IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දකුණේ කොරෝනා ආසාදිතයන් 835ට නගී


(සුමතිපාල දීයගහගේ සහ ලලිත් චාමින්ද)
 
දකුණු පළාතෙන් අලුතෙන් හමුවු  කොරෝනා ආසාදිතයින් 43 සමග  මේවන විට දකුණු පළාතේ මුලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය.
 
මෙසේ අලුතෙන් හමුවු ආසාදිතයින් 43 න් 20 දෙනෙක් ගාල්ල දිසාවෙනි. එම සංඛ්‍යාවෙන් 12 දෙනෙක් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්වන අතර බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 4 දෙනෙකුහමුවී ඇත. ඉදුරුව කොට්ඨාසයෙන් 2 දෙනෙක්ද බලපිටිය සහ රත්ගම කොට්ඨාසවලින් එක් අයෙකු බැගින්ද ඉතිරි දෙදෙනා වාර්තාවී තිබේ.
 
ඒ අනුව ගාල්ල දිසාවෙන් මේවන විට වාර්තාවී ඇති මුලු ආසාදිතයින් සංඛ්‍යාව  467 දෙනෙකි.මාතර දිසාවෙන් හමුවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 20 දෙනෙකි. ඔවුහු සියලුදෙනාම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචිකරුවෝ වෙති.
 
එම සංඛ්‍යා ලේඛන අනුව  මේවන විට මාතර දිසාවේ සමස්ත ආසාදිතයින්ගේ ගණන 297 කි.හම්බන්තොට දිසාවෙන්ද ආසාදිතයින් 3ක්  අලුතෙන් හමුවි ඇත.අම්බලන්තොට තංගල්ල සහ අගුණකොලපෑලැස්ස යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් එක් ආසාදිතයා බැගින් එම තිදෙනා වාර්තාවී ඇතැයිද චාමර මහගමගේ මහතා සදහන් කළේය.ඒ අනුව හම්බන්තොට දිසාවේ මුලු ආසාදිත සංඛ්‍යාව 71 කි.දකුණු පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් හමුවි ඇති ආසාදිතයින්ට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහලෙන්ද එක් ආසාදිතයෙකු හමුවි තිබේ.
 
මේ වන විට ගාල්ල දිසාවේ පවුල් 876 ක පුද්ගලයින් 1613 ක්ද මාතර දිසාවේ පවුල් 412 ක පුද්ගලයින් 1493 ක්ද හම්බන්තොට දිසාවේ පවුල් 2320 ක පුද්ගලයින් 4700 ක්ද නිරෝධායනයට යොමු කොට ඇති බවද වාර්තාවේ.
 
එමෙන්ම මේවන විට දකුණු පළාතේ පුද්ගලයින් 419 ක් සුවය ලබා ඇති බවද කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පැවසිය. ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 264 ක්ද මාතර දිසාවෙන් 122 දෙනෙක්ද සහ හම්බන්තොට දිසාවෙන් ආසාදිතයින් 33 දෙනෙක්ද සුවය ලබා ඇති බව වාර්තාවේ.
 



අදහස් (0)

දකුණේ කොරෝනා ආසාදිතයන් 835ට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 546 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site