IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන

(මනෝප්‍රිය ගුණසේකර)

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ  ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ (09) පැමිණිලි කළේය.

අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතික කොටහාරාලපල්ලි කොඩිඩප්පයියා නඩරාජා මහතාගේ කොළඹ, රොස්මිඞ් පෙදෙසේ පිහිටි කාර්යාලයට පෙරේදා (08) පැමිණි කොටි බුද්ධි අංශ සාමාජිකයකු ලෙස හඳුන්වා ගත් ජෝශප් නමැත්තකු නඩරාජා මහතා පිළිබඳව විමසා ඇති බවත් මෙය නඩරාජා මහතාගේ ජීවිතයට එල්ලවූ තර්ජනයක් ලෙස සලකන බවත් අසිත ඇන්තනි මහතා කීය.

නඩරාජා මහතා ඒ අවස්ථාවේදී කාර්යාලයේ සිට නැතැයිද කොටි බුද්ධි අංශ සාමාජිකයකු ලෙස හඳුන්වා ගනිමින් පැමිණි ජෝශප් නමැත්තා කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනිය හමුවී තමන්ට නඩරාජා මහතා හමුවීමට අවශ්‍ය බවත් තමා පැමිණියේ ඔහුට උදව් කිරීමට බවත් පවසා ඇතැයිද අසිත ඇන්තනි මහතා පැවසීය. 

නඩරාජා මහතා කාර්යාලයේ නොමැති බව පිළිගැනීමේ නිලධාරිනිය ජෝශප් නමැත්තාට දැනුම් දුන් විට ඔහු නඩරාජා
මහතාගේ දුරකතන අංකය ඉල්ලා ඇතත් ඇය ඔහුට දුරකථන අංකය ලබාදී නැතැයි අසිත ඇන්තනි මහතා කීය. මේ
පුද්ගලයාගේ පැමිධෑමත් ඔහු නඩරාජා මහතා පිළිබඳව විමසීමත් ඒ මහතාගේ ජීවිතයට එල්ලවූ තර්ජනයක් ලෙස සලකන බව කී ඇන්තනි මහතා මේ සම්බන්ධයෙන් නඩරාජා මහතාගේ කාර්යාලයේ නිලධාරීන් ඊයේ (09) කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබූ බවද දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින්
මෙයට තම සේවාදායකයන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද මෙය තම සේවාදායකයන් අමාරුවේ දැමීමට කිසියම්
පුද්ගලයකු විසින් කරන ලද්දක් විය හැකි බවද පැවැසීය.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා මෙම  පැමිණිල්ල කළේ ශ්‍රී ලංකා ආයෝජන
මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ‘එම්.ජී. ෂුගර් පුද්ගලික සමාගම’ට පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.



අදහස් (2)

දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන

juwanis Thursday, 10 May 2018 05:34 AM

දැන් ඉතින් කියයි රාජපක්ෂලා තමයි තර්ජනය කරන්නේ කියලා.

:       106       79

Sapumal Thursday, 10 May 2018 06:34 AM

කොඩිඩප්පයියා මහතා අසාධාරණය නොඉවසන හොඳ නිර්භීත කෙනෙකු වෙනවා. වෙනත් රටක ඉඳගෙන එහි ප්‍රධාන පුටුවේ බලවතෙකුට විරුද්ධව ගත් මෙම ක්‍රියාව ඉතාමත්ම වටිනවා. එසේ නොවුනානම්, මේ අය සැමදා කාටවත් නොදැනෙන්න දිගටම හොරකම් කරාවි. මේ සත්ත්‍ය හෙළිවීම ඉතාමත් වටිනා දෙයක්. ඒ නිසා ඔහු ආරක්ෂා කල යුතුයි.

:       0       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 290 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site