ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (4 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්රිකාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම ඕවර 39.2 කදී ලකුණු 163 කට දැවී ගිය අතර දකුණු අප්රිකාව ඕවර 32 කදී කඩුලු 3 කට ලකුණු 164 ක් ලබාගනිමින් තරගාවලියේ ජය කල් තියාම හිමිකර ගත්තේය.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර විචාරය සඳහා
http://tinyurl.com/j7dezsk වෙත පිවිසෙන්න
තරගයේ විස්තරාත්මක ක්රිකට් තොරතුරු සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැඩකට නැති චන්දිමාල් ව ඉවත් කර නවකයෙකුට තැන දෙන්න , (අ)
අපි මේ ට්රයි කරන්නේ ලකුණු 200 ගහගන්න .(අ)
තිසර පෙරේරා කොහෙද දැන්? (නි)
අපිට ගහන්න පුළුවන් උපරිම ගණන තමයි ඔය ගහලා තියෙන්නේ. ක්රීඩකයින්ට ලක්ෂ ගණන් පඩි පුහුණුකරුවන්ට ලක්ෂ ගණන් පඩි. පාසල් කණ්ඩායමක් දකුණු අප්රිකාවට යැවුවා නම් මීටවඩා හොඳයි නේද. (නි)
අර විශ්රාම ගිහිල්ලා ඉන්න තිලාන් සමරවීර, ප්රසන්න ජයවර්ධන වැනි අය නැවත කැඳවාගෙන එන්න වෙලා. දැන් අපි තරඟ දිනීම කෙසේවෙතත් ඕවර 50 තුළ ලකුණු 200 ක් ගහගන්න පුරුදු වෙන්න ඕනෑ. මේ තත්වය මත බංගලාදේශයට ගියත් අපි පරාදවෙනවා. චන්දිමාල් වෙනුවට රංගන හේරත් යැවුවා නම් ඔහු අඩුමතරමේ ලකුණු 20 වත් ගහලා දෙයි. හරිම කණගාටුදායක තත්වයක් (නි)
දැන්නම් කාලයකට ලංකාවේ ක්රිකට් නවත්වන්න වෙනවා (නි)
තේරීම් කමිටුව මෙම පරාජයට වගකීම බාරගත යුතුයි. තේරීම් කමිටුව වගකීමෙන් කටයුතු කළයුතුයි. තරඟ 28 කදී නවකයින් 15 කණ්ඩායමට ගෙනවිත් අත්හදාබැලීම් නොකඩවා කරමින් සිටිනවා. හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට ස්ථාවරවීමට දියයුතුයි (නි)
අපිට නම් ලැජ්ජයි මේවා ගැන කතාකරන්නත් (නි)
ඒකට කමක් නැහැ. දේශපාලකයෝ ක්රීඩාවට අත ගහපුවම ඔය ප්රතිඵලත් හොඳටම ඉහළයි. (නි)
අපගේ පිතිකරණය දියුණු කරගත යුතුය (නි)
අපිට නම් ලැජ්ජයි (නි)
අපෝ ලැජ්ජාවේ ඇහැ. අපිට ලකුණු 200 ගහගන්නත් බැහැ (නි)
පරිණත ක්රීඩකයින් කණ්ඩායමේ නැහැ. ටිකක් කල් දෙන්න ඕනේ ස්ථාවර වෙන්න . ඉස්සරහට එන්නේ අලුත් අයට. නමුත් ඔවර් 50 වත් ක්රීඩා කිරීමට වගබලාගත යුතුය.(ම)
තේරීම් කමිටුව ඉවක් බවක් නැතුව අලුත් නවකයන් ගෙනල්ලා අනාථ කරනවා. කණ්ඩායමේ පළපුරුදු කට්ටිය නැහැ. වෙන රට වල නම් මේ වෙලාවට පරණ කට්ටිය ගේනවා. කුසල්, තිරිමාන්න, තිසර, කන්දම්ම්බි, මිලින්ද සිරිවර්දන මේ අය කෝ? සීක්කුගේ අැයි නැත්තේ (නි)
දැනට නම් හොඳට ගහගෙන යනවා තරගය දිනීම කෙසේවෙතත් ලකුණු 200 ගැහුවොත් ලොකු දෙයක් ,අඩුම තරමේ ලජ්ජාවෙන් බේරෙන්න පුළුවන් (අ)