ව්‍යාජ ගුවන් ගමන් බලපතක් සහ ව්‍යාජ වීසා පතක් රැගෙන එංගලන්තය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය යාපනයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.
ඇය ශ්‍රී ලංගන් ගුවන්සේවයට අයත් යු.එල් 503 දරණ ගුවන් යානයෙන් එංගලන්තය බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇත.
ඇය සතුව ව්‍යාජ ඉන්දියානු ගුවන් ගමන් බලපතක් සහ ඇමරිකානු වීසා පතක් තිබු බව පොලීසිය කියයි.
ප්‍රශ්ණ කිරීම්වලදී ඇය පවසා ඇත්තේ අදාල ගුවන් ගමන් බලපත සහ ලිය කියවිලි කිසියම් පුද්ගලයෙකු මාර්ගයෙන් කටුනායක ගුවන්තොටුපොළේදී ලබා ගත් බවයි.
කෙසේ වෙතත් මේ පිළිබදව කරන ලද මුලික විමර්ශණවලින් අනතුරුව සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දිනයකින් මෙයාට සමාව ලැබෙයිද? (නි)
මෙයාල තව මොනවා මොනවා එක්ක සම්බන්ධ අයද දන්නේ නැ. ඇමරිකානු වීසත් තිබිලානේ (ම)
මේ ගැහැණු කෙනා හදල නෙමේනේ. මේවා හදපු අයව තම හොයන්න ඕනේ. සමහර විට මේ ගැහැණු කෙනා දන්නේ නැටුවත් ඇති එක හොර වීසා එකක් කියල (ම)
අනේ උතුරේ අයව අත්අඩංගුවට ගන්න එපා. (හේ)