ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (15) සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ කඩුලූ 4 කින් පරාජයට පත්විය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවේ තරගාවලියේ දෙවැනි වටයට (සුපිරි අට) සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල පළමු වටයේ තරග තුනේදී බංග්ලාදේශය සහ දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජයට පත්වූ අතර නැමීබියාවට එරෙහිව තරගය ජය ලැබීය. බංග්ලාදේශය සහ නැමීබියාව අතර ‘ඞී’ කාණ්ඩයේ හෙට පැවැත්වෙන අවසන් තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත්වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට සුපිරි අට වටයට පැමිණීමේ අවස්ථාව හිමිවේ. බංග්ලාදේශය ජය ලැබුහොත් ශ්‍රී ලංකාවට එතැන් සිට ‘පළඟ’ ශූරතාව සඳහා තරග කිරීමට සිදුවේ. ශ්‍රී ලංකා පිල ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 150 (නිරෝෂන් දික්වැල්ල 12, ළහිරු මධුසංඛ 19, පුලින තරංග නොදැවී 50, සී. ඞ්ර්යි 16/4) දකුණු අප‍්‍රිකානු පිල ඕවර 33 කදී කඩුලූ 6 ට 153 (ටී. බී. ඩි බෘයින් 42, සී. ජේ. බොවිස් 46, සනිත ද මෙල් 32/2, තරිඳු කෞෂාල් 28/3)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ග්ලාදේශ් ඇතුලෙ අපි එලියෙ. (ස)
අනේ මන්දා. මීට වැඩිය හොදට අපේ පැතිවල පාරවල් වල පොඩි ළමයිනුත් සෙල්ලම් කරනවා මම දකිනවා. (නි)
අනාගතේ ක්‍රිකට් අනතුරේ?? (ස)
19 පහළ කණ්ඩායමේ කිසිම දක්ෂකමක් නැහැ නේ? යැව්වේ හොදම කට්ටිය නේද?(නු)
අපිට දැන් පරදිනවා කියන එක බොහොම හුරුපුරුදුයි. (නි)