IMG-LOGO

දකුණු අප‍්‍රිකාව ලකුණු 32 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කරයි

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (22) පස්වරුවේ පැවැති තරගයේදී දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ ලකුණු 32 කින් සත්කාරක ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ. මෙම තරගය පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත තිබූණ ද සූරියවැව ප‍්‍රදේශයට ඇද හැලූණු වර්ෂව හේතුවෙන් පැය දෙකයි විනාඩි 30 ක ප‍්‍රමාදයකින් පසු පස්වරු 6.00 ට ආරම්භ විය. ප‍්‍රමාදය නිසා ඉනිමක්  ඕවර 7 කට සීමා විය. දකුණු අප‍්‍රිකාව  ඕවර 7 කදී කඩුලූ 4 ට 78 (හෂීම් අම්ලා 16, ෆාෆ් ඩූ ප්ලෙසිස් 13, ඒ. බී. ඩිවිලියස් 30, ජේ. පී. ඩුමිනි නොදැවී 12) ශ‍්‍රී ලංකාව  ඕවර 7 කදී කඩුලූ 5 ට 46 (ඩිල්ෂාන් මුණවීර 13, කුමාර් සංගක්කාර 13, ඬේන් ස්ටෙයින් 10/2)



අදහස් (0)

දකුණු අප‍්‍රිකාව ලකුණු 32 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කරයි

දර්ශන Saturday, 22 September 2012 08:30 PM

මහෙලත් දැන් සනත් ගෙ අන්තිම කාලේ වගේ තමයි. ඇවිල්ල අතගගා ඉදලා අවුට් වෙලා යනවා. ඉදල හිටල තමයි හරියට ගහන්නෙ. කලින්ම ඇවිල්ල බොල ටිකත් කාල කණ්ඩායම පරදවාලා යනවා යන්න. අනික අපෙ ටීම් එකේ පන්දු යවන්නො නැ නේ. ඒ වෙනුවට ඉන්නෙ තුන් ඉරියවු ක්‍රිඩකයො.(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 23 September 2012 03:11 PM

මගේ හදගැස්මත් නතර වුණා. කමක් නැහැ. තව ටිකක් ඉවසමු. (නි)

:       0       0

වසන්ත Saturday, 22 September 2012 08:25 PM

මෝඩ තීරණ ගැනීමේත් යම් සීමාවක් තිබිය යුතුයි. (නි)

:       0       0

ගුණදාස Saturday, 22 September 2012 08:45 PM

අයි පී.එල් වගේ සල්ලි ලැබෙන්නෙත් නැහැනෙ..!(නු)

:       0       0

දර්ශන Saturday, 22 September 2012 09:08 PM

මහේලත් දැන් සනත් ගෙ අන්තිම කාලේ වගේ. ඉදල හිටල තමා හරියට සෙල්ලම් කරන්නෙ. ඇවිල්ල බොල ටිකත් කාලා කණ්ඩායමත් අනාථ කරල යනව යන්න. අනික අපෙ කණ්ඩායමෙ පන්දු යවන්නො නැනෙ. ඔක්කොම ඉන්නෙ තුන් ඉරියව්.(නු)

:       0       0

චමින්ද Tuesday, 25 September 2012 09:54 AM

අයියෝ සල්ලි කණගාටුයි

:       0       0

කුරුවිට Sunday, 23 September 2012 03:40 PM

ක්‍රිකට් නොබලා හිටියහම හරි. (නි)

:       0       0

කේ. සංජීව Saturday, 22 September 2012 09:15 PM

මාලිංග ගැන හරි දුකයි.. අයිපීඑල්වල ඉතාම හොදට බෝල දානවා.. ඇයි රට වෙනුවෙන් දෙයක් කරන්න බැරි.. මගේ අදහස නම් මාලිංග කණ්ඩායමෙන් අයින් කරන්න ඕන..!(නු)

:       0       0

දමිත් Saturday, 22 September 2012 10:20 PM

ඊළග තරගය දිනන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

බුද්ධික Sunday, 23 September 2012 05:41 PM

බයවෙන්න එපා. අපේ අය ඉන්නේ අවසාන තරගයේදී හොදට ගහන්නනේ. (නි)

:       0       0

කැල්වින් Sunday, 23 September 2012 01:04 AM

එස්.එල්.පී.එල්. ගැන පම්පෝරි ගහපු කට්ටියට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ අපේ ක්‍රිකට් තියෙන්නේ කොහේද කියලා? (නි)

:       0       0

සරත් Sunday, 23 September 2012 06:44 PM

හරියට බෝල දමන්න කියලා මම මාලිංගගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

දිල්කි Sunday, 23 September 2012 07:22 AM

එකක් දෙකක් පැරදුනාට කමක් නැහැ

:       0       0

දුෂාන්ත Sunday, 23 September 2012 08:47 PM

නායකත්වයේ දුරවලකමත් මීට බලපෑවා (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 23 September 2012 09:38 AM

අයියෝ සල්ලි

:       0       0

ජගත් වීරසිංහ Sunday, 23 September 2012 09:39 AM

කාටවත් බැනලා වැඩක් නෑ. මේ ක්‍රීඩාව වාසනාවත් සමග බැඳුණු ක්‍රීඩාවක්

:       0       0

රසිකා Sunday, 23 September 2012 11:20 AM

අපේ කණ්ඩායම හොදයි (නි)

:       0       0

නුවන් Sunday, 23 September 2012 11:38 AM

කොහොමද එහෙම උනේ

:       0       0

සිසිර Sunday, 23 September 2012 11:54 AM

වැඩක් නැහැ කියලා මේවා. (නි)

:       0       0

නිශාන් Sunday, 23 September 2012 02:13 PM

අපේ මහේලගේ නුවණක්කාර තීරණ නිසා තරගය ලැජ්ජාශීලීව පරාජය වුණා. (නි)

:       0       0

නිශාන් Sunday, 23 September 2012 02:14 PM

තිසර, මැතිව්ස් ආරම්භයට ආවානම් තරගය දිනන්න තිබුණා. (නි)

:       0       0

සංජිව Sunday, 23 September 2012 02:27 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 73 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 631 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site