කේ බුද්ධික කුමාරසිරි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම ආසන්නයේ අතහැර දමා එහි රියදුරු පළා ගිය මෝටර් රථයක් තුළ තිබී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 60 කට ආසන්න ප‍්‍රමාණයක් ඊයේ (10) රාතී‍්‍ර සොයා ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමෙන් මාතර දෙසට යාම සඳහා ඇතුල් වූ මෝටර් රථයක් පිළිබඳව සැක සිතී එම රථය නවතන ලෙස පොලිස් නිලධාරින් සංඥා කර ඇති අතර එම නියෝගය ද නොතකා අදාළ මෝටර් රථය ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.
එහිදී අතුරුගිරිය පිවිසුම ආසන්නයේ දී ඉදිරියෙන් පැමිණි පොලිස් ජංගම සංචාර රථයක් දැක අදාළ මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය තුළම නවත්වා දමා එහි පැමිණි පුද්ගලයා පලා ගොස් ඇති බවත් පසුව එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ හොරොයින් මත්කුඩු පාර්සලයක් හමු වූ බවත් පොලිසිය පවසයි.
එම මෝටර් රථය මාතර ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයිති වූවක් බව සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් නාඩගම්, වාහනය දාලා පැනලා යනකම් රියැදුරා අල්ල ගන්න බැරී ඇයි. වාහනයේ අයිතිකරු හොයා ගන්න පුළුවන් නේද.