ෂී ෂෙල්ස් දුපතේ 18 මාසයක් වයසැති දැරියකගේ කටින් එළියට ද දික්ව තිබු අඟල් පහක් වූ දිව කොටකැර දුර්ලභ සැත්කමක් සාර්ථක ලෙස කිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර බලාජි දන්ත රෝහලේ වෛද්‍යවරුන් සමත් වූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත‍්‍රය කියයි.
සතියකට පෙර මේ සැත්කම සිදු විය. දිව දික්වීම නිසා මියා ලාබු ඩැලන් නම් වූ දැරියට උපතේ සිටම කට වැසීමට, කතා කිරීමට හෝ කෑම ගිලීමට ද නොහැකි විය. මවුකිරි බීමට ද නොහැකි විය. ශල්‍ය වෛද්‍ය එස්.එම්. බලාජි මේ සැත්කම කෙළේය. දිව සාමානය ප‍්‍රමාණයට කැපීම ලේසි පහසු නොවී යැයි වෛද්‍යවරු කීහ. දැරියගේ පියා ගිලන් රියැදුරෙකි. දැරිය චෙන්නායි රෝහලට යොමු කැරුණේ ළමා රෝග විශේෂඥයකු වන ෂී ෂෙල්ස් සෞඛ්‍ය ඇමැති එච්. ඇන්තතේසියස් විසිනි. මෙවැනි සැත්කමක් එහි සිදුවූයේ පළමු වරටය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් දොස්තරවරුනේ
මේ වගේ දොස්තරවරු මතු බුදු වෙන්න ඕනි. බොහොම පින්
වෛද්‍යවරු මිහිලොව සිටින දෙවිවරු. ඔවුන්ට මගේ සුබ පැතුම්
බොහොම ස්තූතියි දොස්තර මහත්තයෝ සුබ පැතුම්
මෙම සැත්කම කළ වෛද්‍යවරුන්ට පිං සිදු වේවා....!!!
මිහිපිට දෙව්වරු නියමයි
දෙවි පිහිටයි! සැවොම අයට උදව් විය යුතුය
පුංචි දරුවට ජීවිතය ලැබුනා කියන දේ දැන් දැනෙනවා ඇති ගොඩක් පින් සිද්දවෙන වැඩ මේ වගේ සැත්කමක් සාර්ථකව නිමකරන එක.... දොස්තර මහත්තුරුන්ට ගොඩක් පින්..... අසරණ දරුවාට ජීවිතේ ආයෙම ලැබිල වගේ...
බොහොම හොදයි
අනර්ඝයි