හැටන් - දික්ඔය නගර සභා ලේකම්වරිය ඇතුළු 25 දෙනෙක් අද වරුවක නිවාඩු ලබා ලිපිකාරිණියකගේ මගුල් ගෙදර යාම නිසා පොදු වැඩ සියල්ලම අඩාල විය.
සේවකයෝ තිදෙනෙක් පමණක් කාර්යාලයේ රැඳී සිටියහ.
විශාල පිරිසක් මෙසේ එකවර නිවාඩු ගැනීම වරදක් බවත් පළාත් පාලන නිලධරයෝ කියති.
හැටන් - දික්ඔය නගර සභා ලේකම්වරිය ඇතුළු 25 දෙනෙක් අද වරුවක නිවාඩු ලබා ලිපිකාරිණියකගේ මගුල් ගෙදර යාම නිසා පොදු වැඩ සියල්ලම අඩාල විය.
සේවකයෝ තිදෙනෙක් පමණක් කාර්යාලයේ රැඳී සිටියහ.
විශාල පිරිසක් මෙසේ එකවර නිවාඩු ගැනීම වරදක් බවත් පළාත් පාලන නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රාජ්‍ය සේවකයෝ , පඩි ගන්න විතරයි මෙයාල ඉන්නේ මහජනතාවට සේවය කරන්න කවුරුත් නෑ.(හේ)
මෙන්න නියම රාජ්‍ය සේවකයෝ, (ත)
පැය බාගේ අඩු කරනවට කැගහපු අය මේවට මොකද දන්නේ නෑ කියන්නේ? (ත)
මේක ප්‍රශණයක් නෙවේ දින 60 ක් 70 වක් නිවාඩු තියනේ ලංකාවට (ම)
ලිපිකාරිනියකගේ මගුල් ගෙදර තියෙන්නේ එයාගේ ජීවිතයේ එකවරක් විතරයි නේ. (ත)
එතකොට රාජකාරියක් කරගන්න එන කෙනාට ලැබෙන පිළිතුර අද ස්ටාෆ් ෂෝට් හෙට එන්න කියන එකනේ. මේවා වෙනස් කරන්න යන පුද්ගලයාට සමහරවිට මැරුම් කන්න ඉඩ තිබෙනවා. මන්ද ඔවුන්ගේ අයිතිවාසිකම් වලට අත තියන්න හදනවා කියා. නමුත් ඔවුන් දැනගෙන සිටිය යුතුයි පඩිපත ලබාගන්න හැකි වන්නේ ආයතනයට එන සේවාදායකයන් නිසාවෙනි කියන දෙය. චන්න බුවනක හරි විසඳුම කියා තිබෙනවා. (නදී)
ලංකාවේ අවුරුද්දටම රජයේ නිවාඩු පමණක් 42 ක් සෙනසුරාදා ඉරිදා පෝය හැර තිබෙනවා නේද ?අපිට මුළු අවුරුද්දටම රජයේ පෙඩරල් නිවාඩු අනුමත වී තිබෙන්නේ දවස් 10ක් පමණයි. මේක කීවා කියල මට බනින්න එපා. මම මතක් කිරීමක් පමණයි කලේ. (නදී)
හම්බුන රුපියල් 5000න් සුට් එකක් අරගෙන , අලුත් බයිසිකලේ නගර සභාවේ නවත්තල මගුල් ගෙදර යන්න බස් එකට නැග්ගා විතරයි , ඒක පොටෝ ගහල පත්තරේටත් දාල. (බ)
නන්දලාල් මහත්තයෝ, ඔබතුමා ජීවත්වෙන්නේ ප්‍රංශයේද කියන එකත් මට ප්‍රශ්නයක් ? දියුණු රටක මේ දේ සිදු වුනා නම්,විෂයභාර ඇමතිතුමා ඊට පසුදාම ඉල්ලා අස්වෙනවා. (බ)
විජිත හරි,ලෝකයේ නිවාඩු වැඩිම රට ලංකාව.ඒකයි අපි මෙච්චර දියුණු. (බ)
මම වරක් තංගල්ල උප දිසාපති කාර්යාලයට ගිය දවසක එතන සියලු දෙනාම අවුරුදු සැමරුමක් කාලා දවල් 12 ත් පහුවෙනකම් මිනිසුන් සිය ගණනක් රස්තියාදු වෙද්දී. මක තමයි රජයේ සේවයේ නියම තත්වය. (නදී)
නියම පළාත් පාලන ආයතනයක්. මෙම කාර්යාලයේ සිටින ඉහලම නිලධාරියාව වසරේ හොදම නිලධාරිය කරන්න ඕනා. (ම)
රාජ්‍ය අංශයේ ගොඩක් තැන්වල මේවගේ දේවල් සිද්ධවෙන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ (බ)
ඕක ඉතින් ලොක්කාගේ වැරැද්ද රාජකාරිය ගැන ටිකක් හොයල බලන්න ඕනි නේද?. (බ)
හොරට ගියා නම් හරිනේ! (නි)
හෝව් හෝව් මෙතන කාටත් අමතක උනානේ මේ අය නිවාඩු දාපු වග, ඇයි අප්පා ගොඩක් වෙලාවට වෙන්නේ හොරෙන් පැනල ගිහින් හවසට ඇවිල්ල අත්සන ගහන එකනේ. (ම)
හැමදේම වැරදි විදිහට දකින්න එපා. මේ වගේ දේවල් වෙනවා.කාගේත් හිත ගත් කෙනෙකුගේ මඟුල් ගෙදරට මෙහෙම කට්ටියම ගිය එක මනුස්සකමක්. (නි)
අපරාදේ ඔෆිස් එක වහලා අනිත් තුන් දෙනාටත් යන්න තිබ්බේ.(හේ)
සෙනසුරාද, ඉරිදා දවසක ගියා නම් හරිනේ.(හේ)
අනේ නිකන් බොරු අදහස් නොදා ඉන්න මහත්වරුනි. ඒ අයට ආරාධනා කරලා තියන දවසේ යන්නේ නැතිව හෙට යන්නද ? අනික ඒ අය වරුවයි නේ නිවාඩු දාල තියන්නේ. මේ දේවල් ගැන ඔයිට වැඩිය උපේක්ෂවෙන් බලන්න ඕනි. (නදී)