බොහෝ කාලයක සිට මැටි හා වැලි කැපීමෙන් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුවන  පරිසර විනාශය වැළැක්වීමට සියලුම රාජ්‍ය ආයතනවල එකතුවකින් නියාමන කමිටුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දන්කොටුව  ප්‍රාදේශීය ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා පවසයි.

ප්‍රදේශයේ කර්මාන්තවලට හා නිෂ්පාදන වලට අවශ්‍ය මැටි හා වැලි කැපීමට මුවා වි ජාවාරම්කරුවන් මා ඔය රක්ෂිත භුමිය හා මා ඔයේ ඉවුරු විනාශ කරමින් බලපත් කොන්දේසි උල්ලංඝණය කරමින්   පරිසරය විනාශ කිරිම වැලැක්වීම මෙහි අරමුණ බව ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.