ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දැනට මතු වී ඇති ප්‍රශ්න නිරාකරණය වීමෙන් පසු තමා නව රජයට සහයෝගය දෙනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නා බව දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
ඔහු එසේ පවසුවේ ඔහු රජයට එක්වන බවට පැතිර යන කතාවේ ඇත්තක් තිබේදැයි විමසූ අවස්ථාවේ දී ය.
‘තාම තීරණයක් ගෙන නැහැ. පක්ෂයේ ප්‍රශ්න අවසන් වන තුරු බලන් සිටිනවා. තීරණයක් ගන්නේ ඉන් පසුවයි.‘ මහ ඇමැති දුරකතනයෙන් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා විදියට අම්බලන්ගොඩට හරි හමන් වැඩක් කරේ රයිටර් තිලකසේකර මන්ත්‍රී තුමා විතරයි. එතුමා විශ්‍රාම යනවිට ඉන්න හිටින්නවත් ගෙයක් දොරක් තිබුනේ නැහැ. දැන් නම් යන්නේ එන්නේ බස් එකේ. ඔන්න නියම මන්ත්‍රීවරු. සතපහක් හොරකම් කරපු අය නෙමෙයි. (නදී)
දින සීයේ වැඩපිළිවලට නම් හැමෝම සහයෝගය දිය යුතුයි, හැබැයි ඒ පක්ෂයක් විදිහට මිසක් තනියම නෙවෙයි පාක්ෂිකයෝ විදියට දැන් කළ යුත්තේ හැමතැනටම පනින්නැතුව පක්ෂයත් ඡන්ද පදනමත් අාරක්ෂා කර ගන්න ඒකයි.(දිල්)
කළගුණ සළකන්නද හදන්නේ? අනේ අපි මෙහෙම අයටද ඡන්දය දුන්නේ? (නි)
දේශපාලකයෝ ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
දැන් අවුරුදු ගණනක් ඔබතුමා මහා ඇමති. ඔබතුමා ඔබතුමාගේ ගම වන අම්බලන්ගොඩට කළ සංවර්ධනය මට නම් ඉතාම අඩුයි. අර අම්බලන්ගොඩ තානායම අලුතින් ඉදිකරන්න කියා කඩාදමා අවුරුදු 7 කටත් වැඩියි නේද? (නි)
මටනම් හිතෙන්නේ ඔබ මෙවර ඡන්දයේදී එතරම් ක්‍රියාකාරී උනේ නෑ කියල .දැන් ඉතින් මැරයෝ නේ අම්බලන්ගොඩ ආසනයේ ඉන්නේ. (ස)
දේශපාලුවන්ගේ කිසිම සදාචාරයක් නැහැ (බ)
දැන් මොන දේ වෙන්න යනවද කියලා හිතා ගන්න බෑ.(හේ)
ශාන් කියන්නෙ හොන්ද මහත්තයෙක්. එතුමාට මහ ඇමති කම ලැබුනට මහින්ද මහත්තය බලය දුන්නෙ නැහැ. අධ්‍යාපන ඇමති කම තමන්ගෙ හෙංචයියියෙකුට දුන්නා. මම හිතන්නෙ අධ්‍යාපන ඇමති කම නොකරන ලංකාවෙ එකම මහ ඇමති ශාන් මහත්තයා වෙන්න ඇති. අධයාපන ඇමති ශාන් මහත්තයව තබේකට වත් ගනන් ගන්නෙ නැහැ. (නදී)
දැන් ඉතින් මොනවා හරි කරන්න වෙනවා හොදට හිතලා බලලා (දිල්)
දකුණේ දූෂණ වංචා අහුවෙනවා වගේ නම් රජයට යනවා. නැත්නම් ඉතින් ඔහේ තවත් කකා ඉන්නවා. ඔයාගේ විස්තරත් රටේ මිනිස්සු ගාව තියෙනවා. (බ)
දැන් ප්‍රමාද වැඩි මහා අැමතිතුමනි , කරුණාකර ගෙදර යන්න , ඔය බහුබූත අතහැරලා ව්‍යායාම ටිකක් කරලා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කල්පනා කරන්න කාලය පැමිණ ඇත , (හේ)