සුජිත් හේවාජුලිගේ
දිගු කාල පාරාසයක් (2018 - 2037) සඳහා පිළියෙල කළ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්රීයාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට අද (25) උපදෙස් දුන්නේය.
ඒ ඒ ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම කලින් විදුලි බල මණ්ඩලය අවංක සහ ක්‍රියාශීලි කඩිනම් විය යුතුයි. එසේ අය ඉන්නේ ඉතාම සුළු පිරිසකි.
මා සිතන පරිදි ලංකාවට යෝග්‍යයම වන දිගු කාලීන විදුලි ජනන සැලැස්ම නම්, සුර්ය කෝෂ ප්‍රචලිත කිරීමයි. මෙය ලංකාවේ බොහෝ නිවෙස් වල කළහැකි දෙයක් වන අතර, කල යුත්තේ මුල් පිරිවැය අඩු කිරීමට පියවර ගැනීම පමණයි. මෙයින් පරිසරයට සිදුවන හානිය අවම වන අතර, මෙය ජල විදුලි හෝ න්‍යෂ්ටික බලාගාර සැදීමට යන පිරිවැයට වැඩ බොහෝ අඩු වියදමකින් කල හැකි දෙයකි.
මම පුංචි කාලේ දවසක් අය වැය වාර්තාවක් ඉදිරිපත් කරනවා ඇසුවා. ඉදිරිපත් කළේ රොනීද මැල්. එදා එම වසරේ විදුලිබල මණ්ඩලයේ ලාබය රුපියල් කෝටි සියයි. අද මොකද වෙලා තිබෙන්නේ. ඇයි අද ලාබ ලබන්න බැරිද පුළුවන් නමුත් පොඩි එකාගේ පටන් මහා එක් දක්වා ඇත්තේ හොරකම. ඒ නිසායි රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ . මේකේ ඉතිහාස කතාව අපුලයි අප්‍රසන්නයි මණ්ඩලේ ජනන සැලසුම් වලට උපයෝගීතා කොමිසම කැමති නැහැ. සාම්පුර් බලාගාරය අත්තනෝමතිකව, නවත්තල දැම්ම ( හරියටම අර ග්ල්යිකොසේටේ නවත්තපුව වගේ මෝඩ දේශපාලන තීරණ ). ඉංජිනේරු සංගමයේ යෝජනාව ගල් අඟුරු බලාගාර කොමිසම එකට කැමති නැහැ LNG ගැන ,සූර්ය බලය ගැන දොඩවමින් දෙගොල්ල දෙපැත්තට අදිනවා ඒ අතරම බිලියන ගණන් ගෙවල පුද්ගලික බලාගාර වලින් විදුලිය අරන් අඩු මිලට අපට දෙනවා මේවා පස්සේ තියෙන්නේ මොනවද කියල අපි දන්නවා මොනවා උනත් නොරොච්චෝලෙන් පස්සේ එක බලාගාරයක් වත් හදපු නැති පාප කර්මය ට ඉස්සරහට ජාතියක් වශයෙන් මුහුණ දෙන්න වෙනවා ඒක ඉර හඳ වගේ විශ්වාසයි
විශිෂ්ඨ තීරණයක් මැතිදුනි.