ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 71 වැනි ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2012) දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමීර කරුණාරත්න සම්මාන ලැබීය. සිවු දිනක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලිය පෙරේදා (21) අවසන්විය. ක‍්‍රීඩා සමාජ 21 කින් ක‍්‍රීඩකයෝ 115 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ 41 දෙනෙක් මෙවර තරගාවලියට සහභාගිවුහ. කිලෝග‍්‍රෑම් 60 ට අඩු ලයිට් බර පංතියෙන් තරග කළ සමීර, අවසන් තරගයේදී ලීනියා ක්ලෝතින් පිලේ සමන් සිල්වා පරාජය කිරීමට සමත්විය. එහිදී සමීර ලකුණු 26-18 ක ජයක් ලැබීය. කරුණාරත්න හමුවේ ලයිට් බර පංතියේ පරාජය ලැබු සමන් සිල්වා දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා විය. පිරිමි තරගාවලියේ යුද හමුදාව බර පංති 10 යෙන් බර පංති පහකම රන් පදක්කම් දිනා ගැනීමට සමත්විය. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය රන් පදක්කම් තුනක් ද, ගුවන් හමුදාව සහ පොලිසිය රන් පදක්කම බැගින් ද හිමිකර ගත්තේය. කාන්තා අංශයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතිය ජයගත් මාස් සදර්න් ක‍්‍රීඩා සමාජයේ බී. එන්. එරන්දි සම්මාන දිනා ගත්තාය. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී බැන්ටම් බර පංතියේ ශූරිය වු පොලිසියේ එස්. ගුනෙත්ති පරදවා එරන්දි ලකුණු 13-8 කින් අවසන් තරගය ජය ගත්තාය. ලයිට් ෆ්ලයි බර පංතියේ අවසන් තරගයේදී ඒ. ඞී. ජයසිංහ හමුවේ තියුණු තරගයකින් පසුව ලකුණු 22-17 කින් පරාජය වු මාස් සදර්න් ක‍්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණී දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස තේරී පත්වුවාය. මාස් සමුහ ව්‍යාපාරයේ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් කාන්තා බර පංති අටෙන් හයකම රන් පදක්කම් දිනා ගත්තේය. හිටපු පොලිස් බොක්සිං සංගමයේ ලේකම් සහ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආනන්ද ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි තරගාවලිය x කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය ආර්. බී. තිලකරත්න (යුද හමුදාව) විසින් ඩබ්. එස්. එරංග (නාවික හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය අයි. එච්. අබේසිංහ (ස්ලිම්ලයින්) විසින් එන්. එස්. සම්පත් (නාවික හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය ඒ. ඞී. පී. ඉන්දික (යුද හමුදාව) විසින් ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය එම්. ඒ. දිව්‍යරත්න (යුද හමුදාව) විසින් ආර්. එස්. නවරත්න (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය පී. ජී. චන්ද්‍රකුමාර (යුද හමුදාව) විසින් එන්.එම්.හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය ඞී. ඩිල්ෂාන් (ගුවන් හමුදාව) විසින් ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය පී. එස්. කරුණාරත්න (පොලිසිය) විසින් එන්. එස්. පී. සිල්වා (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින්)විසින් ඞී. ආර්. වීජේරත්න (ගන්දර) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය පී.ඞී.සුරේෂ් (ස්ලිම්ලයින)විසින් ආර්. එස්. බණ්ඩාර (යුද හමුදාව ‘රතු’) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය සී.අයි.පෙරේරා (යුද හමුදාව) විසින් එස්.ජී.කුමාර (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. කාන්තා තරගාවලිය x කි.ග‍්‍රෑ. 81 ට වැඩි සුපර් හෙවි බර පංතිය ටී.එම්.වීරසිංහ (යුද හමුදාව) විසින් අයි.එම්.රාජපක්‍ෂ (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය එස්. වීරරත්න (පොලිසිය) විසින් ටී.එන්.ධර්මසේන (මාස් සදර්න්) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය සී.කේ.ජයසේකර (මාස් සදර්න්) විසින් සී.එස්.සිරිවර්ධන (නාවික හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය එල්.උදයංගනී (මාස් සදර්න්) විසින් කේ.ආර්. අලූත්ගම (නාවික හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය එල්.එස්.සඳරේඛා (මාස් සදර්න්) විසින් පී. කේ. සල්ගාදු (යුද හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය බී. එන්. එරන්දි (තුරුලිය) විසින් එස්. පී. ගුනෙත්ති (පොලිසිය) විසින් පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය ජී. ද. සිල්වා (මාස් සදර්න්) විසින් ඞී. අයි. මධුෂිකා (නාවික හමුදාව) පරාජය කරන ලදී. x කි.ග‍්‍රෑ. 48 ට අඩු ෆ්ලයි බර පංතිය ඒ. ඞී. ජයසිංහ (ලීනියා) විසින් කෝසලා නිල්මිණී (මාස් සදර්න්) පරාජය කරන ලදී.