IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දිගු දිව කපයි. සැත්කම සාර්ථකයි

ෂී ෂෙල්ස් දුපතේ 18 මාසයක් වයසැති දැරියකගේ කටින් එළියට ද දික්ව තිබු අඟල් පහක් වූ දිව කොටකැර දුර්ලභ සැත්කමක් සාර්ථක ලෙස කිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර බලාජි දන්ත රෝහලේ වෛද්‍යවරුන් සමත් වූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත‍්‍රය කියයි. සතියකට පෙර  මේ සැත්කම සිදු විය. දිව දික්වීම නිසා මියා ලාබු ඩැලන් නම් වූ දැරියට උපතේ සිටම කට වැසීමට, කතා කිරීමට හෝ කෑම ගිලීමට ද නොහැකි විය. මවුකිරි බීමට ද නොහැකි විය. ශල්‍ය වෛද්‍ය එස්.එම්. බලාජි මේ සැත්කම කෙළේය. දිව සාමානය ප‍්‍රමාණයට කැපීම ලේසි පහසු නොවී යැයි වෛද්‍යවරු කීහ. දැරියගේ පියා ගිලන් රියැදුරෙකි. දැරිය චෙන්නායි රෝහලට යොමු කැරුණේ ළමා රෝග විශේෂඥයකු වන ෂී ෂෙල්ස් සෞඛ්‍ය ඇමැති එච්. ඇන්තතේසියස් විසිනි. මෙවැනි සැත්කමක් එහි සිදුවූයේ පළමු වරටය. සැත්කමට පෙර සැත්කමට පසු සැත්කමට පසු සැත්කමට පසු



අදහස් (0)

දිගු දිව කපයි. සැත්කම සාර්ථකයි

සද්නා Wednesday, 07 December 2011 08:36 PM

සුබ පැතුම් දොස්තරවරුනේ

:       0       0

ප්‍රේමලාල් පෙරේරා Wednesday, 07 December 2011 08:05 PM

මේ වගේ දොස්තරවරු මතු බුදු වෙන්න ඕනි. බොහොම පින්

:       0       0

ආනන්ද Wednesday, 07 December 2011 10:36 PM

වෛද්‍යවරු මිහිලොව සිටින දෙවිවරු. ඔවුන්ට මගේ සුබ පැතුම්

:       0       0

ඇන්තනි Wednesday, 07 December 2011 11:07 PM

බොහොම ස්තූතියි දොස්තර මහත්තයෝ සුබ පැතුම්

:       0       0

පූජ්‍ය ගල්තුඩුවේ සුගුණ හිමි Wednesday, 07 December 2011 10:44 PM

මෙම සැත්කම කළ වෛද්‍යවරුන්ට පිං සිදු වේවා....!!!

:       0       0

ගාමිනී Wednesday, 07 December 2011 11:07 PM

මිහිපිට දෙව්වරු නියමයි

:       0       0

කුමාර DUBAI Thursday, 08 December 2011 12:36 AM

දෙවි පිහිටයි! සැවොම අයට උදව් විය යුතුය

:       0       0

අමිල Thursday, 08 December 2011 08:57 AM

පුංචි දරුවට ජීවිතය ලැබුනා කියන දේ දැන් දැනෙනවා ඇති ගොඩක් පින් සිද්දවෙන වැඩ මේ වගේ සැත්කමක් සාර්ථකව නිමකරන එක.... දොස්තර මහත්තුරුන්ට ගොඩක් පින්..... අසරණ දරුවාට ජීවිතේ ආයෙම ලැබිල වගේ...

:       0       0

වසන්ත Thursday, 08 December 2011 09:11 AM

බොහොම හොදයි

:       0       0

ඇලෙක්ස් Thursday, 08 December 2011 12:49 PM

අනර්ඝයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site