ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (15) සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ කඩුලූ 4 කින් පරාජයට පත්විය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවේ තරගාවලියේ දෙවැනි වටයට (සුපිරි අට) සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල පළමු වටයේ තරග තුනේදී බංග්ලාදේශය සහ දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජයට පත්වූ අතර නැමීබියාවට එරෙහිව තරගය ජය ලැබීය. බංග්ලාදේශය සහ නැමීබියාව අතර ‘ඞී’ කාණ්ඩයේ හෙට පැවැත්වෙන අවසන් තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත්වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට සුපිරි අට වටයට පැමිණීමේ අවස්ථාව හිමිවේ. බංග්ලාදේශය ජය ලැබුහොත් ශ්‍රී ලංකාවට එතැන් සිට ‘පළඟ’ ශූරතාව සඳහා තරග කිරීමට සිදුවේ. ශ්‍රී ලංකා පිල ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 150 (නිරෝෂන් දික්වැල්ල 12, ළහිරු මධුසංඛ 19, පුලින තරංග නොදැවී 50, සී. ඞ්ර්යි 16/4) දකුණු අප‍්‍රිකානු පිල ඕවර 33 කදී කඩුලූ 6 ට 153 (ටී. බී. ඩි බෘයින් 42, සී. ජේ. බොවිස් 46, සනිත ද මෙල් 32/2, තරිඳු කෞෂාල් 28/3)
2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු අප‍්‍රිකාව කඩුලූ 4 කින් ශ්‍රී ලංකා යොවුන් පිල පරදවයි
දර්ශන Thursday, 16 August 2012 02:51 PM
බන්ග්ලාදේශ් ඇතුලෙ අපි එලියෙ. (ස)
නිරංජන් Thursday, 16 August 2012 09:23 AM
අනේ මන්දා. මීට වැඩිය හොදට අපේ පැතිවල පාරවල් වල පොඩි ළමයිනුත් සෙල්ලම් කරනවා මම දකිනවා. (නි)
සිසිර Thursday, 16 August 2012 09:20 AM
අනාගතේ ක්‍රිකට් අනතුරේ?? (ස)
රන්මල් Thursday, 16 August 2012 11:39 AM
19 පහළ කණ්ඩායමේ කිසිම දක්ෂකමක් නැහැ නේ? යැව්වේ හොදම කට්ටිය නේද?(නු)
සජී Thursday, 16 August 2012 01:28 PM
අපිට දැන් පරදිනවා කියන එක බොහොම හුරුපුරුදුයි. (නි)