සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී අද (3) ආරම්භ වු තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල මීට සුළු මොහොතකට පෙර කඩුලූ 1 ක් දැවී ලකුණු 25 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. වේගපන්දු යවන ධම්මික ප‍්‍රසාද් ශ්‍රී ලංකා පිලට එක්වෙමින් දකුණු අප‍්‍රිකානු නායක ගේ‍්‍රඒම් ස්මිත් ලකුණු 16 කට දවා ගත්තේය. තරංග පරණවිතාන වෙනුවට ළහිරු තිරිමාන්න ද කණ්ඩායමට එක්ව සිටියි. දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන නිසා දෙපිලටම මෙම තරගය තීරණාත්මක වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි