විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (22) පස්වරුවේ පැවැති තරගයේදී දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ ලකුණු 32 කින් සත්කාරක ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.
මෙම තරගය පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත තිබූණ ද සූරියවැව ප‍්‍රදේශයට ඇද හැලූණු වර්ෂව හේතුවෙන් පැය දෙකයි විනාඩි 30 ක ප‍්‍රමාදයකින් පසු පස්වරු 6.00 ට ආරම්භ විය. ප‍්‍රමාදය නිසා ඉනිමක් ඕවර 7 කට සීමා විය.
දකුණු අප‍්‍රිකාව ඕවර 7 කදී කඩුලූ 4 ට 78 (හෂීම් අම්ලා 16, ෆාෆ් ඩූ ප්ලෙසිස් 13, ඒ. බී. ඩිවිලියස් 30, ජේ. පී. ඩුමිනි නොදැවී 12)
ශ‍්‍රී ලංකාව ඕවර 7 කදී කඩුලූ 5 ට 46 (ඩිල්ෂාන් මුණවීර 13, කුමාර් සංගක්කාර 13, ඬේන් ස්ටෙයින් 10/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද එහෙම උනේ
අයියෝ සල්ලි කණගාටුයි
නායකත්වයේ දුරවලකමත් මීට බලපෑවා (නි)
හරියට බෝල දමන්න කියලා මම මාලිංගගෙන් ඉල්ලනවා. (නි)
බයවෙන්න එපා. අපේ අය ඉන්නේ අවසාන තරගයේදී හොදට ගහන්නනේ. (නි)
ක්රිකට් නොබලා හිටියහම හරි. (නි)
මගේ හදගැස්මත් නතර වුණා. කමක් නැහැ. තව ටිකක් ඉවසමු. (නි)
අයියෝ සල්ලි
තිසර, මැතිව්ස් ආරම්භයට ආවානම් තරගය දිනන්න තිබුණා. (නි)
අපේ මහේලගේ නුවණක්කාර තීරණ නිසා තරගය ලැජ්ජාශීලීව පරාජය වුණා. (නි)
වැඩක් නැහැ කියලා මේවා. (නි)
මහෙලත් දැන් සනත් ගෙ අන්තිම කාලේ වගේ තමයි. ඇවිල්ල අතගගා ඉදලා අවුට් වෙලා යනවා. ඉදල හිටල තමයි හරියට ගහන්නෙ. කලින්ම ඇවිල්ල බොල ටිකත් කාල කණ්ඩායම පරදවාලා යනවා යන්න. අනික අපෙ ටීම් එකේ පන්දු යවන්නො නැ නේ. ඒ වෙනුවට ඉන්නෙ තුන් ඉරියවු ක්‍රිඩකයො.(නු)
අපේ කණ්ඩායම හොදයි (නි)
කාටවත් බැනලා වැඩක් නෑ. මේ ක්‍රීඩාව වාසනාවත් සමග බැඳුණු ක්‍රීඩාවක්
අයියෝ සල්ලි
එකක් දෙකක් පැරදුනාට කමක් නැහැ
එස්.එල්.පී.එල්. ගැන පම්පෝරි ගහපු කට්ටියට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ අපේ ක්‍රිකට් තියෙන්නේ කොහේද කියලා? (නි)
ඊළග තරගය දිනන්න උත්සාහ කරන්න. (නි)
මාලිංග ගැන හරි දුකයි.. අයිපීඑල්වල ඉතාම හොදට බෝල දානවා.. ඇයි රට වෙනුවෙන් දෙයක් කරන්න බැරි.. මගේ අදහස නම් මාලිංග කණ්ඩායමෙන් අයින් කරන්න ඕන..!(නු)
මහේලත් දැන් සනත් ගෙ අන්තිම කාලේ වගේ. ඉදල හිටල තමා හරියට සෙල්ලම් කරන්නෙ. ඇවිල්ල බොල ටිකත් කාලා කණ්ඩායමත් අනාථ කරල යනව යන්න. අනික අපෙ කණ්ඩායමෙ පන්දු යවන්නො නැනෙ. ඔක්කොම ඉන්නෙ තුන් ඉරියව්.(නු)
අයි පී.එල් වගේ සල්ලි ලැබෙන්නෙත් නැහැනෙ..!(නු)
මෝඩ තීරණ ගැනීමේත් යම් සීමාවක් තිබිය යුතුයි. (නි)