දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං සහ බිරිඳ කිම් හෙයි ක්යුංග් තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියහ. 

වසර අටකට පසු දකුණු කොරියානු ජනාධිපතිවරයකු ඉන්දියාවේ නිල සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදගෙන් දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ලී ජේ මියුං සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ ද්වී පාර්ශ්වීක සාකච්ඡා නවදිල්ලියේ හයිද්‍රාබාද් හවුස් මන්දිරයේ දී පැවැත්විණි. රාජ්‍ය නායකයෝ දෙදෙනා එක් වී පැළයක් ද රෝපණය කළහ.

ඉන්දියාවත් දකුණු කොරියාවත් අතරේ, පවතින විශේෂ උපාය මාර්ගික සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙම ඉන්දීය සංචාරයට සහභාගී වෙයි.

ලී ජේ මියුං දකුණු කොරියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2025 ජූනි මාසයේය. ඔහු ඉන්දියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං සහ බිරිඳ කිම් හෙයි ක්යුංග් රාෂ්ට්‍රපතිභවන්හිදී ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ද හමුවූහ. අග්‍රාමාත්‍ය මෝදිට එම අවස්ථාවට එක් විය. රාෂ්ට්‍රපතිභවන්හිදී දකුණු කොරියානු ජනාධිපතිවරයාට සහ බිරිඳට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. හමුදා උත්තමාචාර ද පැවැත්විණි.