දකුණු පළාතේ උපත ලබන ළදරුවන් අතරින් තයිරොක්සීන් ඌනතාව ඇතැයි හඳුනාගත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් කැඳවා රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය විද්‍යාලය අද විශේෂ වැඩසටහනක් පැවැත්වීය. 2010 සැප්තැම්බර් මාසයේ සිට දකුණු පළාතේ රෝහල්වලදී උපත ලබන ළදරුවන් රෝහලින් පිටව යාමට පෙර ඔවුගේ යටිපතුලෙන් රුධිරය බිංදු කිහිපයක් ගෙන තයිරොක්සීන් ඌනතාව ඇත්දැයි සෙවීම ආරම්භ කැරුණි. එසේ පරීක්ෂා කළ ළමයින් 72471 ක් අතුරින් ළමයින් 40 දෙනකු තයිරොක්සීන් ඌනතාවට ගොදුරුව ඇති බව සොයාගෙන තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ ළදරු උපත් 2000 ට මෙම ඌනතාව ඇති එක් දරුවකු බිහිවන බවයි. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන තියරොක්සීන් හෝමෝනය ඌනතාවයට ළදරුවකු ඉපදී මාසයකට පෙර ප්‍රතිකාර ආරම්භ කිරීමට නොහැකි වුවහොත් එම දුරුවන් මන්ද මානසික තත්ත්වයට ගොදුරුවීමේ ප්‍රවණතාවක් ඇති බව වෛද්‍යවරු කියති. දැනට හඳුනාගත් සියළුම දරුවන්ට ප්‍රතිකාර ආරම්භ කැර ඇති අතර ඒ සියළු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති. තයිරොක්සීන් ඌනතාව හඳුනාගැනීම සඳහා අනිවාර්ය රුධිර පරීක්ෂණය සිදුකරන්නේ දකුණු පළාතේ රෝහල්වල පමණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණේ බිළිඳුන් රකින්න රුහුණ වෛද්‍ය පීඨයෙන් අතහිත
ඉක්රාම් Saturday, 28 July 2012 06:19 PM
මව්පියන්ගේ වගකීම දරුවන් ඇස්දෙක වාගේ ආරක්ෂා කරන එක. (අ)
ෂෙරිෆ් Saturday, 28 July 2012 11:28 PM
අද තමයි දකුණින් සෙවයක් ගැන අහන්න ලැබුණෙ.. නැත්නම් අහන්න වෙන්නෙ අපරාධ ගැන විතරයි..!!(නු)