්න..!(නු)
පණ්ඩිත කතා... (නි)
දේශපාලනය නිසා ගී නොගයන්නේ නම් එය ඔබ ඔබේ හැකියාවන්ට හා ඔබේ හඩ ප්‍රියකරන රසික රසිකාවන්ට කරන බලවත් අසාධාරණයකි. ඔබ සතු ගැඹුරු හා තියුණු හඩ නපුංසක හඩින් ගී ගයන සුපර් ස්ටාර් වෙන්නට දගලන බොහෝ දෙනෙකුට කදිම පිළිතුරකි. කෙනෙකුට හැකියාවන් ගොඩක් එක ජිවිතයක දී ලැබෙන්නේ පෙරකරන ලද පිං නිසාය. එම හැකියාවන් නිසිලෙස කළමනාකරණය කරගත්තොත් විශාල සමාජ මෙහෙවරක් ඔබට කළ හැකිවනු ඇත. බුදු සරණයි! (නි)
ඔබතුමා මා ප්‍රියකරන චරිතයක් . අවාසනාවට ඔබ දේශපාලඥයෙක් වුණේ (ස)
ඔබ දක්ෂයෙක්. මගේ සුභ පැතුම්! (නි)
ඔබගේ හඩ හරිම ලස්සනයි , හරුන් ලන්ත්‍රා මහතාගේ 'මගේ නාමලී' ගීතය ඔබ හරි ලස්සනට ප්‍රතිනිර්මාණය කරා (ස)
ඔබේ ගැඹුරු හඩින් නිසිලෙස ප්‍රයෝජන ගන්න. (නි)
මොන ඇදුම් ඇඳන් ෆොටෝ දැම්මත් ලස්සනක් නෑ . අලුත් සිංදුවට ඇති ප්‍රචාරය මිසක් ඉල්ලුමක් නොවේ. තිත්ත ඇත්ත ඒකයි (ස)
මමත් කුරුණෑගල. ඒත් මට මේ ලිපිය දැක්කහම මොකක්දෝ ලැජ්ජාවක් සහ දුකක් හිතෙනවා. (නි)
හොද ලංකා පුත්‍රයෙක්. (නි)
මේ කවුද? මොනවද කරන්නේ? (නි)
හදවතින්ම කර කතාවක් (ස)
ගීත නොකියන තරමට හොඳයි (ස)
මමත් ඔබ තුමාට ගොඩක් කැමතියි. වැඩක් කරන්න පක්ෂය මාරුකරන්න (ස)
බොරු මොකටද ඇත්තමට වැඩ කාරයෙක්.. විවිධ ක්ෂේත්‍රවල හැකියාව තියෙන අය හරිම අඩුයි.. ඔබ දක්ෂයෙක්.. හැඩකාරයි.. කටකාරයි.. ඇත්තටම හොදයි.,!(නු)
මෙයා හොඳයි. හැබැයි කට තමයි වැඩි.(ස)
ගායනයට හැර අනෙක් සියල්ලට දක්ෂයෙක්.. (ස)
සර්, ඔබට මගෙන් සුබ පැතුම් (ස)
ලස්සනට ගොනාට අන්දලා වගේ (ස)
මෙතන අදහස් දක්වන අය ගැන දුකයි.. ආණ්ඩුව මොන දේ කලත් හොදයි.. විපක්ෂයේ අය මොනවා කළත් වැරදියි.. අනේ මන්දා?(නු)
දැන් ඉතින් කලාවටවත් සම්බන්ධ වෙන්න බලන්න (ස)
දිගටම ගයන්න (ස)
ඔබේ හඬ ලස්සනයි , කණ්නාඩියත් ලස්සනයි , බලන හැටිත් ලස්සනයි, බලන්න ගීයක් කියන්නකෝ (ස)
ගුරුන්නාන්සේගේ ළගින්ම හිටියනම් මේ වෙනකොට ඔයත් ගොඩ..!(නු)
ඔබේ ගී තව තවත් ඇසේවා! මොකද අද අනුන්ගේ ගී ගයන ගායකයන් ඉන්න රටක තමුන්ගේම ගී ගයන එක ගායකයෙක් වත් නව පරපුරෙන් දැකීම මහත් සතුටකි. ඔබේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. දේශපාලනයේදීද ඔබට බොහෝ දුර යාමට පුළුවන. ඔබට ඇති බාදක ඉක්මනින්ම ඉවත්වෙවායි පතමි! (නු)
පිටිගල පොටෝ එකක් දානන් කියන්න එයාගෙ..(නු)
හපොයි ...........ඔය පක්‍ෂෙ ඉදලනම් වැඩක් නෑ (ස)
දේශපාලනය ඇකි සුදුසුම හැකියාව ගායනයට ඇති හැකියාවයි. (නි)
දිගටම ගී ගැයීමේ අදහසක් මට නැහැ , හැබැයි දිගටම බයිලා කියන එක නම් නවත්වන්න එපා මල්ලියෝ .. (ස)
දිගටම ගයන්න (නි)