ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉරිදා පැවැති දෙවැනි විස්සයි:විස්ස තරගයේදී විනිසුරු තීරණයට අප්‍රසාදය පළකළ හෙයින් ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තරග දෙකක් තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන් නුවරදී පැවැති එක්දින තරගයේදීත් මෙවැනිම චෝදනාවකට ලක්වූ දික්වැල්ල එහිදී සිය තරග මුදලින් 50% ක දඩයකට යටත් විය. වසර දෙකක් ඇතුළත එවැනිම වරදකට චූදිතයා වූ හෙයින් දික්වැල්ලට තරග දෙකක් තහනම් කරනු ලැබ ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර හෙට (22) පැවැත්වෙන විස්සයි :20 තරගය සහ බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන පළමු වැනි එක්දින තරගය දික්වැල්ලට තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd