දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී අද (07 වැනිදා) ආරම්භවූ සිව්වැනි එක්දින තරගයේදී ලකුණු 40ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 ආවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 367 ක් රැස්කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 48 එක් පන්දුවක් තුලදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 327ක් පමණි.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර විචාරය සඳහා
තරගයේ විස්තරාත්මක ක්‍රිකට් තොරතුරු සඳහා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරාජයට වගකිවයුත්තේ තේරීම් කමිටුවයි. තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, කුසල් පෙරේරා වැනි ජාත්‍යන්තරේ ප්‍රසිද්ධ වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන්ගෙන් එක් අයෙකුවත් මේ තරඟ මාලාවට තෝරානොගත්තේ ඇයි? තෝරාගෙන තිබුන මැද පිතිකරුවන් වේගයෙන් පහරදීමට නොහැකි අයයි. තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතු බව අපේ විස්වාසයයි. එක් දින කණ්ඩායමට මේ අය අත්‍යවශ්‍යයි (නි)
පැරදුනාට දුක නැහැ හොද සටනක් දීලා පැරදුන නිසා. චන්දිමල්ව ටික දවසකට එළියෙන් තියාපු එක ගොඩක්ම හොඳයි. තරංග දිගටම නායකත්වය සඳහා හොඳයි. ඇන්ජලෝ නැවත ආවත් තරංගගේ නායකත්වයේ වෙනසක් කරන්න එපා. දනංජය ගැන තව පාරක් හිතලා බලන්න දිගින් දිගටම එයා අසාර්ථක වෙනවා. චාමර කපුගෙදර, සීකුගේ ප්‍රසන්න, දනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ ඉන්නම ඕනෑ. (නි)
චන්දිමාල් හොඳට ලකුණු ගන්නකොට හොඳයි. එ්ක ටිකක් අඩුවුණාම හොඳ නැහැ. චන්දිමාල්ගේ පරණ වාර්තා අරගෙන බලන්න. මහේල, සංගා, දිල්ශාන් වුණත් කාලයක් ලකුණු ගන්න අසමත් වුණා කියලා අමතක කරන්න එපා. ඒ වුණාට එයාලව කණ්ඩායමෙන් ඉවත් කළේ නැහැනේ. ඊයේ මැච් එක නම් හොඳයි පැරදුනත්. (නි)
ධනංජය නම් එපා දෙවියනේ! (නි)
පැරදුනාට පොඩ්ඩක්වත් දුක නැහැ. හොඳ සටනක් දුන්නා. ඒගොල්ලන් හොඳටම බය වුණා. (නි)
විජේපාල, ඔයාට මට අපි හැමෝටම තේරෙන දේ බෝඩ් එකට තේරෙන්නේ නැහැ. කපුගෙදර තිසර ධනුෂ්ක ඇතුළට යවන්නම ඕනෑ. අත්හදා බලන්න වෙලාව නැහැ (නි)
ඔහොම යමු. චන්දිමාල් ටිකක් එළියේ තියන්න.ආයේ අවස්ථාවක් කුසල්ට දෙන්න. තිරිමාන්න මිලින්ද ආයේ ගෙනෙන්න (නි)
ගාමිණී, ඔයා හරි. කුලසේකර ඇතුළට එන්නත් ගාමිණී කියන අය කැපෙන්නත් හේතුව කුමක්ද? (නි)
තරඟයක් දීලා ලකුණු 300 ගහලා තරඟය පැරදුනත් කමක් නැහැ. කමෝන් ශ්‍රී ලංකා! චන්දිමාල් අස්කරපු එක ලොකු දෙයක් (නි)
ස්තුතියි කොල්ලනේ ලකුණු 300 ගැහුවට! මට දැන් තරඟය දිනුවා වගේ සතුටක් දැනෙනවා. කොහොමහරි ට්‍රයි කරලා තව ලකුණු 50 ගහපල්ලා. දිනුම පැරදුම වැඩක් නැහැ. ලොකු දෙයක් (නි)
සිංහයින්ගේ නැගිටීමට ජය වේවා! (නි)