ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ
ගාල්ලේ පැවති මැයි රැලියට පැමිණි පිරිස් ඉවතලන ලද හිස් කෑම පෙට්ටි, වතුර බෝතල් ඇතුළු කුණු විශාල වශයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ සිට ගාල්ල දෙවට දක්වා මඟ දෙපස දමා තිබෙන බව අශෝක ධනවංශ මන්ත්‍රිවරයා පැවසීමත් සමඟ අද (8) පැවති දකුණු පළාත් සභා රැස්වීම එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.
සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ගොඩනැගිල්ලේ දී රැස්වීම පැවැත්විණි.
‘දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ සිට ගාල්ල දෙවට දක්වා මඟ දෙපස විශාල වශයෙන් කුණු ගොඩවල් තිබුණා. හිස් කෑම පෙට්ටි , වතුර බෝතල්, බත් පාර්සල් තිබුණා. පොළොස් කෑල්ලයි මස් කටුවකුයි එක්ක බත් පාර්සල් තිබුණා.මේවා ගාල්ලේ පැවති මැයි රැලියට ආපු පිරිස ගෙනාපුවා නම් එම පක්ෂයේ අය ගොස් පිරිසිදු කරලා දේවි කියල හිතනවා“
“මේවා අස්කරන්න ගාල්ල නගර සභාවටත් හබරාදුව සහ අක්මීමණ ප්‍රාදේශිය සභාවටත් සිදුවෙලා මම කිව්වේ මැයි රැලියට ආපු අය මේවා දැම්මා නම් පිරිසිදු කළ යුතු බවයි.“ යැයි අශෝක ධනවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කෑකෝ ගසමින් මන්ත්‍රිවරයාට බාධා කරන්නට වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආපු කට්ටියට කුණු හැර වෙනත් යමක් ඉතිරි කරලා යන්න පුළුවන් කමක් තිබුනේ නැහැ කියල මේ මහත්තයා දන්නේ නැතුව ඇති. " කුණු ඇතුලට නම් එලියට එන්නෙත් කුණු (garbage in garbage out )" කියලා ප්රසිද්ධ කියමනක් තියෙනවනේ.
මන්ත්රී තුමාට තිබිලා තියෙන්නෙ කුණු ප්රශ්ණයක් නෙවෙයි, වෙන හිතේ අමාරුවක්. !